KTechLab මෘදුකාංගයෙන් පරිපථ ගොඩනගමු. ක්‍රියාත්මක කර බලමු.


KTechLab

හන්තාලිනක්ස් සමඟ නොමිලයේ බෙදා හරින මෘදුකාංගයකි. එසේම මෙය වින්ඩෝස් මතද භාවිතා කල හැකි නිදහස් මෘදුකාංගයකි. විස්ඩෝස් සඳහා ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. පෙර ලින්ක් එක අසාර්ථක නම් මේකෙන් උත්සහ කරන්න.

හන්තාන 15 දී Applications > Other > KTechLab > මෙම මෘදුකාංගය විවෘත කර ගත හැක.

සමාන්‍ය පෙළ විද්‍යාව විෂය යටතේ 10 ශ්‍රේණියේ දී මෙන්ම 11 ශ්‍රේණියේ දීද විද්‍යුතය පාඩම් වලදී විවිධ පරිපථ නිර්මාණය කිරීමට තිබේ. එසේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය යටතේ දීද ‘ද්වාර පාඩම යටතේ ද පරිපථ පිළිබඳව කතා කෙරේ.

අපට අවශ්‍ය පරිපථ මෙම මෘදුකාංගයේ නිර්මාණය කර ක්‍රියාත්මක කර බලන්නට හැකි වීම සුවිශේෂයි.

·         මුලින්ම අපි සරළ නිර්මාණයක් කරමු.
ඒ අනුව වියලි කෝෂයක්, ස්විච් එකක් සහ බලබ් එකක් භාවිතා කරලා නිර්මාණය කරන පරිපථයේ විදුලි බුබුල ස්විච් එක මාර්ගයෙන් නිවීමට හා දැමීමට හැකිද යන්න විමසා බලමු.

1.      KTechLab මෘදුකාංගය විවෘත කර ගන්න.
2.      අනතුරුව File > New >  කළ විට New File Detail Window එක ලැබෙයි. එයින් Circuit යන්න තෝරා OK කරන්න.
3.      දැන් ඔබට Untitled(Circuit) ලෙස Work space එකක් ලැබෙවි.
4.      ඒත් එක්කම ස්ක්‍රීන් ඒකේ දකුණු පැත්තේ Flow Parts, Components, Projects යනාදි වශයෙන් ලැබෙන අයිකන 3න්  Components යන්න තෝරා ගන්න.
5.      Components හොඳින් නිරීක්ෂණය කළ විට Scores, Swathes, Output ආදි වශයෙන් Categories ගණනාවක් දැක ගන්නට ලැබේ.
6.      මෙයින් Scores යටතේ ඇති විදුලි කෝෂය (Battery) තෝරා ගන්න. තෝරා ගැනීම සඳහා ක්ලික් කර ඇදගෙන විත් වැඩතලයට අතහරින්න. (විදුලි කෝෂයේ වෝල්ටීයතාවය වෙනස් කිරීම සඳහා විදුලි කෝෂය මත ක්ලික් කල විට standard Toolbar එකෙහි වෝල්ටීයතාවය වෙනස් කිරීමට අවශ්‍ය අයිකනය ලබා දෙයි.
7.      මීළගට Swathes යටතේ ඇති SPST නැමති ස්විචය ලබා ගන්න. ලබාගැනීම සඳහා ක්ලික් කර ඇදගෙන විත් වැඩතලයට අතහරින්න.
8.      අනතුරුව Output යටතේ ඇති Signal Lamp නැමති බල්බය ලබාගන්න. ලබාගැනීම සඳහා ක්ලික් කර ඇදගෙන විත් වැඩතලයට අතහරින්න.
9.      දැන් මේවායේ අග්‍ර වෙත මවුස් පොයින්ටරය ගෙනවිත් ක්ලික් කරමින් අනික් අග්‍රය වෙත ඇදගෙන යමින් සම්බන්ඳතාවයන් ගොඩනගන්න.
10.  දැන් ඔබට පහත ආකාරයෙන් පරිපථයක් දැක ගන්නට ලැබේවි. එහි ස්විචය මත ක්ලික් කරන්න. එවිට එය දැල්වුණු බව හා නිවුණු බව දැක ගන්නට ලැබේවි.



·         දෙවනුව අපි OR, AND සඳහා වන පරිපථ නිර්මාණය කරමු.
·         තෙවනුව සාමාන්‍ය පෙළ විද්‍යාව (10 /11ශ්‍රේණි වල) විද්‍යුතය පාඩම් සදහා වන ක්‍රියාකාරකම් මෙම මෘදුකාංගය ඔස්සේ නිර්මාණය කිරීමට උත්සාහ ගන්න.

තවත් ලිපියකින් හමුවෙමු.


Adobe Photoshop Cs5 - Text (2)

අද අපි තවදුරටත් කතා කරනුයේ Text සමගින් තවදුරටත් විවිධ ක්‍රියාකාරකම් කර ගන්නා ආකාරයයි. ඒ අනුව අද අපි මුලින්ම අකුරු වල වර්ණය වෙනස් ක ගන්නා ආකාරයක් විමසා බලමු.


Adobe Photoshop Cs5 - Text (1)

අද අපි කතා කරන්න යන්නේ අලුත් මාතෘකාවක්. ඒ තමයි Photoshop හි text භාවිතා කරන ආකාරය. මේ සඳහා අපි මුලින්ම පෙර පාඩම් වලදී සාකච්ඡා කල ක්‍රමයන් භාවිතා කර පසුබිම සකස් කර ගන්න. ඒ සඳහා පෙර පාඩම්   බැලීමට මෙතන ක්ලික් කරන්න.


ඒ අනුව පහත දැක්වෙන රූපය භාවිතා කර,

VB 6.0 - (10) දිනය ප්‍රදර්ශනය කරමු


·  අද VB 6.0 භාවිතා කරලා දිනය සකස් කර ගන්නා අකාරය තමයි අපි විමසා බලන්න යන්නේ.
  •                     ඒ අනුව ToolBox එකෙන් timer එකක් ගන්න.එය LbDate ලෙස නම් කර ගන්න.
  •                     Intervel Property එකෙහි අගය 1000 ලෙස සකස් කර ගන්න.
  •                     Alignment Property එකෙහි අගය Center ලෙස සකස් කර ගන්න.
  •                    පසුව timer එක් මත Dabble click කරන්න.
  •                    එවිට ලැබෙන code වින්ඩෝවේ  lblDate.Caption = Date ලෙස Type කර ගන්න. දැන් Run කර       බලන්න.
  •          පහත රූපසටහනේ ආකාරයට දිනය සහ වේලාව දැක්වෙන අකාරයට වැඩසටහනක් සකස් කරන්න. මේ සඳහා පසුගිය පාඩමද උපයෝගී කර ගන්න. ගැටළු ඇත්නම් comment එකක් දාන්න.


f

VB 6.0 - (9) ඔරලෝසුවක් සකසා ගනිමු


·  අද VB 6.0 භාවිතා කරලා ඔරලොසුවක් සකස් කර ගන්නා අකාරය තමයි අපි විමසා බලන්න යන්නේ.



  •                     ඒ අනුව ToolBox එකෙන් timer එකක් ගන්න.එය LblTime ලෙස නම් කර ගන්න.
  •                     Intervel Property එකෙහි අගය 1000 ලෙස සකස් කර ගන්න.
  •                     Alignment Property එකෙහි අගය Center ලෙස සකස් කර ගන්න.
  •                    පසුව timer එක් මත Dabble click කරන්න.
  •                    එවිට ලැබෙන code වින්ඩෝවේ  lblTime.Caption = Time() ලෙස Type කර ගන්න. දැන් Run කර  බලන්න.
අද මේක අත්හදා බලලා සාර්ථකද කියලා Comment එකක් දාන්න. 

Adobe Photoshop Cs5 - Feather


අපි දැන් දන්නවා Photoshop වලදී රෑපයක් වින්ඩෝවකින් වින්ඩෝවකට ගෙනියන්න. ඒ වගේම රූපයෙන් චතුරස්‍රාකාර කොටසක් හෝ වෘතාකාර කොටසක් තෝරාගෙන එම කොටස වෙනත් වින්ඩෝවකට ගෙන යන ආකාරය අපි පසුගිය පාඩමෙන් සාකච්ඡා කළා.

අද අපි කතා කරන්න යන්නේ රූපයකින් තෝරාගත්ත කොටසක් Marquee එක භාවිතා කර කපා ගන්නා විටදී කැපුම් ඉර නොපෙනෙන ආකාරයට සකස් කරන්නේ කොහොමද කියන එකයි. මේ සඳහා භාවිතා වන නාමය වන්නේ Feather එකක් යන්නයි.

හොඳයි අපි එමෙනම් අපි තෝරා ගත් කොටසක් සඳහා Feather එකක යොදන්නේ කෙසේදැයි විමසා බලමු. මේ සඳහා පෙර පාඩම් මතක් කර ගැනීමට පහත සබැඳියන් භාවිතා කරන්න.
  1. Adobe Photoshop භාවිතය ආරම්භ කරමු.
  2. මෙවලම් හඳුනාගනිමු. (1 කොටස)
  3. මෙවලම් හඳුනාගනිමු. (2 කොටස)
  4. Adobe Photoshop Cs4  - Create a new image
  5. Adobe Photoshop Cs4  - Open Command
  6. Adobe Photoshop Cs5  - Drag & Drop
  7. Adobe Photoshop Cs5  - Marquee

Adobe Photoshop Cs5 - Marquee


මීට පෙර පාඩමේදී අපි රූපයක් වින්ඩොවෙන් වින්ඩෝවකට ගෙන යන ආකාරය සාකච්ඡා කළා. අද අපි එහි තවත් ඉදිරි පියවරක් තමයි සාක්ච්ඡා කරන්න යන්නේ.

එදා අපි අරගෙන ගියේ සම්පූර්ණම රූපයක්. නමුත් අද අපි අරගෙන යන්නේ රූපයෙන් අපට අවශ්‍ය කොටසක් විතරයි. පෙර පාඩම මතක් කර ගන්න අවශ්‍ය නම් පහලින් තියෙන සබැඳියන් භාවිතා කරන්න.




මීට පෙර ලියු post කියවීමට පහත සැබැඳියන් භාවිතා කරන්න.

  1. Adobe Photoshop භාවිතය ආරම්භ කරමු.
  2. මෙවලම් හඳුනාගනිමු. (1 කොටස)
  3. මෙවලම් හඳුනාගනිමු. (2 කොටස)
  4. Adobe Photoshop Cs4  - Create a new image
  5. Adobe Photoshop Cs4  - Open Command
  6. Adobe Photoshop Cs5  - Drag & Drop