පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම (1)

පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම




මේ සඳහා භාවිත කළ හැකි ආකාර ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අද අපි එයින් එකක් පිළිබඳව කතා කරන්නයි සූදානම් වන්නේ.

නිවැරදි කිරීමක්
(පෙරනිමියෙන්ම ස්ථාපනය කරලයි තිබෙන්නෙ. මෙතනදි කරල තිබෙන්නෙ Input language එක විදියට සිංහල ලබා දීමයි) 
මෙම නිවැරදි කිරීම සිදු කල පසන්ට බෙහෙවින් ම ස්තුතියි

ඒ අනුව,

වින්ඩෝස් 7 ස්ථාපනය කර ඇති පරිගණකයකට සිංහල යුනිකේත ස්ථාපනය කරන අයුරු විමසා බලමු.

  • start බොත්තම මත ක්ලික් කර start menu එක ලබාගෙන එහි control panel විධානය මත ක්ලික් කරන්න. 
 
  • එවිට ලැබෙන වින්ඩෝවේ දකුණු ඉහළ කෙළවර ඇති search box එකෙහි region and language ලෙස type කරන්න. එවිට එම වින්ඩෝවේ වම් පස Region and language විධානය දැක ගන්නට ලැබේ වි. ඒ මත ක්ලික් කරන්න.
  • එවිට ලැබෙන වින්ඩෝවේ ඇති Keyboard and Language Tab එක මත ක්ලික් කරන්න.
 
  • එහි ඇති Changed Keyboard බොත්තම මත ක්ලික් කරන්න.
 
  • එවිට තවත් වින්ඩෝවක් ලැබේවි. එහි add බොත්තම මත ක්ලික් කරන්න.
 
  • දැන් ලැබෙන ලයිස්තුව scroll කර Sinhala (Sri Lanka) සොයාගන්න. එය ඉදිරියෙන් ඇති + ලකුණ මත ක්ලික් කළ විට දිගහැරෙන ලයිස්තුවේ 















  • sinhla - wij9 ඉදිරියේ ඇත් check box එක මත ක්ලික් කර එය තෝරා ගෙන OK කරන්න.















  • දැන් Task Bar එකේ දැක්වෙන EN අයිකනය මත ක්ලික් කළ විට ලැබෙන Short Cut Menu ඒකෙහි ඇති SI මත ක්ලික් කිරීමෙන් සිංහලද EN මත ක්ලික් කිරීමෙන් නැවතත් සිංහල ද Type වන ආකාරයට Keyboard එක සකස් කර ගැනීමට පුළුවන.

 දැන් වර්ඩ් හෝ ඕනෑම වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිත කර සිංහලෙන් ටයිප් කිරීමට ඔබට හැකි වෙයි. මෙහිදී සිංහල ඉංග්‍රීසි භාෂා මාරැ කර ගැනීමට අවසන් පියවර හොඳින් අවධාරණය කර ගන්න.





6 comments:

Anonymous said...

මෙවැනි තොරතුරු බෙදා හදා ගැනීම වෙනුවෙන් මගේ ස්තුතිය පල කරනවා! ජය!!

saman's blog said...

ස්තුතියි

Pasan said...

පොඩි නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයයි. Windows 7 වල Unicode ස්ථාපනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. පෙරනිමියෙන්ම ස්ථාපනය කරලයි තිබෙන්නෙ. මෙතනදි කරල තිබෙන්නෙ Input language එක විදියට සිංහල ලබා දීම පමණයි. එය Unicode ස්ථාපනය කිරීමක් නෙවෙයි.

ඔබ කරන සේවාව අගය කරනව. දිගටම ලියන්න

saman's blog said...

සත්තකින්ම පසන්.

මගේ අතින් සිදු වු අතපසුවීමක්. එය පෙන්වා දීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙමි.

ඉදිරියේදීත් මේ ආකාරයට සටහන් පොත හා එක් වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා.

රතීගේ දිනපොත said...

නමුත් Windows 7 වල Unicode ස්ථාපනය කිරීමක් කරලා තිබුනට ගොඩක් වෙලාවට මේක ටයිපින් මෙතඩ් එකට එනේබල් වෙන්නේ නැහැ. ඒ නිසා හරියාකාරව සිංහල ටයිප් කිරිමක් සඳහා මෙය අවශ්‍යයි..

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

saman's blog said...

ස්තුතියි