සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (10 ශ්‍රේණියේ 01 පාඩම)


1.1 තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි තැන


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු
O     යුගයෙන් යුගයට තොරතුරු වල අවශ්‍යතාවය වැඩි විය.
O     ශිලා යුගයේ සිටම මිනිසා තාක්ෂණය භාවිතා කර යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරන ලදි.
O     තොරතුරු යුගයේ මිනිසා තොරතුරු නිර්මාණය කිරීමගබඩා කිරීමහැසිරවීමසන්නිවේදනය කිරීම, භාවිත කිරීම හා කළමණාකරණයට තාක්ෂණය භාවිතයට ගනී.
O     මේ සියලු අවශ්‍යතා සපුරාගැනීමට බිහි වූ තාක්ෂණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතය
O     පරිගණකය හා බැදුනු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මිනිසාගේ දෛනික ජීවිතයට අත්‍යාවශ්‍ය අංගයක් වී ඇත.


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය එදිනෙදා කටයුතු සදහා යොදාගන්නා අන්දම
O     පරිගණක ක්‍රීඩා
O     අධ්‍යාපන කේෂත්‍රය
O     සෞඛ්‍යය කේෂත්‍රය
O     මූල්‍යය කේෂත්‍රය
O     සන්නිවේදන කේෂත්‍රය
O     ප්‍රවාහන කේෂත්‍රය
O     ඉදිකිරීම් කේෂත්‍රය
O     ආරක්ෂක කේෂත්‍රය

පරිගණක ක්‍රීඩා
O     පරිගණකය විවිධ මෙවලම් උපයෝගී කර ගනිමින් ක්‍රීඩා භාන්ඩයක් ලෙස භාවිතායට ගැනේ.
O     වයස් කාණ්ඩවලට ගැලපෙන සේ සකසා ඇත.
O     මෙමගින් බුද්ධියක්ෂණික තීරණ ගැනීමේ හැකියාව සහ නිර්මාණශීලීත්වය දියුණු වේ.
O     දැනුම, කුසලතා මෙන්ම විශ්ලේශක හැකියාවන් වර්ධනය වේ.
O     ඇබ්බැහිය හා සූදුවට යොදා ගැනීම අදුරු පැතිය.

අධ්‍යාපන කේෂත්‍රය
O     කලින් සකස් කරන ලද පරිගණක අධ්‍යාපන වැඩ සටහන් නැවත නැවතත් පංති කාමරය තුළ භාවිතයට ගත හැකි වීම.
O     මේවා බහු මාධ්‍ය තාක්ෂණයෙන් සකස් කර තිබීම.
O     Distant Education & E education තුළින් පංති කාමරයේ සීමිත සිසුන් පිරිසකට නොව එකවර බොහෝ පිරිසකට එම සේවය ලබා ගැනීමට හැකි වී තිබීම.
O     Computer Assisted Learning, Computer Based Teaching  & Web Based Teaching
O     පාසලේ පරිපාලන කටයුතු සදහා පරිගණකය භාවිතය.  

සෞඛ්‍යය කේෂත්‍රය
O     බහුලවම භාවිතා වන කේෂත්‍රයක්.
O     CT Scanners, MRI Scanners, ECG, EEG යන්ත්‍ර හැසිරවීමට හා ක්‍රීයාත්මක කිරීමට පරිගණක යොදා ගැනේ.
O     නිවැරදි රෝග විනිෂ්චය හා කිර්යක්ෂමතාවය.
O     දුරස්ථ ශෛල්‍ය කර්ම.
O     E-Channeling
O     රෝහල් පරිපාලන කටයුතු.

මූල්‍යය කේෂත්‍රය
O     බැංකු හෝ මූල්‍ය ආයතන තම සියලුම ශාඛා ජාල ගත කර තිබීම.
O     ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර භාවිතය.
O     Tele Banking, Phone Banking & Net Banking
O     බිල්පත් ගෙවීම හා විද්‍යුත් වාණිජ්‍යය කටයුතු.
O     Credit Card
O     E-commerce

සන්නිවේදන කේෂත්‍රය
O     මෙම කේෂත්‍ර දෙක එකිනෙක බැදී පවතී.
O     අන්තර්ජාලය හා විශ්ව ගම්මාන සංකල්පය නිසා රටවල් හා ජාතීන් අතර දුරස්ථභාවය අඩු වී ඇත.
O     ජංගම දුරකථන නිසා එකිනෙකා අතර සම්බන්ධතාවය වැඩි වි ඇත.
O     විද්‍යුත් මාධ්‍ය මෙන්මමුද්‍රිත මාධ්‍ය ද පරිගණකය බහුලව තම නිර්මාණ කටයුතු සදහා භාවිතයට ගනී.

ප්‍රවාහන කේෂත්‍රය
O     ආගමන හා විගමන කටයුතු සදහා.
O     මෝටර් රථවාහන ලියා පදිංචි කිරීම.
O     රියදුරු බලපත්‍ර නිකුත් කිරීම.
O     ගුවන්ගමන් පාලනය. (Air traffic Controller)
O     ගුවන් ප්‍රෙව්ශපත්‍ර නිකුත් කිරීම. (Electronic Seats)
O     ආසන වෙන් කිරීම. (Reservation of Seats)

ඉදිකිරීම් කේෂත්‍රය
O     ඉදිකිරීම් සැකිල්ල නිර්මාණයේ සිට අවසානය දක්වා වූ සෑම අවස්ථාවක් සදහාම පරිගණකය භාවිතයට ගැනේ.
O     පරිසර හිතකාමීව මෙන්ම අඩු වියදමින්  ගොඩනැගිලි ඉදිකිරීමට හැකි වේ.
O     සංවිධානාත්මක නගර සංවර්ධනය සදහා.

ආරක්ෂක කේෂත්‍රය
O     මිසයිල හැසිරවීම.
O     න්‍යෂ්ඨික බලාගාර හැසිරවීම.
O     ගුවන් යානා භාවිතය.
O     බුද්ධි තොරතුරු එක්රැස් කිරීම හා විශ්ලේෂණය.
O     යුද අවි නිෂ්පාදනය.
O     චන්ද්‍රිකා භාවිතය.

ක්‍රියාකාරකම්
O     ඔබ දන්නා පරිගණක ක්‍රීඩාවල ලයිස්තුවක් සකස් කරන්න.
O     රාජ්‍ය හා වාණිජ බැංකු වෙබ් අඩවි නිරීක්ෂණය කර ඔවුන්ගේ සේවාවන් පිළිබද වාර්තාවක් සකස් කරන්න.
O     රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක සන්නිවේදන කටයුතු සදහා පරිගණක භාවිතා වන ආකාරය සොයාබලා වාර්තාවක් සකස් කරන්න.


No comments: