මාර්ගගතව දත්ත සමුදායන් සකස් කරමු.

දත්ත සමුදාය පාඩම් සඳහා උසස් පෙළ දී අපි භාවිත කරන mysql දත්ත සමුදාය කළමණාකරණ පද්ධතීන් පරිගණකයේ ස්ථාපනය කර නොගෙන අන්තර්ජාලය තුල දීම භාවිත කිරීමේ හැකියාව ඇති මෘදුකාංග මේ වන විට බහුලව දක්නට ලැබේ.

මේ එවැනි තවත් අඩවියකි. මෙය දත්ත සමුදාය කලමණාකරණ පද්ධතියක් වශයෙන් භාවිත කල හැකි අන්තර්ජාල යෙදවුමකි.

ඒ සඳහා මෙතනින් යොමු වන්න.
http://www.tutorialspoint.com/mysql_terminal_online.php

ඔබගේ පරිගණකයේ සිංහල යුනිකේත ස්ථාපනය

ඔබගේ පරිගණකයේ සංහල යුනිකෙත් නිසි අයුරින් ක්‍රියාත්මක නොවන්නේ නම් පහත දැක්වෙන සියබස් අඩවිය වෙතගොස් Sinhala tamil ime එක භාගත කර ගෙන ස්ථාපනය කර ගන්න.

වින්ඩෝස් වලදී පෙරනිමියෙන් ලැබෙන යතුරුපුවරුව භාවිතයේ දී අකුරු නිවැරදිව ලියනය නොවීම වැනි දෝෂ නිරාකරණය කර ගැනීමට මෙම ක්‍රමය මනා පිටුවහලක් ....

මෙන්න ලින්ක් එක
https://www.icta.lk/keyboard-drivers-etc/

ඔබගේ පරිගණකයේ පැස්කල් ස්ථාපනය කර ගන්නේ නැතිව පැස්කල් භාෂාව අත්හදා බලමු......

ඔබගේ පරිගණකයේ පැස්කල් ස්ථාපනය කර ගන්නේ නැතිව පැස්කල් භාෂාව අත්හදා බලන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමය භාවිත කරන්න අන්තර්ජාල පහසුකම් හොඳින් තියෙන්න ඔනි.......

මේකට කියන්නේ Pascal Online Editor එකක් කියලා. එකෙන් සාමාන්‍යෙයන් පරිගණකයේ ස්ථාපනය කර ගත් පැස්කල් ක්‍රමලේඛණ භාෂා මෘදුකාංගයක් භාවිත කරනවාට වඩා වැඩි පහසුකම් යටතේ භාවිත කිරීමට හැකියාව සහ අවස්ථාව ලැබෙනවා.

පහත යොමුවෙන් ගිහින් බලන්න. ඔබ මේකට කැමති වෙනවා අනිවාර්යයි.
Pascal Online Editor

Open365 ගැන දන්නවාද?

Open365 ගැන දන්නවාද?

Open365 කියන්නේ Libre Office Cloud එකටයි. මේත තවත් පැහැදිලි කරලා කීවොත් ලිබ්රේ ඔෆීස් දැන් Online විදියට භාවිත කරන්න පුළුවන්.

Office 365 නැතිනම් Google Docs විදියට Open365 භාවිත කිරීමට ඔබටත් අවස්ථාවක් ලැබෙනවා.



වැඩි විස්තර සඳහා පහත දැක්වෙන යොමුව මත ක්ලික් කරන්න.

පැස්කල් ක්‍රමලේඛණ භාෂාව

11 ශ්‍රේණියට නියමිත ක්‍රමලේඛණ භාෂාව 

2016 වර්ෂයේ සාමාන්‍ය පෙළ හදාරන සිසුන් සඳහා නියමිතව ඇති ක්‍රමලේඛණ භාෂාව වන පැස්කල් ප්‍රභේද කීපයකින් දාක ගන්න පුළුවන්. ඒ තමයි,

  • Turbo Pascal  
  • Delphi 
  • Free Pascal 
  • Oxygene 
  • GNU Pascal (GPC) 
මෙම භාෂාව භාවිත කිරීම සදහා IDE ගණනාවක් පවතින අතර ඒ අතරින් වර්තමානයේ දී  Turbo Pascal සහ Free Pascal ඉතා පහසුවෙන් භාවිත කිරීමට පුළුවන.

එය භාගත කර ගැනීමට බ්ලොග් එකෙහි ඇති බැනරය මත ක්ලක් කරන්න............

2016.03.18 වන දින Turbo Pascal 7 භාවිත කරමින් කටුගස්තොට අධ්‍යාපන කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් සඳහා පැවැත්වුණු වැඩමුළුවක මතක සටහන් කිහිපයක් පහත දැක්වේ. නුගවෙල පරිගණක සම්පත් මධ්‍යස්තානයේ දී පැවැත් වූ මෙම වැඩසටහන කලාප අධාපන කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබීය.




 



ඉසුරු ලිනකස් මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

ඉසුරු ලිනකස්


අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය විසින් නිර්මාණය කර ඇති ඉසුරු ලිනකස් මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව ඔබ පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීම සඳහා භාවිත කළ හැකි නිදහස් හා විවෘත මෘදුකාංග එකරාශි කරමින් නිර්මාණය කර ඇත.

අනුව මෙම මෘදුකාංග එකතුව භාවිත කිරීමෙන් තොරතුරු හා සන්නිවේදන විෂය ඉගැන්වීමට අවශ්‍ය සියලුම යෙදුම් මෘදුකාංග එකතුවක් ලෙස ඔබට භාවිත කිරීමට අවස්ථාවක් සැලසේ.

මෙම එකතුව භාවිත කිරීමෙන් ඔබට ලැබෙන්නා වූ සුවිශේෂ වාසි ගණනාවකි. එනම්, මෘදුකාංගය සොයමින් අන්තර්ජාලය පීරමින් කාලය වැය කිරීමට සිදු නොවීම මෙන්ම එම මෘදුකාංග තම පරිගණකයේ ස්ථාපනයේ දී ඇති වන විවිධාකාර ගැටුළු වලට මුහුණු දීමට සිදු නොවීම ආදිය පෙන්නා දෙන්න පුළුවන්.
එමෙන් ම වෛරස නිසා මෙම මෘදුකාංග භාවිත කිරීමට සුදුසු මට්ටමින් පරිගණක විද්‍යාගාරයක් පවත්වාගෙන යාමත් පහසු කාර්යයක් නොවන අතර විද්‍යාලයීය පරිගණක විද්‍යාගාර තුල ඉසුරු ලිනකස් ස්ථාපනය කිරීම මඟින් මෙවැනි ගැටළු එනම් වෛරස නිසා පරිගණකය අක්‍රීය වීම, මෘදුකාංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ආදී ගැටළු රාශියක් සඳහා නිසි පිළිතුරක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මට්ටමින් මෙන් ම කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හා මෘදුකාංග එකතුව ගුරුවරුන්ට හා සිසුන් සඳහා හඳුන්වා දීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

මෙම වර්ෂය ආරම්භයේ දී සෑම පළාතක්ම නියෝජනය වන පරිදි තෝරාගත් නියමු ගුරුවරුන් 80 දෙනෙක් සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ මීපේ පීඨයේ දී වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර මේ එහි අවස්ථාවන් කිහිපයකි.

 







ඉන් අනතුරුව ලංකාවේ විවිධ පළාත් වල ගුරුවරුන් වෙනුවෙන් පළාත් මට්ටමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වූ අතර මේ වන විටද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ එවැනි වැඩසටහන් කිහිපයක් ......

  • කහටගස්දිගිලිය කලාපීය සම්පත් මධ්‍යස්ථානයේ පැවති වැඩසටහන


  • වයඹ පවැති වැඩසටහන


  • මධ්‍යම පළාතේ පිළිමතලාව මහ විදයාලයේ පැවති වැඩසටහන




  • මධ්‍යම පළාතේ මාතලේ ශාන්ත තෝමස් විදයාලයේ පැවති වැඩසටහන

 

  • නිකවැරටිය කලාපයේ පැවති වැඩසටහන






තාක්ෂණික පෙරලියක්............

Google Street View 

අතීතයේ සිට අපි සිතියම් කියෙව්වෙමු. සිතියම් බැලුවෙමු. එය ක්‍රමයෙන් Google Map ඔස්සේ පරිගණක ආධාරයෙන් වඩාත් අපූරු ලෙස දැකීමටත් බැලීමටත් යොමු විය.



එහි වඩාත් ආකාර්ෂණීය අවස්තාවක් බවට පත් වූයේ චන්ද්‍රිකා තාක්ෂනය භාවිතයෙන් අහසේ සිට බැලීමට ලැබුණු අවස්ථාවයි. එය Google Earth වශයෙන් හඳුන්වයි.



















සජීවීව අපට අවශ්‍ය ස්ථානයක් දක්වා යොමු වීමට මෙම සිතියම් තුළින් අවස්ථාව ලබා දෙයි. පහත දැක්වෙනුයේ එවැනි සමීප ඡායාරූපයක්.....



















මෙම සිතියම ත්‍රිමාණව දැක ගැනීමට ලැබීමත් මෙහි අැති තවත් සුවිශේෂ අත්දැකීමක්.......


















මෙම අත්දැකීම තවත් දියුණු කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා ගමන් ගන්නා මාර්ග සිතියම ලබා දීමේ පහසුකම පෙන්නා දිය හැකියි. මේ එවැනි අවස්ථාවක්......



















සිටින ස්ථානය හා යායුතු ස්ථානය ලබා දීමත් සමඟ ඊට අදාල මන් මාර්ගය පෙන්වන අතර දෙපයින් යාමට, සයිකලයෙන් යාම, පුද්ගලික වාහනයෙන් යාම, හෝ පසයෙන් යාම ආදී විශයෙන් විවිධාකාරයේන් අදාල ස්ථානයට යොමු වීම සඳහා අවශ්‍ය මාර්ගය පෙන්වීම සිදු කරයි.

මෙහි එන මීළග පෙන්ම වනුයේ සිතියේ ම ඇති මාර්ග ඔස්සේ යමින් දෙපස නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන Google Street View පහසකමයි.


















ලංකාව පුරා ඇති පාරවල් දිගේ ගමන් කිරීමටත් වට පිට නැරඹීමටත් ලබා දෙන මෙම පහසුකම ලංකීය අපට අපූරු අත්දැකීමක් ......................

මෙම පහසුකම Google Street View වශයෙන් හැඳින්වෙන අතර රට තොට බලන්න කදිම අවස්ථාවක්...........

අන්තර්ජාලය හරහා ජංගම දුරකථනයක් මිලදී ගන්නෙ කෙසේද?



ඔබ කාර්යාලයට යන විට, පන්ති කාමරයට යන විට, මිතුරන් සමග කථා කරන විට, විවේකයක් ලබා ගන්න විට, සෑම අයෙක් අතම සෑමවිටම අතේ ජංගම දුරකථනයක් රෑදී තිබේ. ඒයින් ඔවුන් කෙට් පණිවුඩ යවනවා විය හැක, නැත්නම් සමාජ ජාලා අඩවි පිරික්සනවා විය හැක, නැතිනම් වැදගත් දුරකතන ඇමතුමක් ලබාගන්නවා විය හැක. එ සියල්ල සඳහා භාවිත වන ජංගම දුරකථනය අද වනවිට අප සියලු දෙනාට නැතිවම බැරි ඉතා වටිනා මෙවලමක් බවට පත් වී ඇත. එයට වඩාත් බලපා ඇත්තෙ අදවනවිට ජංගම දුරකථනය භාවිතා කර ඇමතුම් ලබාගැනීම සහ කෙට් පණිවුඩ යවනවාට වඩා බොහෝදේ කලහැකි වීමයි. එහෙත් බොහෝ දෙනාට මේ විෂ්මිත උපකරණය මිලදී ගැනීමට යාමේදී යම් ප්‍රශ්ණකාරී තත්වයන් වලට මුහුණ දීමට සිදුවේයි.


ශ්‍රී ලංකාව පුරාවට විවිධ ප්‍රමාණයේ ජංගම දුරකථන වෙළදසැල් පැතිරී පැවතුනත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් වෙළදසැලකින් මිලදී ගැනීමට යාම යම් පීඩාකාරී අත්දැකීමක්ද නොවේද? ඇත්තෙන්ම එය කරදරකාරී කම්මැලි ක්‍රියාවක්. එය ඔබ්ගේ එයින් ජීවිතයේ වැදගත් අවස්ථා රැසක් මගහැරීමට සහ ඵ් ගමනට ඔබේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් වීමටද හෙතුවිය හැකිය. එහෙත් තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමාන ලෝකයේ මේ සදහා ඉතා සාර්ථක විසදුම් බිහිවෙමින් පවතී. භාණ්ඩ මිලදී ගැනීම ඉතා පහසු කරමින් ලාභයි (laabai) වැනි අන්තර්ජාල වෙළදපොලවල් (online marketplace) මේවනවිට බිහිවෙමින් පවතී. එමගින් පාරිභොගිකයින්ට අන්තර්ජාලයට පිවිස තම තොරතුරු ඇතුලත් කර අවශ්‍ය භාණ්ඩය තෝරාගෙන එසැණින් එය ඇනවුම් කිරීමේ හැකියාව ඇත. මෙමගින් ඔබට අලුත්ම ජංගම දුරකථනයක්  මෙන්ම අවශ්‍ය නම් භාවිතා කරන ලද ජංගම දුරකථනයක් වුවද මිලදී ගැනීමට හැකියාව ඇත.
ඔබට අවශ්‍ය දේ ගැන තීරණය කරන්න
ඔබට ජංගම දුරකථනයක් අවශ්‍ය කුමන කාරණාවක් සඳහාද යන්න තීරණය කීරීම ඉතා වදගත්ය. එබැවින් ඔබ ජංගම දුරකථනයක් මිලදී ගන්නෙ ඇයි යන ප්‍රශ්ණය ඔබ ඔබෙන් අසාගතයුතුය. ඔබ ජංගම දුරකථනය යොදාගන්න බලාපොරෝත්තු වන්නෙ කෙට් පණිවුඩ සහ අමතුම් වලට පමණක් ද? නැතිනම් අන්තර්ජාලය හරහා e-mail යැවීමටද?
සෑම ජංගම දුරකථනයක්  එකිනෙකට වෙනස් තාක්ෂණික පහසුකම් වලින් යුක්ත වේ. ඔබ ජංගම දුරකථනයක් තොරාගණීමෙදී එවායින් ඔබට අවශ්‍ය පහසුකම් පිලිබදව තීරණය කලයුතු වේ. නිදසුනක් වශයෙන් ඔබට දුර ගමනකදී සංගීතයට සවන් දීමට අවශ්‍ය නම් ඔබ හොද බැටරි ආයුකාලයක් සහිත ජංගම දුරකථනයක් තොරාගත යුතු වේ, එ බොහොවිට එවැනි ගමනක දී නිරන්තර විදුලි සැපයුමක් සොයාගැනීම අපහසු බැවිනි. දුරකථනයේ ඇති කැමරාවේ තත්වය මෙගාපික්සල් ප්‍රමාණය, එ සමග එන flash light එකක් අවශ්‍ය ද නැද්ද? වතුරෙන් හානි නොවන (water proof) පහසුකම ඔබට වැදගත්ද නැද්ද යන්න තීරණය කළ යුතුය. ඔබ සැම්සුං වැනි වේලඳ නාම වලින් එන ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දෙයක් නම් ඒ ඒ සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන අනෙක් නිෂ්පාදන වලින් අනන්‍ය වන්නට විවිධ විශේෂාංග ඇතුලත් කිරීමයි. උදාහරණයක් වශයෙන් ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්  විසින් ඔව්න්ගේ නිෂ්පාදනවල අවසන් නිමවුම ඉතා උසස් අන්දමින් පවත්වා ගැනීමට උත්සුක විය.   
වෙලඳපොල තොරතුරු හොදින් පරීක්ෂා කරන්න
විශ්වාසවන්ත වෙබ් අඩ්වියක් තොරාගැනීම ඉතා වැදගත් ය. මක්නිසාද යත් භයානක ව්‍යාඡ වෙබ් අඩවි අන්තර්ජාලය පුරා පැතිරී අති බවිනි. එවැනි ව්‍යාඡ වෙබ් අඩවි ඔබේ අන්න්‍යතාවය සහ තොරතුරු රැස් කර එවා අවභාවිතාවේ යෙදවීමට හෝ ඔබගේ මුදල් සොරකම් කිරීමට ඉඩ ඇත. සර්ව සම්පූර්ණ ආරක්ෂණය ඇති Kaymu වැනි මාර්ගගත අන්තර්ජාල වෙළඳසලක් භාවිතා කිරීමෙන් ඉතා ආරක්ෂාක්ෂිතව භාණ්ඩ මිලදීගැනීමට ඔබට අවස්ථාව ලැබේ. ආරක්ෂාකාරී වෙබ් අඩවියක සලකුණක් වන්නෙ අදාල අඩවියේ address bar එකේ ඇති ඉබි අගුල් ලකුණයි. විකිණීමට අති දුරකථනය සහ එවා පිලිබඳ දී අති විස්තර හොදින් නිරීක්ෂණය කරන්න. ඔබගේ මිතුරන් ගෙන් සහ මින් පෙර එය මිලදී ගෙන අති ගැනුම්කරුවන් වෙබ් අඩවිය ගැන දී ඇති ප්‍රතිචාර විමසන්න. ඔබ වඩා හොඳින් දන්නා ප්‍රමුඛ පෙලේ වෙලඳ නාමයක් යටතේ එන ජංගම දුරකථනයක් මිලදී ගැනීම වඩා නුවණට හුරුය, එවිට තත්වය පිලිබඳවද ඔබට ගැටලුවක් පැන නොනාගිනු ඇත.
ඔබ අන්තර්ජාලයෙන් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේ වාසි පිලිබඳ අවබොදයක් ලබා ගත් පසු ඔබට නිවසේ සිටම කොතරම් පහසුවෙන් ගුණාත්මක භාණ්ඩ ලබා ගත හැකිද යන්න වැටෙහේවි.