VB 6.0 (12) දත්ත භාවිතය

 

Visual Basic Data භාවිතා කිරීම

එදිනෙදා ජීවිතයේදී අපට විවිධාකාර දත්ත සමග ගණුදෙනු කිරීමට සිදු වෙයි. නිදසුන් ලෙස පෙන්වා දුන්නොත් names(නම්), addresses(ලිපින), money(මුදල්), date(දින) යනාදිය පෙන්වා දීමට පුළුවන. විෂුවල් බේසික් වලදීද අපට මේ ආකාරයටම විවිධ දත්ත හා ගණුදෙනු කිරීමට සිදු වේ. සංඛ්‍යා පෙළ ගස්වන්න, සංඛ්‍යා ගණනය කරන්න, වගේම විවිධ ස්වරෑපයෙන් පවත්නා දත්ත සමග කටයුත් කරන්න පවා සිදු වෙනවා. මෙ නිසාම විෂුවල් බේසික් වලදී දත්ත වර්ගීකරණයකට භාජනය කරනවා. හේතුව තමයි code ලිවීමේ දී දත්ත හසුරවා ගැනීමට එමගින් පහසුවක් ලැබෙන නිසා.

 

Visual Basic දත්ත වර්ග (Data Types)

මෙය  ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කළ හැක. එනම්,

  1. Numeric Data  (සංඛ්‍යා)

  2. Non-Numeric Data (සංඛ්‍යා නොවන

     

Numeric Data  (සංඛ්‍යා)
Numeric Data විවිධ ගණනය කිරීම් සඳහා භාවිතයට ගන්නා සංඛ්‍යාවන්ය. නිදසුන් වන්නේ දිග, පළල, මිල ගණන්, ලකුණු ආදිය නිරූපනය කිරීම්ය.


Numeric Data ප්‍රධාන කොටස් 7කට නැවත කොටස් කෙරේ. ඒ ඒවායේ රඳවාගත හැකි වටිනාකම් වල ප්‍රමාණය මතයි. පහත වගුව දෙස බලන්න. එයින් ඔබට මෙම කොටස් 7 පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වෙයි.


Type
Storage 
Range of Values
Byte
1 byte
0 to 255
Integer
2 bytes
-32,768 to 32,767
Long 
4 bytes
-2,147,483,648 to 2,147,483,648
Single
4 bytes
-3.402823E+38 to -1.401298E-45 for negative values
1.401298E-45 to 3.402823E+38 for positive values.
Double
8 bytes
-1.79769313486232e+308 to -4.94065645841247E-324 for negative values
4.94065645841247E-324 to 1.79769313486232e+308 for positive values.
Currency
8 bytes
-922,337,203,685,477.5808 to 922,337,203,685,477.5807
Decimal
12 bytes
+/- 79,228,162,514,264,337,593,543,950,335 if no decimal is use
+/- 7.9228162514264337593543950335 (28 decimal places).

 Non-Numeric Data  (සංඛ්‍යා නොවන)
ගණිතමය ක්‍රියාකාරකම් සිදු කර ගත නොහැකි දත්ත වර්ගයන්ය. මෙ සඳහා කදිම නිදර්ශනයන් වන්නේ අකුරු, දින සහ බූලියානු (සත්‍ය/අසත්‍ය) දත්තයන්ය. මෙම දත්තයන් පහත ආකාරයට වගුවකින් පෙන්නා දීමට පුළුවන.



Data Type
Storage
Range
String(fixed length)
Length of string
1 to 65,400 characters
String(variable length)
Length + 10 bytes
0 to 2 billion characters
Date
8 bytes
January 1, 100 to December 31, 9999
Boolean
2 bytes
True or False
Object
4 bytes
Any embedded object
Variant(numeric)
16 bytes
Any value as large as Double
Variant(text)
Length+22 bytes
Same as variable-length string
  අදට මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මේවා භාවිතා කරමින් ක්‍රියාකාරකම් වල යෙදීමේදී මේ පිළිබදව මනා අවබෝධයක් ඔබට ලැබෙනු ඇති.

No comments: