උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත්

උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත්

පොත ගැන

තොරතුරු සන්නිවේදනය කිරීමේ විවිධක්‍රමවේද අතර පරිගණක ජාල සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. පරිගණක ජාලයක් නිර්මාණය කර ගැනීමේ දී ඔබ දැනගත යුතු මුලික කරුණු පිළිබඳවත්, ඒ සඳහා අවශ්‍ය කරණ උපාංග පිළිබඳවත් සාකච්ඡා කරන අතර දෙවනුව ජාල සකස් කිරීමේ දී ඔබ දැන සිටි යුතුම නියමාවලීන් (protocols) පිලිබඳව හඳුන්වා දෙයි. අනතුරුව ජාලයක් තුල දත්ත සන්නිවේදනය සිදු වන ආකාරයන් පිළිබඳව මෙන්ම එමඟින් ලබා ගත හැකි විවිධ ප්‍රයෝජන පිළිබඳවත් ජාලයකට එල්ල විය හැකි තර්ජන හා අනතුරු පිළිබඳවත් මෙම පෙත මඟින් සාකච්ඡා කෙරේ. එසේම ජාල නිර්මාණයේ භාවිත කරන නිමාවලි ලිපිනයන් පිළිබඳව මෙන්ම උප ජාල ආවරණ ගොඩනැගීම පිළිබඳවත් පැහැදිලි කෙරේ.

ශාන්ත කේ හේරත් විසින් නිම කල පිටකවරය

කතුවරයා ගැන

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේනතුවේ, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු හා සන්නිවේදන විෂය ඉගෙනුම් උපකරණ සැකසීමේ සහ ගුරුවරුන් පුහුණු කිරීමේ සම්පත් දායකයකු වශයෙන් ලැබුනු විෂය අත්දැකීම් පෙරදැරිව මෙම පොත ලිවීම සඳහා යොමු විය.

විශේෂයෙන් මෙම විෂය අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමත් සමඟ සිංහලෙන් ලියවුණු පොත් හිඟ වූ වකවානුවක මෙම පොත සිංහල භාෂාවෙන් ලීවීමට යොමු වූයේ එම හිඩැස යම් මට්ටමකින් හෝ පිරවීම අරමුණු කර ගිනිමිනි.

ඉතාමත් වේගයෙන් වෙනස් වන විෂයය කරුණු සහිත විෂයක් සඳහා සිංහල භාෂාවෙන් ලියවුණු මෙම පොත ලිවීමේ දී සෘජුවම මෙන්ම වක්‍රාකාරයෙන් උදව්උපකාර කල බොහෝ පිරිස් ඇති අතර ඒ සියලු දෙනාටම මෙම පොත ගෞරවයෙන් පිළිගැන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. සිංහල භාෂාවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන සිසුන් සඳහා මෙන් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහාත් මෙම අත්පොත මහඟු පිටිවහලක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

එ වගේම ක්‍රමලේඛන ලිවීම, නව පද්ධතීන් නිර්මාණය සහ දත්ත සමුදායන් සකස් කිරීම වැනි මාතෘකා පදනම් කරගනිමින් ලියවුණු අනිකුත් පොත්ද ඉදිරිකාලයේ දී මුදනය කර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සියල්ලක් හරහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ සහ ඒ පිළිබඳව උනන්දු වන සියලු දෙනාගේ දැනුම වර්ධනය කර ගැනීමට රුකුලක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මිලදී ගැනීම

දිවයින පුරා ඇති සරසවි පොත්හල් වෙතින් මිලදී ගත හැකියි. ඉදිරියේ දී මෙම ජාලය තවත් ව්‍යාප්තව ඔබේ සමීපතම පොත් සාප්පුව මඟින් මිලදී ගත හැකි වනු ඇති.

තැපෑලෙන් ගෙන්වා ගැනීමට


මේ සඳහා පහත පෝරමය පුරවන්න. සතියක් තුල දී ඔබට පොත ලබා ගත හැකි වනු ඇති.