ලිබ්රේ Office Impress (6 වන කොටස)


Formatting a presentation (ප්‍රදර්ශකයක් සැකසීම)

අලුත් ප්‍රදර්ශකයක් ලබා ගත් විට ලැබෙනුයේ slide එකක් පමණි. මෙ කොටසේ දී අපි අවධානය යොමු කරනුයේ අලුතින් slide එක් කරමින් එම slide වල තොරතුරු එක් කරමින් දියුණු කර ගන්නා ආකාරයයි.
Inserting slides (අලුතින් slide එකක් එකතු කිරීම.)

මේ සඳහා ආකාර ගණනාවකි. මීට පෙරද අපි එක් ක්‍රමයක් පිළිබදව අවධානය යොමු කළා.
·         Normal View එකේ දී slide pane එකේ slide thumbnail එකක් මත දකුණ ක්ලික් කර new slide විධානය භාවිතා කරමින්.
        Insert > Slide.
         දැනට භාවිතා කරන Slide එක මත ක්ලික් කර  New Slide යන්න pop-up menu වෙන් තෝරාගැනීමෙන්.
        Presentation  මෙවලම් bar එකේ ඇති  Slide icon එක මත ක්ලික් කර.


මෙම කාර්ය අලුත් slide එකක් ලබා නොගෙනද කර ගැනීමට පුළුවන. ඒ Slides pane එකේ ඇති slide එක මත ක්ලික් කර Insert > Duplicate Slide යන්න භාවිතා කරමින්.

Selecting a layout (පිටු සැලැස්මක් තෝරා ගැනීම.)

කාර්ය තලයේ දී (Tasks pane) සැලසුම් (Layout) ගණනාවක් දැක ගැනීමට පුලුවන. මෙවායින් සිදු වන්නේ slide එකක elements කීයක් තියෙනවාද යන්නත් ඒවා තබන ආකාරයත් පිළිබඳවයි. අපේ අවශ්‍යතාවයට අනුව ඒවායින් එකක් තෝරා ගැනීමට පුළුවන.


සැලසුමක් (layout) එකක් තෝරා ගත්තායින් පසුව එහි ඇති Text box එකට ක්ලික් කර අදාල content ඇතුලත් කිරීම සිදු කර ගැනීමට පුළුවන. (මේ සඳහා Blank Slide එක භාවිතයට නොගනී)

වැදගත්
අයිකනයක් මතට cursor එක ගෙන ආ විට කුඩා කොටුවක් මතු වී එම අයිකනයේ නම පෙන්වයි. එය අක්‍රීය වී ඇත්නම් Tools > Options > LibreOffice > General > Help වෙත ගොස් Tips option භාවිතයෙන් එය සක්‍රීය කර ගන්න.

සැලසුමක් (layout) එකක් වෙනස් කිරීමට අවශ්‍ය නම් slide pane එකේ thumbnail  එක මත ක්ලික් කර අදාල Task Pane එකෙන් සැලසුමක් (layout) එකක් තෝරා ගන්න.

බොහෝ සැලසුම් (layout) වල තොරතුරු එක් කිරීම සඳහා ස්ථානයක් හෝ කීපයක් දක්නට ලැබේ. ඒ ඕනෑම ස්ථානයක Text, Movie, Picture, Chart  හෝ Table එකක් යොදා ගැනීමට පුළුවන.

පහත රූපයේ දැක්වෙන ආකාරයට ඒ ඒ දත්ත එකත් කිරීමට අදාග ස්ථානයන් වල ක්ලික් කල යුතු අතර අකුරු ලිවීම සඳහා නම් Textbox  එක මත ක්ලික් කර යතුරු ලියනය කිරීම අරඹන්න.



වැදගත්
ප්‍රදර්ශකයක් සැකසීමේදී තොරතුරු ඇතුලත් කිරීමට පෙර සැලසුම් (layout) යොදා ගැනීම වැදගත්. තොරතුරු ඇතුලත් කර සැලසුම් වෙනස් කිරීමේදී විවිධ අපහසුතා ඇති විය හැක.

Modifying the slide elements (සැලසුමක ඇති අංග වෙනස් කිරීම)
slide master එකෙහි සකස් කර ඇති ආකාරයට slide එකෙහි Textbox පෙන්නුම් කරන අතර අපට අවශ්‍ය ඒවා මත ක්ලික් කර අකුරු රුප වගු හෝ වීඩියෝ එක් කිරීමට හැති අතර අනවශ්‍ය නම් ඒවා නොසලකා හැරීහට පුළුවන.

රූපයක් හෝ objects,  slide එකට එකතු කිරීම සඳහා,

a)    රූපයක් එකතු කිරීමේදී
i.      Normal view එකේදී නම් slide එකෙහි Textbox එකෙහි ඇති Picture icon එක මත ක්ලික් කළ විට රූප එක් කිරීම සඳහා වන සංවාද කොටුව විවෘත වනු ඇත.
ii.     අනතුරුව රූප ඇති ගොනුව සොයා බලා අදාල රූපය මත ක්ලික් කර සංවාද කොටුවේ Open විධානය මත ක්ලික් කරන්න.
iii.    Slide එකට රූපය ලබා ගැනීමෙන් පසුව අවශ්‍ය ආකාරයට මෙය ප්‍රමාණ කර ගැනීමට පුළුවන.

b)    මෙනු භාවිතා කර රූපයක් එක් කර ගැනීමට නම්
                          i.    Insert > Picture > From File. රූප එක් කිරීම සඳහා වන සංවාද කොටුව විවෘත වනු ඇත.
                         ii.    ඉන් අකුතුරුව ඉහත ආකාරයටම රූපය අපගේ slide එක මතට ගෙන ආ හැකිය.

අවවාදයයි
රූපයක ප්‍රමාණ වෙනස් කිරීම සඳහා ආකාර  දෙකකි. පළමුවැන්න නම් රූපය මත වරක් ක්ලික් කල විට ලැබෙන controls භාවිතයෙන් ලොකු කුඩා කිරීමට කැරකවීමට අවශ්‍ය ස්ථානයක ස්ථාන ගත කර ගැනීමටත් පුළුවන.

දෙවනි ක්‍රමය වන්නේ රුපය මත right-click කර විට ලැබෙන කෙටි මෙනුවේ ඇති position and size මත ක්ලික් කර ලැබෙන සංවාද කොටුවෙන් අවශ්‍ය වෙනස් කිරීම් සිදු කර ගැනීමයි. එනුව මෙහිදී
·         Position and Size
·         Rotation
·         Slant & corner radius

අකුරු එක් කර ගැනීමට
a)    Click to add text මත ක්ලික් කර අකුරු එක් කිරීම ආරම්භ කළ හැක. Slide එකෙහි සැලැස්ම සඳහා ලබා දී ඇති ආකාරයට අකුරු සඳහා විවිධ styles එක්වෙයි.
b)    outline level හා ඡේදය පිහිටිය යුතු ස්ථානය වෙනස් කිරීමට හෝ සැකසීම සඳහා Text Formatting toolbar එක භාවිතා කළ හැක. එය අපි අකුරු type කිරීම ආරමභ කල විට ප්‍රදර්ශනය වන අතර ඉන් ඉවත් වූ විට සැගවී යයි.

Slide එකෙහි ඇති කිසියම් අංගයක් ඉවත් කිරීමට අවශ්‍ය විටදී
a)    එම අංගය මත ක්ලික් කරන්න. එවිට එය තෝරාගෙන ඇති බව හතර වටේට ඇති කොළපාට controls මගින් බලා ගැනීමට පුළුවන. අනතුරුව Delete key එක එබීමෙන් එම අංගය ඉවත් කර ගැනීමට පුළුවන.

HTML භාවිතය

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය යටතේ  බහු මාධ්‍ය තාක්ෂණයෙන් යුත් වෙබ් අඩවි නිර්මාණය සඳහා HTML යොදාගන්නා අකාරය පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ සමර්පණයකි මේ.


 

ලිබ්රේ Office Impress (5 වන කොටස)

Creating a new presentation අලුත් ප්‍රදර්ශකයක් නිර්මාණය කරමු.
ප්‍රදර්ශකයක් සෑදීමට අවශ්‍ය මූලික සැකැස්මක් මේ සඳහා යොමු වීමට මත්තෙන් ඔබ සතුව තිබිය යුතු ය. මුලින්ම ඉම්ප්‍රෙස් වෙත යොමු වූ විට පහත රූපයේ ආකාරයට ප්‍රදර්ශක Wizard එක දැකගනීමට ලැබෙයි.

වැඩිදුරට
ඔබට මෙම  Wizard එක අනවශ්‍ය නම් Do not show this wizard again යන්නට ඉදිරියෙන් ඇති කුඩා කොටුවට ක්ලික් කරන්න. යම් හෙයකින් එය නැවත ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් Tools > Options > LibreOffice Impress > General > Wizard හි ඇති Start with wizard මත ක්ලික් කරන්න.
Preview තෝරාගෙන තිබීමෙන් ප්‍රදර්ශකයට අවශ්‍ය templates, slide designs සහ slide transitions ද මෙ සමගම ප්‍රදර්ශකයට එක් කර ගැනීමට පුළුවන.

1)    Type යටතේ option 3කි.
          Empty presentation - හිස් අලුත් ප්‍රදර්ශකයක් ආරම්භ කරයි.
          From template - මගින් සිදු වනුයේ සකස් කර ඇති template එකක් භාවිතා කර ප්‍රදර්ශකය නිර්මාණය ආරම්භ කිරීට යොමු වීමයි. මෙහිදී අපට අවශ්‍ය template එකක් තෝරා ගැනීමට අවකාශ සලසා දෙයි.
          Open existing presentation - මෙහිදී මීට පෙර දී සකස් කළ ප්‍රදර්ශකයක් විවෘත කරගෙන ඉදිරියට වෙනස් කම් සිදු කර ගැනීම ට පහසුකම් සැලසීම මේ යටතේ දී සිදු වෙයි.

මේවායින් ඔබට අවශ්‍ය එකක් තෝරා ගත හැකියි.

අනතුරුව Next මත ක්ලික් කරන්න. එවිට ඔබ තෝරා ඇත්තේ Empty presentation යන්න නම් Figure 12 දැක්වෙන ආකාරයේ දෙවන පියවරක් ලැබේවි. 
දෙවන පියවරේ Select a slide design යටතෙන් කැමති Presentation Background එකක් තෝරා ගත යුතුයි. ඔබ තෝරාගන්නා Background එක Preview වින්ඩෝව තුලින් දැක ගැනීමට පුළුවන.

මීළග පියවර වන්නේ Select an output medium යටතෙන් අපගේ ප්‍රදර්ශකයට ගැලපෙන page format එකක් තෝරා ගැනීමයි.

වැඩිදුරට
ඔබට අවශ්‍ය slide එකක ප්‍රමාණය Format > Page වෙත ගොස් සකසා ගැනීමට පුළුවන.

ඉහත වෙනස් කම් දෙක සිදු කර ගැනීමෙන් අනතුරුව Next මත් ක්ලික් කර Wizard එකෙහි තෙවන පියවර වෙත යොමු වන්න.
එයින් Effect drop-down menu එක බාවිතා කර කැමති slide transition එකක් තෝරා ගන්න.
ඒ සඳහා කැමති වේගයක් Speed drop-down menu එක භාවිතා කර ලබා ගන්න.

Select Presentation Type යටතේ ඇති Default භාවිතයෙන් ප්‍රදර්ශකය ප්‍රදර්ශනය කිරීමේ දී මවුසය භාවිතයෙන් සිදු කර ගැනීමට අවස්ථාව සලසා දෙයි. Automatic භාවිතා කරන ලැබුවහොත් slide එකක් රැදී තිබිය යුතු කාලය Duration of page යටතේ ලබා දිය යුතු වෙනවා.

මීළගට Create මත ක්ලික් කර ප්‍රදර්ශකය සකසා ගන්න.


වැදගත්
නිරන්තරයෙන් ම save කර ගත යුතු වන අතර ස්වක්‍රීයව මේ කාර්යය සිදු කර Tools > Options > Load/Save > General යටතේ ඇති Save Auto Recovery information every භාවිතා කරන්න.

ලිබ්රේ Office Impress (4 වන කොටස)


Workspace views
විවිධ විශේෂ කාර්යයන් පහසුවෙන් කර ගැනීම සඳහා වෙන් වෙන් වශයෙන් workspace views  සකස් කර තිබේ. ඒ නිසාම ඒවා පිළිබදව දැනුවත් වීම අතිශයින් වැදගත් වේ. 
Normal view
Normal view මෙය භාවිතා කරමින් වෙන් වශයෙන් slides ලබා ගෙන ඒවාට අකුරු, රූප, හැඩතල ඒක් කිරීමටත් ඒවා සජීවීකරණය කර ගැනීමත් සිදු කර ගනු ලබයි

Outline view
Outline view මෙහිදී ප්‍රදර්ශකයේ ඇති සියලුම slides අනු පිලිවෙලින් පෙන්වයි. Slides වල මාතෘකා ඇතුලු ඒවායේ ඇති අකුරු ලයිස්තුවක් ආකාරයෙන් බලාගැනීමට පුළුවන. නමුත් මේවාට එකතු කරන රූපාදිය හා slides වල නම් දැක ගැනීමට නොලැබේ.


Outline view එක භාවිතා කරනු ලබන්නේ,
1)         Slide වල තියෙන් අකුරු වලට වෙනස් කම් කර ගැනීමට අවශ්‍ය විටකදී,
2)        ඔබට අවශ්‍ය සියලුම දේ නිසි ආකාරයෙන් ඇතුලත් කර තිබේදැයි විමසා බැලීම සදහා මෙම view එක භාවිතා කරන අතර වෙනස් කම් මෙහෙදීම හෝ නැවතත් Normal view  වෙත පැමිණි හෝ සිදු කර ගැනීමට පුළුවන.

Notes view
ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සටහන් එක් කර ගැනීමට අපි මෙම view ඒකට පැමිණිය යුතුයි. මෙම සටහන් ප්‍රදර්ශකය ප්‍රදර්ශනය වන අවස්ථාවේ දී දැක ගැනීමට නොලැබේ. අවශ්‍යනම් slide එකත් සමගම මුද්‍රනය කර ගැනීමට පුළුවන.

Notes text box එක අවශ්‍ය ප්‍රමාණයට සකස් කර ගෙන ඒ මත ඇති Click to add notes මත ක්ලික් කර Type කර ගැනිමට පුළුවන.
Handout view
Handout view මුද්‍රනය කිරීමට අවශ්‍ය සූදානම් කිරීම කර ගන් ලබන්නේ මෙම View  එක භාවිතා කරමින්ය. මෙතනට පැමිණ tasks pane එකෙහි ඇති  Layouts මත ක්ලික් කර පිටුවක් මුද්‍රනයේ දී ඊට එක් විය යුතු slides ප්‍රමාණය මෙමගින් තීරණය කළ හැක.
ඉදිරියේදී මද්‍රනය කර ගැනීම පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු.

Slide Sorter view
මෙහිදී සෑම Slide එකක්ම thumbnails ආකාරයෙන් දිස් වෙයි. Slide කීපයක් සමල එක්වර වැඩ කිරීම සඳහා මෙම view එක භාවිතයට ගනී.

Slide Sorter view එක අපට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීම.
පේලියට තිබිය යුතු Slide ගණන තීරණය කිරීම සඳහා - View > Toolbars > Slide View වෙත ගොස් පහත දැක්වෙන toolbar එක ලබා ගන්න. එමගින් Slide ගණන තීරණය කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙයි.

 Moving a slide (Slide වල අනුපිලිවල වෙනස් කිරීම)
Slide එක වටේට ඇති කලු පාට ඉර මත ක්ලික් කර අවශ්‍ය ස්ථානයට Drag කරගෙන යන්න.
Selecting and moving groups of slides (Slide එකක් හෝ කීපයක් එක්වර තවත් ස්ථානයකට ගෙන යාම)

·         Control (Ctrl) key එක press කර ගෙන ඉන්නා අතර අනික් Slide මත Click කල විට ඒ සැම Slide එකක්ම තෝරාගැනීමට හැකියාව ලැබේ.
·         Shift key එක press කර ගෙන ඉන්නා අතර මුල් Slide එක මත Click කර තෝරා ගත යුතු කණ්ඩායමේ අවසාන Slide එක මත Click කල විට ඒ අතර ඇති සෑම Slide එකක්ම තෝරාගැනීමට හැකි වනු ඇත.
·         Mouse එකෙන් පළමු Slide එක මත Click කරගෙන අවසාන Slide එක දක්වා Drag කරගෙන ගොස් අතහරින්න. එවිට ඒ අතර ඇති සෑම Slide එකක්ම තෝරි ගැනීමට හැකි වනු ඇත.


මේ විදියට තෝරා ගත් slides ටික එක්වරම ගෙනයාමට
·         Select කර ගෙන තියෙන Slides මත ක්ලික් කර Drag කරගෙන ගොස් අවශ්‍ය ස්ථානයේ drop කර ගත යුතු වෙනවා.

Slide Sorter view එකේදී කල හැකි කාර්යයන්
Slide pane එකේදී කළ හැකි සෑම කාර්යයක්ම මෙහිදීද කර ගැනීමට පුළුවන. ඒ අනුව,
මෙම වෙනස්කම් සිදු කර ගැනීම සඳහා right-click කර ලැබෙන pop-up menu එකෙහි ඇති විධානය මත ක්ලික් කරන්න.

                     New Slide: අලුත් slide එකක තෝරාගත් slide එකට පසුව ලැබේ.
                     Delete Slide: තෝරාගෙන ඇති slide එක මකා දැමීමට පුළුවන.
                     Rename Slide: slide එකේ නම වෙනස් කිරීමට පුළුවන.
                     Slide Layout: තෝරාගත් slide එකේ Layout එක වෙනස් කර ගැනීමට පුළුවන.
                     Slide Transition: slide එකේ transition එක වෙනස් කිරීමට පුළුවන.
                     Hide Slide: slide show එකෙදී නොපෙන්වන ආකාරයට slide සගවා තැබිය හැක.
                     Cut: තෝරාගත් slide එක එතනින් අයින් වී clipboard එකට පිටපත් වීම සිදු වෙයි.
                     Copy: තෝරාගත් slide එකෙහි පිටපතක් clipboard එකට පිටපත් වීම සිදු වෙයි
                     Paste: clipboard එකෙහි පිටපත් වී ඇති slide එකක් අපට අවශ්‍ය තැනකට පිටපත් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙයි.
Renaming slides  නම වෙනස් කිරීම
Slides pane එකෙහි ඇති slide thumbnail එක මත Right-click කල විට ලැබෙන pop-up මෙනුවේ Name මත ක්ලික් කර නම මකා දමා අලුත් නම එක් කර ගන්න.