අතපසු වීමකින් මැකි ගිය දත්ත නැවත ලබා ගනිමු

ඔබේ පරිගණක පෙන් එකේ තිබූ වැදගත් ගොනු අතපසු වීමකින් මැකී ගියාද? එවැනි අවස්ථාවලදී  Recuva මෘදුකාංගය භාවිත කර Windows පරිගණක දී එම ගොනු නැවත ලබා ගත හැකියි. එසේම ඩිජිටල් කැමරා කාඩ් සඳහා ද මෙම මාදුකාංගය භාවිත කළ හැකියි. මෙහි විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගය නොමිලයේ ලබා ගත හැකි වීමයි.



මෙම් මෘදුකාංගය ලබා ගැනීමට පහත යොමුව වෙත යොමු වන්න.
http://www.piriform.com/recuva

මෙය භාවිත කරන ආකාරය පිළිබඳව අවභෝධයක් ලබා ගැනීමට පහත වීඩියෝව බලන්න.

Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් ගැන දන්නවාද?

Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් පරිශීලකයන් දුරස්ථව ක්රෝම් බ්රව්සරය හෝ ක්රෝම්බුක් හරහා තවත් පරිගණක වෙත පිවිසීමට යෙදුමට අවස්ථාව ලබා දෙනවා. මෙම පහසුකම කෙටි කාලීන පදනම මත, හෝ ඔබේ අයදුම්පත් හා ගොනු දුරස්ථ ප්‍රවේශය සඳහා වඩා දිගු කාලීන පදනම මත ලබා ගත හැක. සියලු සම්බන්ධකම් අතිශයින්ම සුරක්ෂිත කර ඇත.



මෙම පහසුකම ලබා ගැනීමට පහත යොමුව භාවිත කරන්න.
ttps://chrome.google.com/webstore/detail/chrome-remote-desktop/gbchcmhmhahfdphkhkmpfmihenigjmpp?hl=en

මෙය භාවත කරන ආකාරය පිළිභඳව උදව් ලබා ගැනීමට පහත යොමුව භාවිත කරන්න.
ttps://support.google.com/chrome/answer/1649523

පහත වීඩියෝව ඔබට මේ පිළිබඳව තව දුරටත් දැන ගැනීමට අත්වැලු සපයාවි.

පරිගණක ආධාරයෙන් ගණිතය ඉගැන්වීමට අපූරු මෘදුකාංගයක්

පරිගණක ආධාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක කර ගත හැකි අපුරු මෘදුකාංගයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.

මේ මෘදුකාංගය තමයි
GeoGebra

මෙම මෘදුකාංගය භාවිත කරමින් ගණිතය පාඩම් කොටස් ගණනාවක් ඉතාමත් ආකාර්ශනීය ආකාරයෙන් සිසුන් පැහැදිලි කළ හැකිවාක් මෙන්ම එම පාඩම් කොටස් සඳහා ක්‍රියාකාරකම් සකස් කිරීම ද සිදු කර ගැනීමට හැකියාව පවතී.

පහත රූප තුළින් ඔබට මෙම මෘදුකාංගය භාවිත කළ හැකි අංශ පිළිබඳව මනා ඉඟියක් ලබා ගත හැකි වේවි.













මෙම මාදුකාංගය ලිනකස් මත මෙන්ම වින්ඩෝස් මතද භාවිතා කළ හැකි අතර නිදහස් මෘදුකාංගයක් ලෙස ඔවුන්ගේ ප්‍රධාන අඩවියෙන් භාගත කර ගැනීමට පුළුවනි.

ඔවුන්ගේ වෙබ් අජවිය වෙත යොමු වීමට පහත යොමුව භාවිත කරන්න,

http://tube.geogebra.org/

මෙම මෘදුකාංගය භාගත කර ගැනීම සඳහා පහත යොමුව භාවිත කරන්න,

http://www.geogebra.org/download

මෙම මෘදුකාංගය භාවිත කිරිම සඳහා නිර්මාණය කර ඇති ආධාරක නැරඹීම සඳහා පහත යොමුව භාවිත කරන්න.

http://tube.geogebra.org/

මේ මෘදුකාංගය භාවිත කරන ආකාරය පිළිබඳව පහත වීඩියෝව නැරඹිම තුළින් වැඩිදුර අවබෝධයක් ලබා ගත හැකියි.