Home » » පරිගණක භාවිතා කර කියවන විට ලිවීම

පරිගණක භාවිතා කර කියවන විට ලිවීම

Written By Saman Bandara Herath on Sunday, August 20, 2017 | 8:32 PM

පරිගණක භාවිතයේදි යතුරු ලියනය කිරීම සුවිශේෂ කටයුත්තක් වෙලා තිබුනා  මේ වනතුරු. නමුත් google සමාගම සහ helakuru කණ්ඩායම නිර්මාණය කරල තියෙන කියවන විට ලිවීමේ මෘදුකාංග නිසා සිංහල යතුරු ලියනය ඉදිරියේදී වඩාත් පහසු සහ කාර්යක්ෂම එකක් වනු ඇත. මෙම වැඩසටහන දෙකම ඉතාමත් සාර්ථකව නණලළ භේදය ද සහිතව ක්‍රියාත්මක වන බැවින් මේ පිළිබඳව සතුටුදායක බලාපොරොත්තු තබාගත හැකි.

ජංගම සන්නිවේදන උපකරන භාවිතය බහුලව පවතින වර්තමාන සමාජය සඳහා එක් කරන ලද මෙම මෘදුකාංගය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මෙවලම් භාවිත කරන සහ සිංහල භාවිත කරන සියලු දෙනාටම සුවිශේෂ නිර්මාණයක් වනු ඇත.

මෙම පෝස්ටුව ජංගම දුරකතනයකින් කියවන විට ලියන මෘදුකාංගයක් භාවිත කරමින් අත්හදා බැලීමට ලියන ලද පළමු පෝස්ටුවයි. පසුගිය කාලයේදී කිසි යම් පසුබෑමකට ලක් වුණ මෙම සටහන් පොතේ ලිපි ලිවීම නැවත වරක් සක්‍රීයව ආරම්භ කිරීමට මේ සමගම මෙම තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

0 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...