Introducing libre office Impress (ලිබ්රේ ඔෆීස් ඉම්ප්‍රෙස් හඳුනාගනිමු.)


පරිච්ඡේදය  1 
Introducing libre office Impress
ලිබ්රේ ඔෆීස් ඉම්ප්‍රෙස් හඳුනාගනිමු.

 
What is Impress? ඉම්ප්‍රෙස් යනු

ඉම්ප්‍රෙස් ලෙස හදුන්වනුයේ ලිබ්රේ ඔෆීස් සමගින් අපට ලැබෙන ඉදිරිපත් කිරීමේ මෘදුකාංගයයි. එය භාවිතා කර text (අකුරු), bulleted and numbered lists, tables (වගු), charts (ප්‍රස්ථාර), clip art (කාටුන් රූප), සහ graphic objects (චිත්‍රක) සහිත slide භාවිතා කරමින් ඉදිරිපත් කිරීම් සකසා ගැනීමට පුළුවන.

මෙම ඉදිරිපත් කිරීම් සැකසීමේ දී spelling checker, a thesaurus, prepackaged text styles, and attractive background styles ආ දිය භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසා දෙයි.

Starting Impress ඉම්ප්‍රෙස් භාවිතය අරභමු.

ඉම්ප්‍රෙස් භාවිතා කිරීම ආරම්භ කිරීමට ආකාර කීපයකි. එනම්,
·         Desktop එකෙහි Launcher toolbar එකෙහි ඉම්ප්‍රෙස් අයිකනය භාවිතා කරමින්.
·         Desktop එකෙහි Launcher toolbar ඇති Dash භාවිතා කරමින්.
(මේ සඳහා වැඩි විස්තර පළමු පරිච්ඡේදයේ දී විස්තර කෙරේ.)

ඉම්ප්‍රෙස් විවෘත කළ විට මෙහි ප්‍රධාන වින්ඩෝව වෙත යොමු වෙයි. මුල් වරට මෙම වින්ඩොව වෙත යොමු වීමේ දී විස්තරාත්මකව නව ඉදිරිපත් කිරීමක් සකසන ආකාරය පෙනවන‘wizard එකක් ලැබෙනු ඇති. එය අවශ්‍ය නැතිනම් පමණක් Do not show this wizard again මත ක්ලික් කරන්න. අනතුරුව  Create මත ක්ලික් කර main Impress window වෙත යොමු වීමට පුළුවන.

The main Impress window  ප්‍රධාන ඉම්ප්‍රෙස් වින්ඩෝව 

පුධාන ඉම්ප්‍රෙස් වින්ඩෝව ප්‍රධාන කොටස් තුනකින් යුක්තය. එනම්, Slides pane, Workspace සහ Tasks pane ය. ඉදිරිපත් කිරීම සැකසීම අතරවාරයේ දී සැගවුණු toolbars කිහිපයක් මතු ව පෙනෙන අවස්ථාවන් දැක ගත හැකිය. මේවා පිළිබඳව ඉදිරියේ දී පුළුල්ව සාකච්ඡා කෙරේ.

Tip
Slides pane එකක් හෝ Tasks pane එකක් ඉවත් කර ගැනීම සඳහා ඉහළ දකුණු කෙලවරේ ඇති කතිරයට ක්ලික් කරන්න. නැවත එය ලබා ගැනීම සඳහා  View > Slide Pane හෝ View > Task Pane මත ක්ලික් කරන්න. පහත රූපයේ රවුම් කර දක්වා ඇති අයිකන මත ක්ලික් කිරීමෙන් මෙම සැගවීමට/හැකිළිමට හැකියාව ලැබේ.