1. හැඳින්වීම PHP Programming

PHP Programming පිළිබඳව ලියවෙන මෙම ලිපි පෙළ මේ පිළිබඳව ඉතාමත් සරළ සහ මූලික දැනුමක් ලබා දීම වෙනුවෙන් සකස් කරනු ලැබූවකි.



PHP Programming ගැන
  • PHP කියලා කියන්නේ Server-side scripting Language එකක්. ( මීට අමතරව Client-side scripting Languages කියලත් තියෙනවා. ඒ තමයි JavaScript) PHP කියන්නේ Server-side scripting Language එකක් වීම නිසා අපට ඉතාමත් පහසුවෙන් MySQL Databases මෙයත් සමග භාවිත කිරීමට හැකියාව ලැබෙනවා.
  • මේක භාවිත කරන්නේ වෙබ් අඩවි සකස් කිරීම සදහා. වර්තමානයේ පවතින බොහෝ විචිත්‍රවත් අඩවි නිර්මාණය කිරීමට භාවිත කර ඇත්තේ මෙම භාෂාවයි. Face Book මේ සඳහා උදාහරණයකි.
  • මේක භාවිතා කරලා Dynamic වෙබ් පිටු සකස් කර ගැනීමට පුළුවන්.
 PHP ඉගෙනීමට 
  • HTML පිළිබඳ දැනුමක් තිබීම.
  • Programming  Concept පිළිබඳව අවබෝධයක් තිබීම.
  • Web Server එකක ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. මෙම ලිපි මාලාව ලියවෙන්නේ එවැනි කරුණු පිළිබඳව අඩු අවබෝධයක් තියෙන සිසුන් ඉලක්ක කර ගනිමිනි.
 PHP ඉගෙනීමට මූලික වශයෙන්
  •  Server එකක් හෝ PHP ස්ථාපනය කළ පරිගණකයක් අවශ්‍යයයි. 
  • එ වගේම text editor එකක් අවශ්‍යයි. 
මේ සඳහා අපි මුලින්ම අපගේ පරිගණකයට PHP ස්ථාපනය කර ගනිමින් අපගේ පරිගණකය server එකක් ලෙස භාවිතයට ගනිමින් PHP ඉගෙනීම අරභමු.

මෙ සඳහා වින්ඩෝස් වලදී නම් wamp server එක හෝ xampp server එක භාවිත කරන්න පුළුවන්. මෙම ලිපි මාලාවෙ දී මම භාවිත කරන්නේ xampp server එකයි.
 
xampp server එක ලබා ගැනීමට පහත දිගුව මත ක්ලික් කරන්න.

පසුව installer මත ක්ලික් කර  xampp server එල භාගත කරගෙන ස්ථාපනය කර ගන්න. ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව අපි තව දුරටත් සාකච්ඡා කරමු.

1 comment:

kmsen said...

Very important topic. Thank you very much...!