VB 6.0 (14) Variables

Declaring variable (විචල්‍යයක් සැකසීම)


පරිගණක භාෂාවක් භාවිතයේ දී විචල්‍යයන් භාවිතය අතිශයින්ම වැදගත් කටයුත්තක්. ඒ නිසාම මෙය නිසි අයුරින් වටහා ගැනීමත් වැදගත්.

VB වල දී විචල්‍යයක් සකසාගන්නේ මෙහෙමයි. මෙකට භාවිතා වන ඉංග්‍රීසි යෙදුමත් දැන සිටින්න ඕනි. Declaring variable කියලා තමයි භාවිතා කරන්නේ. පහත දැක්වෙන්නේ ඒ සඳහා නිදර්ශනයක්,


Dim firstName As String


මේකේ firstName කියන්නේ විචල්‍යෙය් නැතිනම් Variable එකේ නම. String කියලා හැදින්වෙන්නේ එම චිචල්‍ය සඳහා යොදා ගන්නේ අකුරු බව තහවුරු කිරීමයි.


බලන්න පහත උදාහරණය දෙස.
Dim num as integer
මෙහි විචල්‍යය වන්නේ num වන අතර integer ලෙසින් හඳුන්වන්නේ සංඛ්‍යා යන්නයි. 


ඒ අනුව මෙම Declare කිරීමෙන් කියවෙන්නේ num විචල්‍යය සංඛ්‍යා සඳහා වන බව තීරණය කර ඇති බවයි.

මේ ආකාරයට අපි variable එකක් Declare කර ගත්තායින් පසුව කළ යුත්තේ එම variable එකට වටිනාකමක් (Value) එකක් ලබා දීමයි. 


Assign values to variables (විචල්‍යයන් සඳහා වටිනාකම් ලබා දීම)

මේ සඳහා භාවිතා කරන සාමින්‍ය පිළිවෙල තමයි 

Variable=Expression (value) 

Expression එක සඳහා a number, a string, a Boolean value (true or false) එකක් භාවිතා කරන්න පුළුවන්.


නිදර්ශන 01
Dim firstName As String
Dim secondName As String
Dim yourName As String

 Private Sub Command1_Click()
    firstName = Text1.Text
    secondName = Text2.Text
    yourName = secondName + "  " + firstName
            Label1.Caption = yourName
End Sub
ඉහත නිදර්ශනයේ variables තුනක් ලබා ගෙන තියෙනවා. firstName, secondName සහ yourName ලෙස. ඒ සඳහා වටිනාකම් textbox1 සහ textbox2 තුළින් ලබා ගෙන තියෙනවා. yourName කියන variable එකට firstName, secondName කියන variable දෙකේ වටිනාකම් එකතු කර ඇති අතර label1 එකේ මගින් yourName variable එකේ ඇති අගය පෙන්නුම් කරනවා.


ඔබත් මෙය අත්හදා බලමින් විචල්‍යයන් ක්‍රියා කරන ආකාරය තේරුම් ගන්නට උත්සාහ ගන්න. ගැටළුවක් ඇත්නම් Comment එකක් දාන්න.



No comments: