වෙනත් විෂයයක් යටතේ පත්වීම ලැබ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහායි

 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරු භවතුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය මූලික කරගත් උපාධි අවස්ථා ආරම්භ කෙරේ. 
 
අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා එක්ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය උගන්වනු ලබන ගුරුභවතුන් සඳහා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය මූලික කරගත් පහත සඳහන් උපාධී අවස්ථා 2013 වසරේ සිට ලබාදීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මඟින් සැලසුම් කර ඇත.
 
ඒ අනුව ඔබ වෙනත් විෂයයක් යටතේ පත්වීම ලැබ එහෙත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයෙහි  අඛණ්ඩව අවුරුදු 5 ක් හෝ ඊට වැඩි හෝ සේවා කාලයක් නිරත වූ ගුරුභවතෙක් නම්,

 පුවත් පත් දැන්වීම 
වැඩි විස්තර හා අයදුම්පත් සඳහා

උපුටා ගැනීම : - http://www.moe.gov.lk

පරිගණකයක සිංහල ස්ථාපනය කිරිම (3) ලිනක්ස් සඳහා IBus

අද මම කතා කරන්න යන්නේ ලිනක්ස් ස්ථාපනය කර ඇති පරිගණකයක් තුල යුනිකේත භාවිත කරන්නේ කොයි විධියට ද කියලා හොයලා බලන්න.

මෙහිදී භාවිත වන්නේ IBus  කියන ක්‍රමයයි. මේකෙන් සිදු වන්නේ අපගේ input method එක තෝරා ගැනීම කියලා කියන්නත් පුළුවන්.

මම මෙහිදී නිදර්ශනය කර ගන්නේ හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියයි. එහිදී සිංහල යුනිකේත පෙරනිමියෙන්ම ලැබෙන අතර අපට කර ගැනීමට ඇත්තේ input method එක සකස් කර ගැනීම පමණයි. අනිකුත් ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලදී මීට වඩා වෙනස් ක්‍රම භාවිත වන්නේ නම් ඒ ගැන දැනුවත් කරන්න.

හොඳයි. එහෙනම් පටන් ගනිමු.

මුලින්ම,
  • Activities මත ක්ලික් කරලා input කියලා search box  එකේ type  කරන්න. එවිට පහත රූපයේ දැක්වෙන ආකාරයට Input Method Selector අයිකනය දැක ගැනීමට ලැබේවි. ඒ මත ක්ලික් කර වැඩසටහන ක්‍රියාත්මක කර ගනිමු.
 
  • එවිට ලැබෙන වින්ඩෝව පහත රූපසටහනේ දැක්වේ. එහි no input method කියලා select වෙලා තියෙයි.
 
  • ඒ නිසා අපි use IBus මත ක්ලික් කර එය active කර ගැනීමෙන් පසුව preferences මත ක්ලික් කරන්න. 
 
  • දැන් ලැබෙන iBus Preferences වින්ඩෝවේ input method tab එක මත ක්ලික් කර එය දිගහැර ගන්න.
 
  • එහි customize input method selector check box එකට ක්ලික් කරලා පහත රූප සටහනේ 2 අංකයෙන් පෙන්වන list Box එක දිගහැර ගන්න.
 
  • එහි පෙන්වනුයේ option කීපයක් නිසා සියල්ලම බලා ගැනීමට පහත රූපයේ පෙනවන පරිදි show all මත ක්ලික් කර නැවත එම ලයිස්තුව දිග හැ ගන්න.
 
  • දැන් Sinhala : sinhalease යටතේ ඇකි wijesekara මත ක්ලික් කර එය තෝරා ගන්න.
 
  • එවිට පහත වින්ඩෝව ලැබේවි. එහි add බොත්තම මත ක්ලික් කරන්න.
 
  • එවිට එය input method එකක් විදියට ඇතුලත් වෙවි.
 
  • දැන් ඔබට writer හෝ වෙනත් වැඩසටහනකට ගොස්  පහත රූපයේ දැක්වෙන අයිකනයට ක්ලික් කර හෝ ctrl + space ක්ලික් කර input method එක සිංහල ඉංග්‍රීසි වශයෙන් වෙනස් කිරීමට පුළුවන්.

එ මඟින් යුනිකෙත භාවිතාකර ඉතාමත් පහසුවෙන් සිංහල යතුරුලියනය කිරීමට හැකියාව ලැබෙයි.  

පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම (2) Sinhala Tamil IME

මීට පෙර ලිපියේ දී අපි වින්ඩෝස් 7 සමඟ පෙරනිමියෙන්ම ලැබෙන සිංහල යුනිකේත Input Language එක විදියට සකස් කර ගන්නා ආකාරය පිළිබඳව කතා කළා.

අද මම කතා කරන්න යන්නේ  Sinhala Tamil IME එක ගැනයි. මෙමගින්ද සිදු වන්නේ සිංහල හා දෙමළ යුනිකේත පරිගණකයට ස්ථාපනය කිරීමයි. මෙමඟින් සිදු වන විශේෂතා කීපයක් තියෙනවා.
  • එකක් තමයි Windows XP සඳහා යුනිකේත භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් කළ යුතු වන්නේ මෙම ක්‍රමයයි.
  • එසේම තවත් සමහර අවස්ථා වල දී වින්ඩෝස් 7 වල පෙර නිමියෙන් ලබාදෙන යුනිකේත අක්ෂර නිවැරදි ලෙස යතුරු ලියනය නොවන අවස්ථා වලදී භාවිත කිරීමට සිදුවනුයේ මෙම ක්‍රමයයි.
ඒ නිසාවෙන් අපි මෙම Sinhala Tamil IME එක පිළිබඳවත් දැන සිටීම වැදගත් වෙනවා.
  • මුලින්ම www.siyabas.lk/  කියන වෙබ් අඩවියට යන්න. 
  • එහි ඇති Get Sinhala බොත්තම මත ක්ලික් කරන්න.

  • දැන් ඔබට ඔබගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන දිගුව තෝරාගෙන ඒ මත ක්ලික් කරන්න.

  • නිදර්ශනයක් ලෙස අපි වින්ඩෝස් එක්ස්පි දිගුව මත ක්ලික් කර බලමු. එවිට පහත ආකාරයේ තෝරාගැනීම් දැක ගැනීමට ලැබේවි.

  • ඒ ආකාරයට තමන්ට ගැලපෙන දිගුව මත ක්ලික් කර එය බාගත කර ගන්න.
 මෙම බාගත  කරගත්  වැඩසටහන මත දෙවරක් ක්ලික් කර ස්ථාපනය කර ගන්න. ස්ථාපනය කර ගැනීමෙන් පසුව පහත රූප සටහනේ ආකාරයට Task Bar එකේ ඇති EN මත ක්ලික් කර භාෂාව තෝරා ගන්න.



 

මීලග ලිපියෙන් අපි ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා යුනිකේත භාවිත කිරීමට සකස් කර ගන්නා ආකාර පිළිබඳව විමසා බලමු.

පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම (1)

පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම




මේ සඳහා භාවිත කළ හැකි ආකාර ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අද අපි එයින් එකක් පිළිබඳව කතා කරන්නයි සූදානම් වන්නේ.

නිවැරදි කිරීමක්
(පෙරනිමියෙන්ම ස්ථාපනය කරලයි තිබෙන්නෙ. මෙතනදි කරල තිබෙන්නෙ Input language එක විදියට සිංහල ලබා දීමයි) 
මෙම නිවැරදි කිරීම සිදු කල පසන්ට බෙහෙවින් ම ස්තුතියි

ඒ අනුව,

වින්ඩෝස් 7 ස්ථාපනය කර ඇති පරිගණකයකට සිංහල යුනිකේත ස්ථාපනය කරන අයුරු විමසා බලමු.

  • start බොත්තම මත ක්ලික් කර start menu එක ලබාගෙන එහි control panel විධානය මත ක්ලික් කරන්න. 
 
  • එවිට ලැබෙන වින්ඩෝවේ දකුණු ඉහළ කෙළවර ඇති search box එකෙහි region and language ලෙස type කරන්න. එවිට එම වින්ඩෝවේ වම් පස Region and language විධානය දැක ගන්නට ලැබේ වි. ඒ මත ක්ලික් කරන්න.
  • එවිට ලැබෙන වින්ඩෝවේ ඇති Keyboard and Language Tab එක මත ක්ලික් කරන්න.
 
  • එහි ඇති Changed Keyboard බොත්තම මත ක්ලික් කරන්න.
 
  • එවිට තවත් වින්ඩෝවක් ලැබේවි. එහි add බොත්තම මත ක්ලික් කරන්න.
 
  • දැන් ලැබෙන ලයිස්තුව scroll කර Sinhala (Sri Lanka) සොයාගන්න. එය ඉදිරියෙන් ඇති + ලකුණ මත ක්ලික් කළ විට දිගහැරෙන ලයිස්තුවේ 















  • sinhla - wij9 ඉදිරියේ ඇත් check box එක මත ක්ලික් කර එය තෝරා ගෙන OK කරන්න.















  • දැන් Task Bar එකේ දැක්වෙන EN අයිකනය මත ක්ලික් කළ විට ලැබෙන Short Cut Menu ඒකෙහි ඇති SI මත ක්ලික් කිරීමෙන් සිංහලද EN මත ක්ලික් කිරීමෙන් නැවතත් සිංහල ද Type වන ආකාරයට Keyboard එක සකස් කර ගැනීමට පුළුවන.

 දැන් වර්ඩ් හෝ ඕනෑම වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිත කර සිංහලෙන් ටයිප් කිරීමට ඔබට හැකි වෙයි. මෙහිදී සිංහල ඉංග්‍රීසි භාෂා මාරැ කර ගැනීමට අවසන් පියවර හොඳින් අවධාරණය කර ගන්න.