ප්‍රොජෙක්ට් නැප්තා (Project Naptha) අද අපට ගැලපෙන ව්‍යාපෘතියක්.....

වෙබ් අඩවියක ඇති පින්තූරයක තියෙන අක්ෂර පිටපත් කර විවිධ වෙනස් කර ගැනීමට අවස්ථාව සලසා දෙන මෘදුකාංගයක් පිළිබඳව තොරතුරු තමයි අද ඉදිරිපත් කරන්න යන්නේ. මෙය වඩාත් පැහැදිලිව කීවොත් ඡායාරූපයක ඇති අක්ෂර කොපි කරන්න, මැකීමට මෙන්ම වෙනස් කිරීමට පහසුකම් සලසන මෘදුකාංගයකි.

මෙය නොමිලයේ ලබා දෙන එකක් වන අතර ගුගල් ක්රෝම් සඳහා ලබා දෙන extension එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ.

මෙම පහසුකම ලබා ගැනීමට පහත යොමුවෙන් ගූගල් ක්‍රෝම් අතරික්සුවක් භාවිතයෙන් ඇතුල් වන්න.
https://chrome.google.com/webstore/detail/project-naptha/molncoemjfmpgdkbdlbjmhlcgniigdnf


දකුණු ඉහළ කෙලවරේ තියෙන් නිල්පාට + සහිත බොත්තමට ක්ලික් කර මෙය අපගේ අතරික්සුවේ ස්ථාපනය කර ගැනීමට පුළුවන්.

එසේම මෙය භාවිත කරන ආකාරය පිළිබඳව පහ. වීඩියෝව මඟින් පැහැදිලි කර ගත හැකියි.