Libre Office Writer 3.4 (1) භාවිතය අරඹමු. (හන්තාන ලිනක්ස් ඇසුරෙන්)

Libre Office Writer 3.4 (1) පිවිසීම

වදන් සැකසුම් මෘදෘකාංග අතර නිදහස් මෘදුකාංගය ලෙසින් හමුවන මෙම මෘදුකාංගය වින්ඩෝස් සමග මෙන්ම ලිනක්ස් සමගද භාවිතා කල හැකි මෘදුකාංගයකි. මෙහිදී මම මෙම මෘදුකාංගය හන්තාන ලිනක්ස් සමග භාවිතා කරන ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

ඒ අනුව මුලින්ම Libre Office Writer 3.4 හන්තාන ලිනක්ස් තුල විවෘත කර ගන්නා ආකාරය බලමු.

පියවර (1) Activities මත ක්ලික් කර දෙවනුව Applications මත ක්ලික් කරන්න. පහත රූපයේ එම Option දෙක පෙන්නුම් කෙරේ.


පියවර (2) එවිට පහත රූපයේ ආකාරයට තිරයේ දිස්වන විධාන අතරින් එක්කෝ Office මත ක්ලික් කර ඉදිරියට යාමට පුළුවන. නැත්නම් Type to Search මත ක්ලික් කර Libre Office Writer ලෙස Type කර ඉදිරියට යාමට පුළුවන.
පියවර (3) දෙවන පියවරින් පසුව ලැබෙනුයේ පහත ආකාරයේ තිරයකි. එහි Libre Office Writer 3.4 අයිකනය දැක ගන්නට ලැබේවි. එම අයිකනය මත ක්ලික් කරන්න.

තෙවනි පියවර සමූපූර්ණ කළ ඔබට Libre Office Writer 3.4 මුහුණත පහත රූපයේ පරිදි දැක ගැනීමට ලැබේවි.


1 comment:

Anonymous said...

elakiri post ekek nee thanks