ස්වර ප්‍රස්ථාරයක් පරිගණකය ලවා වාදනය කරවමු.

අපි පරිගණකයේ ලියන ස්වර ප්‍රස්තාරය එහිදීම වාදනය කර බැලීමට පුළුවන් නම්, ඒ සඳහා අවශ්‍ය මෘදුකාංගයක් අපගේ පරිගණකයේ ඇත්නම් ඔබ අනිවාර්යයෙන් සතුටු වනවාට සැක නැත.

මෙම මෘදුකාංගය නිදහස් මෘදුකාංගයක් වන GNU Denemo ය. මෙය මට ලැබුනේ හන්තාන ලිනක්ස් 14 සමගයි.

Adobe Photoshop Cs5 - Text (4) Layer Style

මීට පෙර දී අපි layer style හරහා අකුරු වලට සෙවනැල්ලක් යොදන ආකාරය විමසා බැලුවා. මෙම layer style window එක භාවිතා කර තවත් විවිධාකාර වූ Effects භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අද අපි මෙම layer style window ව භාවිතයට ගනිමින් අකුරු වලට ලබා දිය හැකි අනිකුත් effects කිහිපයක් විමසා බලමු.

මුලින්ම Layer මෙනුවට ගොස් > Layer Style > Blending Option > වෙත යන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේවි. එහි කොටු කර ඇති ප්‍රදේශයේ ඇති Option හොඳින් විමසා බලන්න.

Gambas හදුනාගනිමින් සරළ අභ්‍යාසයක් කරමු. (2)

මීට පෙර පාඩමේදී අපි ගැම්බාස් තුල Form එකක් ලබා ගන්නා අකාරය විමසා බැලුවා. අද අපි එම Form එකෙහි අපට අවශ්‍ය කරන ආකරයට යමක් ඇඳ ගන්නා ආකාරය විමසා බලමු. 

පහත රූපයට අනුව ගැම්බාස් අතුරු මුහුණත පිළිබඳව මුලින් මදක් විමසා බලමු. ඒ අනුව,
  • වම් පැත්තේ පහතට තිබෙන තීරුව Project Window එක වේ.
  • දකුණු පැත්තේ පහතට ඇත්තේ Properties Window එන සහ Tool Box එකයි.

මේ මගේ පාසලයි.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ හාරිස්පත්තුව කොට්ඨාශයේ පිහිටි ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය,

56 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකින් හා ළමුන් 1250 කින්ද යුක්ත වූ ප්‍රදේශයේ ප්‍රකට පාසලකි.

පාසලේ ක්‍රියාකාරම් හා විවිධ තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය මාර්තු මස 15 වන දින එළි දක්වනු ලැබීය.

මෙම අඩවියට පැමිණෙන ලෙස ඔබ සැමට කරන ආරාධනයයි මේ.


Adobe Photoshop Cs5 - Text (3)

 අද අපි  Photoshop CS5 භාවිතා කරලා අකුරු වලට Effects යොදන ආකාරය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මෙහිදී අපිට Effects ගණනාවක් එක් කරන ආකාරය කතා කළ යුතු වෙනවා. එයින් අපි අද එකක් පිළිබඳව විමසා බලමු.

ඒ තමයි,

KGeography ගැන දැන ගනිමු

අද මම කතා කරන්නේ තවත් අපූරු මෘදුකාංගයක් ගැන. ඒ තමයි KGeography. මේක පාසල් පරිගණක විද්‍යාගාර වල තිබිය යුතුම මෘදුකාංගයක්. ඊට හේතුව ලෝකයේ රටවල නම් කොඩි සහ පිහිටීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව ඉගෙනගැනීම සදහා පහසුකම් මෙමගින් සපයන බැවිනි.

විශේෂයෙන් පාසල් කාලය තුලදී පරිගණක විද්‍යාගාරයට එන සිසුවාටත් භුගෝලය විෂය හදාරන සිසුවාටත් එකසේ ප්‍රයෝජනවත් මේ මෘදුකාංගය හන්තාන ලිනක්ස් සමගින් ලැබුන තවත් අපුරු මෘදුකාංගයකි.

ඒ අනුව මෙම ලිපිය ලියනුයේ හන්තාන ලිනක්ස් 15 පදනම් කර ගනිමිනි.

Gambas භාවිතා කරමු. (ලිනක්ස් මත Basic)

සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නියමිත Visual Basic 6.0 ලිනක්ස් මත භාවිතා කිරීමට නොහැකි බව තමයි කියවෙන්නේ.

පාසල් විද්‍යාගාර තුළ නිදහස් මෘදුකාංග භාවිතයට යොමු වීමේදී ඒ අනුව ඇතිවන ගැටළුකාරී තත්ත්වය මගහැරගැනීම සදහා ඇති හොදම විකල්පය වනනේ Gambas ය.

Gambas බොහොසෙයින් විෂුවල් බේසික් වලට සමාන කම් දක්වන මුත් විෂුවල් බේසික්ම නොවන බවත් මතක තබා ගත යුතුයි. නමුත් Coding කිරීමේදී වෙනස්කමක් නොපෙන්වයි.

හොදයි. එහෙනම් අපි Gambas භාවිතා කරන ආකාරය විමසා බලමු.

මේ සදහා මම භාවිතා කරන්නේ හන්තානලිනකස් නිදහස් මෘදුකාංග එකතුවයි.

ඒ අනුව,
Application > Programming > Gambas > මත ක්ලික් කරන්න.

එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේවි. එහි New Project මත ක්ලික් කරන්න. 


අනතුරුව ලැබෙනුයේ Create New Project Window එකයි. එහි Next මත ක්ලික් කරන්න.