හන්තාන ලිනක්ස් 21

නිදහස් සහ විවෘත කේත මෘදුකාංග ප්‍රජාව තුළ ජනප්‍රිය කරවීමට, ඒ පිළිබඳව දැනුවත් කිරීමට මෙන්ම අදාළ මෘදුකාංග ව්‍යාපෘති සඳහා යළි දායකත්වය ලබා දිමේ අවස්ථාව සලසා දෙන ව්‍යාපෘතියක් වන හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය එහි නවතම නිකුතුව වන මේ වන විට එළිදක්වා ඇත.
මෙම නවතම නිකුතුව හන්තාන ලින්කස් 21 වන අතර මෙවර පරිශීලකයින්ගේ පහසුව සහ රුචිකත්වය මත Gnome, KDE, XFCE, Sugar සහ LXDE යන වැඩතල පාරිසරිකයන්ගෙන් සමන්විත සංස්කරණයක් භාවිත කළ හැකි වේ. තවද පොදු භාවිතයට (Hanthana 21 LiveDVD) මෙන්ම අධ්‍යාපනික Hanthana 21 Edu සහ මෘදුකාංග සංවර්ධන කටයුතු සඳහා (Hanthana 21 Dev) ද ඉතා හුදෙක් කාර්යාලීය මෘදුකාංග කට්ටලය පමණක් අවශ්‍ය අයට ද (Hanthana 21 Light) හෝ (Hanthana 21 Light2) භාවිත කළ හැක. මෙම සියළුම සංස්කරණයන් i686 (32bit) සහ x86_64 (64bit) අකාරයෙන් ලබා ගත හැකි වන ලෙස මෙවර ISO ගොනු 10ක් බාගැනීම සඳහා සූදානම් ක ඇත.
හන්තාන ලිනක්ස් 21 දැන්ම ලබා ගන්න! http://hanthana.org/download.php
“හන්තාන 21″ නිකුතුව වන අතර එය “සිංහරාජ” නමින් නම් කර ඇත. යුනෙස්කෝ ආයතන මඟින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙය ශ්‍රී ලංකාවේ පිහිටි නිවර්තන වැසි වනාන්තරයකි. වර්ග කිලෝ මීටර 88.64 ක් පුරා පැතිරෙන, අති විශාල ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම වටිනා සොබා නිමැවුම රැක බලා ගැණීම අපේ යුතුකමක්. ඉතින් මේ මහඟු දායාදය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය නවතම නිකුතුව “සිංහරාජ” නමින් නම් කිරීමට තීරණය කළ අතර හන්තාන ලිනක්ස් 21 නිකුතුවේ දක්නට ඇති පෙරනිමි පසුබිම් රුව, ගව්රික විජේරත්න මිතුරා විසින් ලබාගත් සිංහරාජ යෙහි පිංතූරයකින් සැරසී ඇත.
මෙම නිකුතුව සඳහා සහාය ලබා දුන් ඔබ සැමට තුති!.
මීළඟ නිකුතුව දි වඩා හොඳ නිපැයුම් ඔබේ භාවිතයට ගැළපෙන ලෙස සැකසීම සඳහා ඔබේ අදහස් ඉතා වටිනා අතර මෙම නිකුතුව පාසල්, විශ්ව විද්‍යාල, රජයේ සහ පුද්ගලික ආයතන තුළ හෝ ඔබේ හිතවතුන් දැනුවත් කිරීම මඟින් ඉතා පහසුවෙන් මෙම ව්‍යාපෘතියට දායක විය හැක.
සැමට ජයවේවා!

Google Chrome වෙබ් අතරික්සුවෙන් Adware ඉවත් කර ගනිමු.

වෙබ් අතරික්සුව තුල නිරායාසයෙන් ස්ථාපනය වන මෙම වැඩසටහන් මඟින් නිරන්තරයෙන් අපව වෙනත් වෙබ් අඩවි වෙත යොමු කරවීම සිදු කරනු ලබනවා. මෙයින් ගැලවීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කල හැකියි.
  • Google Chrome වල option අයිතනය මත ක්ලික් කරන්න. මෙය පහත රූප සටහනේ පෙන්වන ආකාරයට ඉරි තනකින් පෙනවන අතරික්සුවේ දකුණු ඉහළ කෙළවර පුදර්ශනය කෙරේ.
  • Tools විධනය මත ක්ලික් කළ විට ලැබෙන උප මෙනුවේ Extensions. මත ක්ලික් කරන්න.
  • ලැබෙන වින්ඩෝවේ දැක්වෙන extension අතරින් අනවශ්‍ය ඒවා Trash icon එක මත ක්ලික් කර ඉවත් කර ගන්න.
  • වම් පැති මෙනුවේ ඇති  Settings  මත ක්ලික් කරන්න.
  • එවිට ලැබෙන වින්ඩෝවේ On startup  අංශය වෙත ගොස් Open a specific page or set of pages හි ඇති Set pages මත ක්ලික් කරන්න..
  • කතිරය මත ක්ලික් කර අනවශ්‍ය ආරම්භක පිටුවක් සකස් වී ඇත්නම් මකා දමන්න.
  • අනතුරුව  Add a new page යන්නට ක්ලික් කර ආරම්භක පිටුවක් ඇතුලත් කරන්න. නිද: - http://www.google.com
  • Appearance කොටස වෙත යොමු වන්න. 
  • Show Home Button යන්න තෝරා Change යන්න මත ක්ලික් කරන්න.
  • ඉන් පසුව Use the New Tab page විධානය තෝරා ගන්න. අනතුරුව OK කරන්න.
  • අනතුරුව Search අංශය වෙත යන්න.  
  • එහි Manage search engines හි ඇති අනවශ්‍ය සෙවුම් යන්ත්‍ර කතිරය මත ක්ලික් කර මකා දමන්න.
  • දැන් ඔබගේ සෙවුම් යන්ත්‍රෙය් ස්ථාපනය වී තිබූ Adware ක්‍රයාත්මක නොවනු ඇති.