පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම (2) Sinhala Tamil IME

මීට පෙර ලිපියේ දී අපි වින්ඩෝස් 7 සමඟ පෙරනිමියෙන්ම ලැබෙන සිංහල යුනිකේත Input Language එක විදියට සකස් කර ගන්නා ආකාරය පිළිබඳව කතා කළා.

අද මම කතා කරන්න යන්නේ  Sinhala Tamil IME එක ගැනයි. මෙමගින්ද සිදු වන්නේ සිංහල හා දෙමළ යුනිකේත පරිගණකයට ස්ථාපනය කිරීමයි. මෙමඟින් සිදු වන විශේෂතා කීපයක් තියෙනවා.
  • එකක් තමයි Windows XP සඳහා යුනිකේත භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් කළ යුතු වන්නේ මෙම ක්‍රමයයි.
  • එසේම තවත් සමහර අවස්ථා වල දී වින්ඩෝස් 7 වල පෙර නිමියෙන් ලබාදෙන යුනිකේත අක්ෂර නිවැරදි ලෙස යතුරු ලියනය නොවන අවස්ථා වලදී භාවිත කිරීමට සිදුවනුයේ මෙම ක්‍රමයයි.
ඒ නිසාවෙන් අපි මෙම Sinhala Tamil IME එක පිළිබඳවත් දැන සිටීම වැදගත් වෙනවා.
  • මුලින්ම www.siyabas.lk/  කියන වෙබ් අඩවියට යන්න. 
  • එහි ඇති Get Sinhala බොත්තම මත ක්ලික් කරන්න.

  • දැන් ඔබට ඔබගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන දිගුව තෝරාගෙන ඒ මත ක්ලික් කරන්න.

  • නිදර්ශනයක් ලෙස අපි වින්ඩෝස් එක්ස්පි දිගුව මත ක්ලික් කර බලමු. එවිට පහත ආකාරයේ තෝරාගැනීම් දැක ගැනීමට ලැබේවි.

  • ඒ ආකාරයට තමන්ට ගැලපෙන දිගුව මත ක්ලික් කර එය බාගත කර ගන්න.
 මෙම බාගත  කරගත්  වැඩසටහන මත දෙවරක් ක්ලික් කර ස්ථාපනය කර ගන්න. ස්ථාපනය කර ගැනීමෙන් පසුව පහත රූප සටහනේ ආකාරයට Task Bar එකේ ඇති EN මත ක්ලික් කර භාෂාව තෝරා ගන්න.



 

මීලග ලිපියෙන් අපි ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා යුනිකේත භාවිත කිරීමට සකස් කර ගන්නා ආකාර පිළිබඳව විමසා බලමු.

2 comments:

Anonymous said...

මටනම් හිතෙන්නේ ඕක අවුල් කියලා.ඕකට වඩා google transelater එක පට්ට

saman's blog said...

ස්තුතියි අදහසට. අපි ඒ ගැනත් නතා කරමු.