Autocad 2012 නොමිලයේ ගන්න පුළුවන්

Autocad 2012 මෘදුකාංගය පිළබඳව ඔබ අසා ඇති. එය අප වෙත ලබා දෙන්නේ Autodesk ආයතනය විසින්. සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ මෘදුකාංග නොමිලයේ භාගත කර ගැනීමට මෙන්ම ඇක්ටිවේෂන් කී එකත් ලබා දෙනවා. මිලදී ගන්න මෘදුකාංගයේ තියෙන Features මේවායේ යම් ප්‍රමාණයක් අඩු බව තමයි කියවෙන්නේ. කොහොම වුනත් මේ තියෙන්නේ එම පිටුවේ යොමුව.



http://students.autodesk.com/?nd=download_center

මේ තියෙන්නේ මේ පිළිබඳව විස්තර තියෙන්නේ උදව් ගන්න තියෙන වෙබ් අඩවියේ යොමුව

http://docs.autodesk.com/ACD/2010/ENU/AutoCAD%202010%20User%20Documentation/index.html?url=WS1a9193826455f5ffa23ce210c4a30acaf-6f9a.htm,topicNumber=d0e62990

උසස් පෙළට හඳුන්වාදුන් තාක්ෂණය විෂයධාරාවේ විෂයමාලාව

උසස් පෙළට හඳුන්වාදුන් තාක්ෂණය විෂයධාරාවේ විෂයමාලාව ලබා ගැනීම සඳහා මෙම යොමුව හරහා ජාතික අධ්‍යාපන ආයතයේ වෙබ් අඩවියට පිවිසෙන්න.

http://www.nie.lk/Teche.html

Apps Lanka: Is it safe to use Credit Cards over the internet

Apps Lanka: Is it safe to use Credit Cards over the internet: Credit Card මගින් අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීම ආරක්ශිතද ? බොහොමයක් දෙනෙක් තමන්ගේ Credit Card එක මගින් අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීම සඳහා...

ලිබ්රේ ඔෆිස් 4 දී පහසුවෙන් Mail Merge භාවිත කරන්න පුළුවන්

ලිබ්රේ ඔෆිස් 4 දී පහසුවෙන් Mail Merge භාවිත කරන්න පුළුවන්. බලන්න මේ වීඩියෝව.
කැල්ක් වල හදලා තියෙන ලයිස්තුවක් භාවිත කරලා Mail Mergeකර ගන්න විදිය මේකේ පැහැදිලිව තියෙනවා.

Google Cloud Print ගැන දන්නවාද

අපි නෙට්වර්ක් එකකට මුද්‍රකයක් සම්බන්ඳකර ගැනීම ගැන නම් දන්නවා. ඒ වගේම භාවිතත් කරනවා ඇති. හැම පරිගණකයකටම මුද්‍රකයක් සම්බන්ඳ කර ගන්නවා වෙනුවට නෙට්වර්ක් එකේ තියෙන හැම පරිගණකයක්ම එකම මුද්‍රකයක් පොදුවේ භාවිත කිරීම තමයි එහිදී සිදු වන්නේ,

 

නමුත් Google Cloud Print භාවිතයෙන් සිදු වන්නේ මෙම ක්‍රියාදමය වඩාත් පුළුල් අවස්ථාවක් වෙත යොමු කිරීමයි.

ඒ අනුව අපගේ මුද්‍රකය අන්තර්ජාලයට සම්බන්ඳ කරන අතර අන්තර්ඩාලයට සම්බන්ඳ වී තිබෙන පරිගණකයක්, ලැප්ටොප් ඒකක් හො ස්මාර්ට් ෆෝන් එකකින් ලබා දෙන විධානයකට අනුව මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ හැකියාව ඇති වෙනවා.

මේ සඳහා,
  • ගුගල් ගිණුමක්
  • ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවසර් එක
  • අන්තර්ජාලයට සම්බන්ඳ කල මුද්‍රකයක් 
යනාදිය තමයි මූලිකව අවශ්‍ය වෙන්නේ.

කාර්යාල කටයුතු වඩාත් පහසු කරන මෙම සේවාව පිලිබඳව සහ එය භාවිතය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ පහත වීඩියෝවෙන් සවිස්තර විස්තර දැක ගන්න පුළුවන්.

ලිනක්ස් ටර්මිනල් එකේ වැඩ කරමු

ලිනක්ස් ටර්මිනල් එක පිලිබඳව මෙ වීඩියෝවෙන් අපූරුවට පැහැදිලි කරනවා. බලන්න.

ලිනක්ස් තේරුම් බේරුම් කර ගන්න මේක උදව්වක් වෙනවා

වින්ඩෝස් වලට හුරු පුරුදු වෙලා ඉන්න අයට ලිනක්ස් පිලිබඳ අවබෝධයක් ලබා ගන්න මේ වීඩියෝව වැදගත් වෙයි.

වින්ඩෝස් සහ ලිනක්ස් පිලිබඳ අපුරු සංසන්දනයක් මේකේ තියෙනවා. අදහස් එහෙම දැක්වුවාට කමක් නැ.