php භාවිතය පිළිබඳව සාකච්ඡා කරන මෙම post පෙළේ පළමුවැන්නයි මේ. මෙහිදී අපි xampp server එක අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා.
ඒ අනුව අපගේ ඉදිරි කටයුතු සඳහා xampp server එක ඔබගේ පරිණකයේ ස්තාපනය කර ගන්න. පහත වීඩියෝව ආධාර කර ගන්න.
මීළග වීඩියෝවෙන් අපි මෙම server එක මුල් වරට භාවිතා කරන අයුරු විමසා බලමු.
Showing posts with label PHP Programming. Show all posts
Showing posts with label PHP Programming. Show all posts
1. හැඳින්වීම PHP Programming
PHP Programming පිළිබඳව ලියවෙන මෙම ලිපි පෙළ මේ පිළිබඳව ඉතාමත් සරළ සහ මූලික දැනුමක් ලබා දීම වෙනුවෙන් සකස් කරනු ලැබූවකි.
PHP Programming ගැන
PHP Programming ගැන
- PHP කියලා කියන්නේ Server-side scripting Language එකක්. ( මීට අමතරව Client-side scripting Languages කියලත් තියෙනවා. ඒ තමයි JavaScript) PHP කියන්නේ Server-side scripting Language එකක් වීම නිසා අපට ඉතාමත් පහසුවෙන් MySQL Databases මෙයත් සමග භාවිත කිරීමට හැකියාව ලැබෙනවා.
- මේක භාවිත කරන්නේ වෙබ් අඩවි සකස් කිරීම සදහා. වර්තමානයේ පවතින බොහෝ විචිත්‍රවත් අඩවි නිර්මාණය කිරීමට භාවිත කර ඇත්තේ මෙම භාෂාවයි. Face Book මේ සඳහා උදාහරණයකි.
- මේක භාවිතා කරලා Dynamic වෙබ් පිටු සකස් කර ගැනීමට පුළුවන්.
- HTML පිළිබඳ දැනුමක් තිබීම.
- Programming Concept පිළිබඳව අවබෝධයක් තිබීම.
- Web Server එකක ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. මෙම ලිපි මාලාව ලියවෙන්නේ එවැනි කරුණු පිළිබඳව අඩු අවබෝධයක් තියෙන සිසුන් ඉලක්ක කර ගනිමිනි.
- Server එකක් හෝ PHP ස්ථාපනය කළ පරිගණකයක් අවශ්‍යයයි.
- එ වගේම text editor එකක් අවශ්‍යයි.
මෙ සඳහා වින්ඩෝස් වලදී නම් wamp server එක හෝ xampp server එක භාවිත කරන්න පුළුවන්. මෙම ලිපි මාලාවෙ දී මම භාවිත කරන්නේ xampp server එකයි.
xampp server එක ලබා ගැනීමට පහත දිගුව මත ක්ලික් කරන්න.
පසුව installer මත ක්ලික් කර xampp server එල භාගත කරගෙන ස්ථාපනය කර ගන්න. ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව අපි තව දුරටත් සාකච්ඡා කරමු.
Subscribe to:
Posts (Atom)