Gimp 2.8 භාවිතය අරබමු.

 

Gimp කියන්නේ විවෘත මෘදකාංග අතර ඡායාරූප සංස්කරණය සඳහා වඩාත් ප්‍රචලිත මාදුකාංගයකි. මෙම මාදුකාංගය භාවිතයෙන් photoshop භාවිතා කර අපි ඉටු කර ගන්නා බොහෝ කාර්යයන් කර ගැනීමට පුළුවන.

මෙම් ලිපි පෙලේදි අපි හන්තාන ලිනක්ස් මතදි Gimp මෘදුකාංගය භාවිත කරන අන්ඳම පිළිබඳව මුල සිට සරළව කතා කිරීමට බලාපොරොත්තු වනවා.

මේ එහි පළමු පියවරයි.  



හන්තාන ලිනක්ස් තුල gimp විවෘත කර ගැනීමට
Activities -> Applications -> Graphics -> Gimp -> මත ක්ලික් කරන්න

සැම වින්ඩෝවක්ම එක් ප්‍රධාන වින්ඩෝවක් ඇතුලට එක් කිරිමට
Windows -> Single-Window mode -> තෝරාගන්න

අපට අවශ්‍ය pallets ලබා ගැනීම සඳහා
Windows ->Dockable dialogs -> අවශ්‍ය එක තෝරා ගන්න.

අලුත් පිටුවක් ලබා ගැනීමට
File -> new -> භාවිත කරන්න.