Adobe Photoshop Cs5 භාවිතය

Adobe Photoshop Cs4/5 භාවිතය.
  • Adobe Photoshop හඳුනාගනිමු.
Adobe Photoshop යනු Digital ඡායාරූප සංස්කරණ කටයුතු සදහා ලොව වැඩියෙන්ම භාවිතා වන ඉතාමත් විශිෂ්ඨ මෘදුකාංගයක්.
Adobe Photoshop ඉදිරිපත් කරණුයේ Adobe ආයතනය විසින්.Adobe Photoshop සංස්කරණයන් දෙකක් මිලදී ගන්නට හැකියි ඒ Adobe Photoshop සහ Adobe Photoshop Extended යන සංස්කරණයන් දෙක.සමාන්‍යෙයන් Adobe Photoshop සංස්කරණයක් ලංකාවෙ මුදලින් රුපියල් 70,000 ක් පමණ වන අතර.Adobe වෙබ් අඩවියට පිවිස ඔබට මේ පිළිබද වැඩි විස්තර දැනගත හැකියි.

Adobe Photoshop මෘදුකාංගයේ මේ වන වට සංස්කරණ 12 ක් නිකුත්වී තිබෙනවා.Adobe Photoshop 7 වන සංස්කරණය වන තුරු එම සංස්කරණයන් හැදින්වූයේ එම සංස්කරණයේ නමින් නමුත් Adobe Photoshop 8 වන සංස්කරණයේ පටන් එම සංස්කරණ CS [ Creative Suite ] යනුවෙන් හදුන්වනවා.මේ යටතේ මේ වන විට Adobe Photoshop CS 5 සංස්කරණය නිකුත් වී ඇත.
 මෙහිදී ඔබේ පරිගණකයේ ධාරිතාවයට ගැලපෙන සංස්කරණය තොරාගැනීමට සැලිකිලිමත් විය යුතුය.පහත සදහන්ව ඇත්තේ Adobe Photoshop සංස්කරණ කිහිපයක් සදහා ප්‍රමාණවත් පද්දති අවශ්‍යතාවන්ය.
Adobe Photoshop 7 – Pentium 3, 256 Ram
Adobe Photoshop CS 2 – Pentium 4, 512 Ram
Adobe Photoshop CS 3 – Dual Core 1.8 GHz, 1GB Ram
Adobe Photoshop CS 4 – Dual Core 1.8 GHz, 2GB Ram
Adobe Photoshop CS 5 – Core 2 Quard 64 bit, 4GB Ram

මෙහිදී සැලකිලිමත් විය යුතු එක් කරුණක්ද වේ එනම් Adobe Photoshop 7 සහ Adobe Photoshop CS 2 යන සංස්කරණ අතර Effects හැරෙන්නට එතරම් වෙනස්කමක් නොමැත.මේ නිසා ඔබේ පරිගණකය ධාරිතාවෙන් අඩු එකක් නම් තරමක් පැරණි Photoshop සංස්කරණයක් තොරාගන්න.
මෙම ලිපිය නැණත අඩවියෙන් උපුටා ගනු ලැබූවකි. නැණත වෙක යාමට මෙතන ක්ලික් කරන්න.
  • Vector Graphic & Raster Graphic.

    ග්‍රැෆික්ස් යනු චිත්‍ර යැයි හදුන්වන්නට පුළුවන.නමුත් එකම නිර්මාණයෙන් පිටපත් ගනනාවක් ගන්නට හැකි නම් සහ යම් චිත්‍ර නිර්මාණයක් පිටපත් කිරීම සදහා යම් මාධ්‍යක සටහන් කරණු ලබනවා නම් එය චිත්‍රයක් නොවේ ග්‍රැෆික්ස් එකකි.පරිගණක ආශයෙන් සිදු කරණු ලබන නිර්මාණද වැටෙන්නේ මේ ගණයටමය.

    නමුත් පරිගණකයේ දී ග්‍රැෆිකස් කොටස් දෙකකට බෙදේ.එනම්

    * වෙක්ටර් ග්‍රැෆික් [ Vector Graphic ]
    * රාස්ටර් ග්‍රැෆික් [ Raster Graphic ]
    ලෙසයි.මෙයින් ෆොටෝෂොප් සමග භාවිතා කරන්නේ Raster Graphic පමණි.Vector Graphic භාවිතා කරන්නේ Adobe Illustrator, Inkscape, Coral Draw, Quark X press සහ Free Hand යන මෘදුකාංග සමගිනි.

    * Vector Graphic

    Vector Graphic යනු ගණිතමය සිද්ධාන්ත පදනම් කරගෙන නිර්මාණය වන්නකි.එසේ නිර්මාණය වන දේ පරිගණකය තුල ගබඩා වන්නේද ගණතමය රූප ලෙසිනි.මෙම හේතුවෙන් Vector Graphic නිර්මාණයක් කිසිදු හානියකින් තොරව ඕනෑ තරම් විශාල කල හැකිය.එමෙන්ම මෙහිදී කොතෙක් විශාල කලත් Vector Graphic නිර්මාණයන් සදහා පදනම් කරගෙන ගණිත සිද්ධාන්තය විශාල නොවන නිසා පරිගණකයේ තැන්පත් කිරීමට වැඩි මෙමරි ප්‍රමාණයක් වැය නොවේ.

    Chilp Art වැනි දෑ මේ සදහා හොදම උදාහරණයක් වේ.

    Vector Graphic මෘද්‍රණ කටයුතු සදහා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.මෙසේ Vector Graphic මෘද්‍රණය කිරීම සදහා Post Script නම් විශේෂ ප්‍රින්ටර් වර්ගයක් ඇත.මෙම ප්‍රින්ටර් වලදී සිදු වන්නේ Vector Graphic හදුනාගෙන ඒවා ඒ ආකාරයෙන්ම මෘද්‍රණය කිරීමයි.එනම් ගණිත සූත්‍රය හදුනාගෙන ඒ ආකාරයට මෘද්‍රණය සිදු කිරීමයි.

    පහත දැක්වෙන්නේ විශාලනය කරන ලද එකම රූපය වෙක්ටර් සහ රාස්ටර් අවස්ථාවන්හිදී දැක්වෙන ආකරයයි.මෙහිදී ගණිතමය සිදුධාන්තය මත පදනම් වී ඇති වෙක්ටර් ග්‍රැෆික්ස් කෙතරම් විශාල කලත්  නිර්මාණයට වෙනසක් සිදු නොවීමත් රාස්ටර් ග්‍රැෆික්ස් විශාල කිරීමේදී නිර්මාණයට සිදු වන වෙනසත් දැකගත හැකිය.



    * Raster Graphic

    Raster Graphic සෑදී ඇත්තේ ගණිතමය සිද්ධාන්තය පදනම් කරගෙන නොවේ.Raster Graphic සෑදී ඇත්තේ කුඩා අංශූන් එක්වීමෙනි.ඡායාරූපකරණයේදී මෙම අංර්ශූන් Grain [ කණිකා ] ලෙසත් පරිගණකයේද මෙය Pixel ලෙසත් හදුන්වනු ලැබේ.මෙම Pixel වලට සම්මත හැඩයක් නොමැත.බොහෝ විට මේවා කොටු හැඩයක් ගනී.මෙම හේතුවෙන් Raster Graphic නිර්මාණයක් විශාල කිරීමේදී ඉහත රූපයේ ආකාරයට දිස්වේ.

    * Pixel

    Pixel යනු යම් රූපයක් සෑදී ඇති කුඩාම ඒකකයයි.එහි ප්‍රමාණය වර්ග අගලකට Pixel ප්‍රමාණය මත ලොකු හෝ කුඩා ලෙස දක්වයි.එනම් වර්ග අගලක් තුල Pixel 100 ඇති විට එක් Pixel එකක් විශාල වන අතර වර්ග අගලක් තුල Pixel 300 ඇති විට එක් Pixel එකක් ඉතා කුඩා වේ.එනම් [ අගලකට Pixel ] 100 ppi ඉමේජයක Pixel එකක් අගලින් 1/100 කි.එම ඉමේජයම 300 ppi වූ විට එහි Pixel එකක් අගලින් 1/300 කි.මෙම Pixel එකක් සෑදී ඇත්තේ එක් වර්ණයකිනි.මෙසේ ඇති Pixel මූලික වර්ණයන් එක්වී ඉමේජය සෑදේ.එමෙන්ම ඉමේජයක Pixel වැඩිවත්ම එහි ගුණාත්මක බව වැඩිවේ.නමුත් මුද්‍රණය සදහා නම් උපරිම Pixel ප්‍රමාණයක් තිබීම ප්‍රමාණවත්ය.

    * Resolution

    ඉහත සදහන් කළ Pixel මනිනු ලබන්නේ අගලකට ඇති පික්සල් ප්‍රමාණයෙනි [ PPI - Pixel Per Inch ].මෙසේ වර්ග අගලක් තුල ඇති Pixel ප්‍රමාණය Resolution නිම්න් හැදින්වේ.එමෙන්ම මෘද්‍රණයක ඇති ඇති Pixel මෘද්‍රණයක වර්ග අගලක ඇති තිත් [ DPI - Dot Per Inch ] ලෙසින් හදුන්වනු ලැබේ.මෙය Printer Resolution නම් වේ.මෙය ඔෆ්සේට් මෘද්‍රණයේදී වර්ග අගලක ඇති Pixel පේළි ගණන [ LPI - Lines Per Inch ] නමින් හදුන්වනු ලැබේ.   
මෙම ලිපිය නැණත අඩවියෙන් උපුටා ගනු ලැබූවකි. නැණත වෙක යාමට මෙතන ක්ලික් කරන්න.
ලිපි පෙළ ගැස්ම

Photoshop මෘදුකාංගයෙන් කළ නිර්මාණ කිහිපයක් (19 photos)


Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

මිතුරු කැල

Total Pageviews

About Me

My Photo
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරයෙක්

About.me

Google+ Followers

මාව අමතන්න

Name

Email *

Message *