සිංහලෙන් වැඩ කර ගන්න උදව්වක්

අපි එදිනෙදා පරිගණකයෙන් වැඩ කටයුතු කර ගන්න සිංහල භාවිත කරනවා. ඒත් අපි හැමෝම එකම ෆොන්ට් එකක් වගේම keyboard input method එකකුත් නෙමේ භාවිතයට ගන්නේ. ඒ නිසා විවිධ අවස්ථා වලදී ගැටළු ඇති වෙන්න ඇති.

නිදසුනක් ලෙස කීවොත් අපි   FM Abhaya ෆොන්ට් එකෙන් ටයිප් කරපු ලිපියක් අන්තර්ජාලයට එක් කළ විට බලන අයට ඒ අකුරු හරියට දර්ශනය නොවන අවස්ථා තියෙනවා. ඒ වගේ තව නිදර්ශන ඕනි තරම් දෙන්න පුළුවන්.

මේ වගේ වෙලාවට අපි දැනගන්න ඕනි අන්තර්ජාලයේ භාවිත කරන්න ලිපි සකස් කරනවා නම් යුනිකෝඩ් සම්මතයේ ඇති ෆොන්ට් භාවිත කරන්න. ඒ සඳහා යොමු වන්නේ කොහොමද කියලා අපි කලින් කතා කරලා තියෙනවා. ඒ ලිපිය කියවන්න මෙතනින් යොමු වන්න

නමුත් අපි මේ වන විට ලිපිය යුනිකේත නොවන ෆොන්ට් එකකින් සකස් කරගෙන අවසාන නම් ගැටළුවක් ඇති වෙනවා. මේ වගේ වෙලාවට අපිට පුළුවන් Converters වල උදව් ගන්න. අන්තර්ජාලයේ තියෙන එවැනි Online converter එකකට යන්න පුළුවන් මේ ලින්ක් එකෙන්.

ඒකට ගියාම පහත විදියට ලින්ක් කීපයක්ම දැක ගන්න පුළුවන්. එහි මුල්ම කාණ්ඩය වෙන්නේ සාමාන්‍ය ෆොන්ට් වලින් ලියපු ලිපි යුනිකෝඩ් වලට පරිවර්තනය කරන්න යොමු වන්න තියෙන ලින්ක් තමයි මේ තියෙන්නේ. අපි දැනට භාවිත කරලා තියෙන ෆොන්ට් එනට ගැලපෙන ලින්ක් එක තොරාගෙන එයින් ඇතුල් වන්න.

DL-Manel-bold. --> Unicode
kaputadotcom --> Unicode
FM Abhaya --> Unicode
Thibus Sinhala --> Unicode
Amalee --> Unicode

මෙම දෙවනි කාණ්ඩයේ දී සිදු වන්නේ යුනිකේත වලින් ලියලා තියෙන ලිපි අනිත් අතට පරිවර්තනය කිරීමයි. සමහර ග්‍රැෆික් සඳහා භාවිත කරන මෘදුකාංග යුනිකේත සමග නිසි පරිදි ක්‍රියා නොකරන නිසා මෙම converters අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.

Unicode --> DL-Manel-bold.
Unicode --> kaputadotcom
Unicode --> Tipitaka_Sinhala1

මෙම කාණ්ඩයේදී සිදු වන්නේ බාමිනි අකුරු සම්මතයන් දෙකට පරිවර්තනය කිරීමයි.

Bamini --> Unicode
Unicode --> Bamini

ඒ වගේම අපි බොහෝ දෙනක් සිංග්ලිෂ් වලින් ලියන්න හුරු වෙලා ඉන්නවා. ඒ අයටත් යුනිකේත වලට ලියන දේවල් පරිවර්තනය කැ ගන්න පුළුවන්. පහත කාණ්ඩ තියෙන්නේ ඒ අයට.

SinGlish transliterated --> Sinhala Unicode
SinGlish (Phonetic) transliterated --> Sinhala Unicode

මෙම භාවිතයන් දෙමළෙන් කර ගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න පුළුවන්.
 
TanGlish (Phonetic) transliterated --> Tamil Unicode

මේ විදියට ලින්ක් එකෙන් ඇතුල් වුනාම  අපිට ඉහළින් හා පහළින් කොටු දෙකක් සහිත වින්ඩෝවක් දැක ගන්න ලැබේවි. පහත රූපය දෙස බලන්න.




















එහි අප දැනට සකසාගෙන ඇති කොටස ඉහල කොටුවට එක් කර විට එහි පරිවර්තනය පහල කොටුවේ ක්ෂණයෙන් දිස් වෙයි. එය කොපි කර ගෙන අවශ්‍ය තැනට Paste කර ගන්න. 

මෙම Converters Online විදියට භාවිත කරන ආකාරය තමයි මෙහිදි අපි කතා කලේ. එහෙම නැතින බාගත කරගෙන බාවිත කරන්නත් හැකියාව තියෙනවා.

නව අධ්‍යාපන ප්‍රවේශයක්...... e-තක්සලාව

අපගේ අධ්‍යාපන පද්ධතියට එක් වු අපූරු විශේෂාංගයක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඒ තමයි ‘e-තක්සලාව‘

අපගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එක් කර ගත හැකි අපුරු මෙවලමක්. මේ වන විටත් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ආධාරක විශාල ප්‍රමාණයක් එක් කර ඇති අතර ඒ සියල්ලම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්තව සකස් කර තිබීමත් විශේෂයි.

ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට ඍජුවම ක්‍රියාකාරී ලෙස සහභගී විය හැකි ආකාරයට සකස් කර ඇති මෙම පාඩම් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගුරුවරුන් යොදාගෙන සකස් කර ඇති නිසාම ඒවා ඍජුවම අපගේ  විෂමාලාවන් හා බද්ධවී පවතී.

බලන්න. මේ අපේ අධ්‍යාපනයේ ඉදිරිය පෙන්වන අපුරු මංපෙතක්............

http://www.e-thaksalawa.moe.gov.lk/web/

Face Book එකේ තියෙන වීඩියෝවක් ඩවුන්ලෝඩ් කර ගමු

අද අපි බලමු Face Book එකේ තියෙන වීඩියෝවක් ඩවුන්ලෝඩ් කර ගන්නේ කොහොමද කියලා. මෙක මම කර ගන්නේ මගේ web Browser එකට Add-On එකක් එක් කරලා.

ඒ අනුව Fire Fox වලදී මේ වඩේ කර ගන්නා ආකාරය මුලින්ම බලමු.

පහත රූපයේ කොටු කර ඇති Firefox බොත්තම මත ලික් කරලා ලැබෙන Add-ons විධානය මත ක්ලික් කරන්න. (යම් හෙයකින් ඔබ බාවිත කරන්න Firefox 18.2 නොවන්නේ නම් මෙම පිවිසුම වෙනස් වීමට පුළුවන. එවිට Google මත add-ons for Firefox ලෙස සටහන් කොට seach කර Get Add-ons පිටුව
වෙත යොමු වන්න.)




















එවිට Get Add-ons පිටුව ලැබෙන අතර එහි සලකුණු කර ඇති ස්ථානයේ ඇති search box එකෙහි download  ලෙස ටයිප් කර search කරන්න.
 එවිට download කර ගැනීම සඳහා භාවිත කළ හැකි Add-ons විශාලා සංඛ්‍යාවක් සහිත ලයිස්තුවක් දැක ගන්න ලැබෙවි. පහත රූප සටහනේ ආකාරයට එයින් කීපයක් ප්‍රදර්ශනය වන අතර අනික් ඒවා බලා ගැනීම සඳහා රූපයේ පහතින් සලකුණු කර ඇති ස්ථානයේ ඇති see all the result මත ක්ලික් කරන්න.

 මෙම ඇඩ්ඔන්ස් අතරින් අපි පහත රූපයේ දැක්වෙන එක නිදර්ශනක් ගෙස තෝරා ගනිමු. ඒ සඳහා අවසානයේ දැක්වෙන install හො Add to Firefox විධානයන් භාවිතා කර ස්ථාපනය කර ගන්න.

ස්ථාපනය ඉතා ඉක්මනින් සුදු වන අතර restart විදානය මත ක්ලික් කර Browser එක නැවත විවෘත වීමට ඉඩ හරින්න.
 නැවත විවෘත වීමෙන් අනතුරුව පහත රූපයේ පෙන්නුම් කරන ආකාරයේ අයිකනයක් Browser එකෙහි දැක ගන්නට ලැබෙවි.
දැන් අපි Face Book එකෙහි ඇති වීඩියෝව මත ක්ලික් කරමු. එවිට පෙර අපි දුටු ඊතලය නිල්පැහැ වී කතිරය ඉවත් වී ඇති බව දැක ගන්නට ලැබෙවි.

එය මත ක්ලික් කර Download විධානය මත පහත රූපයේ පරිදි ගොස් ක්ලික් කරන්න.
දැන් ඔබට වීඩියෝව save කිරීම සදහා තොරතුරු ලබා දීමට වින්ඩෝව ලැබේවි. එය නිසි පරිදි සකසා save කර ගන්න.

ලිනක්ස් ඉගෙන ගමු.

ලිනක්ස් ගැන සිංහලෙන් ලියවුනු ලිපි වල එකතුවක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ. මම අන්තර්ජාලයේ සැරි සරන විට හමු වුන ලිපි එකතුවක්. ඔබටත් වැදගත් වෙයි කියල ඉදිරිපත් කරන්න හිතුවා. ඔබත් මේවගේ තැන් ගැන දන්නවානම් කියන්න.



මේ තියෙන්නේ ලිනක්ස් සිංහලෙන් අඩවියේ පළවූ ලිපි පෙළක්,
Linux සිංහලෙන්: ලිනක්ස් ඉගෙන ගමු.
Linux සිංහලෙන්: ලිනක්ස් පද්ධතියක නිර්මිතය - ලිනක්ස් පාඩම් මාලාව #1
Linux සිංහලෙන්: ලිනක්ස් ගොනු නිර්මිතය. - ලිනක්ස් පාඩම් මාලාව #2
Linux සිංහලෙන්: ලිනක්ස් විධාන. - ලිනක්ස් පාඩම් මාලාව #3
Linux සිංහලෙන්: විධාන තවදුරටත්. - ලිනක්ස් පාඩම් මාලාව #4
Linux සිංහලෙන්: ලිනක්ස් සුපර් යූසර් හෙවත් රූට්. - ලිනක්ස් පාඩම් මාලාව #5
Linux සිංහලෙන්: ඉතාමත් ප්‍රවේශමෙන්. - කිසිවිටෙක නොකල යුතු විධාන.
Linux සිංහලෙන්: ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 1 - ලිනක්ස් පාඩම් මාලාව #6
Linux සිංහලෙන්: ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 2 - ලිනක්ස් පාඩම් මාලාව #7
Linux සිංහලෙන්: ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 3 - ලිනක්ස් පාඩම් මාලාව #8
Linux සිංහලෙන්: ෆයිල්ස් වල හිමිකාරීත්වය - ලිනක්ස් පාඩම් මාලාව #9
Linux සිංහලෙන්: පුංචි පුංචි දේවල් ටිකක්... - ලිනක්ස් පාඩම් මාලාව #10

මේ තියෙන්නේ රවීන්දගේ සටහන්පොතේ පළ වු ලිපි පෙළක්,
ලිනක්ස් අලගිය මුලගිය තැන්
ලිනක්ස් ගැන ඔබ දැන ගත යුතු දේ




ලිනක්ස් මෙහෙයුම් පද්ධති
 


 

 
 

 

 

කුඩා ළමුන්ගේ ගණිත සංකල්ප සංවර්ධනයට අත්වැලක්


අපි නිතර භාවිත කරන ක්‍රමවේද වලට අමතරව භාවිතයට ගත හැකි අපුරු ක්‍රමයක් පිළිබඳව කියන්නයි යන්නේ. මේක විශේෂ දෙයක් නෙවෙයි. අපි කවුරුත් දන්නා online web අඩවියක්.

මෙහි තියෙන සුවිශෙෂත්වය වන්නේ විවිධ ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් මෙම අඩවිය තුල එක් රැස් කර තිබීමයි. එසේම ඒවා නොමිලයේ ලබා දීමත් විශේෂයි.

ගිහින් බලන්න. ඔබටත් ප්‍රයෝජනවත් වෙනවාද කියලා


එම අඩවියට යාම සඳහා මෙතන ක්ලික් කරන්න

මෙම අඩවිය හොයා දුන්නේ කලණ ධම්පිය සොයුරාබව සතුටින් සහිපත් කරමි. ඔබ දන්නා මෙවැනි අඩවි ඇත්නම් අපිටත් කියන්න.

Hard Disk එකක ක්‍රියාකාරීත්වය දෙස මොහොතක් අවධානය යොමු කරමු.

පරිගණකය භාවිත කරන අපි Hard Disk එකෙන් අත් කර ගන්නා ප්‍රයෝජනය අති විශාලයි. ඒ නිසාම මෙම උපකරණයේ ක්‍රියාකාරීත්ව සිදු වන්නේ කොහොමද කියල මොහොකත් අවධානය යොමු කරලා බලමු.

ඒ සඳහා පහත වීඩියෝව වෙත අවධානය යොමු කරමු.





Bookmark කරගන්න උදව්වක්.

Bookmarks කියලා කියන්නේ අපි නිතර යන එන වෙබ් අඩවි වල ලිපිනයන් මතක තබා ගැනීමට යොදා ගන්නා ක්‍රමවේදයක්. 



සාමාන්‍යෙයන් අපි එදිනදා Bookmarks තියාගන්නේ Browser එකේ. මෙ ආකාරයට Browser එකේ  Bookmarks තියාගන්න යොදා ගන්නා ක්‍රම Browser එකෙන් එකට පොඩි පොඩි වෙනස්කම් පෙන්නුම් කරනවා.

නමුත් පොදුවේ CTRL + D මේ සඳහා භාවිත  කළ හැකි කෙටි ක්‍රමයයි. Bookmarks සකස් කර ගන්න වගේම නැවත යන්න අවශ්‍ය වූ විට ඒ වෙත යන්නත් මෙම මාර්ගය භාවිත කරන්න පුළුවන්.

මේ විදියට Bookmarks හදාගත්තම තියෙන අවාසිය තමයි වෙනත් මැෂින් එකක් භාවිත කරද්දී අර Bookmarks ටික අපිට භාවිත කරන්න නොලැබෙන එක.

මේකට කරන්න තියෙන පොදු විසඳුමක් තමයි Google Bookmarks භාවිත කරන එක. ඒ සඳහා ඔබට Gmail Account එකක් නම් තියෙන්නම ඕනි.
  • Google bookmarks කියලා search කරන්න.
  • ලැබෙන Link වලින් www.google.com/bookmarks වෙත යන්න.
  • එහි තියෙන Add Bookmarks භාවිත කරලා අපගේ අඩවි ලිපිනයන් එක් කර ගැනීම කර ගන්න පුළුවන්.
  • මෙම bookmarks ටික අපේ Browser එකට එකතු කරන්න අවශ්‍ය නම් එම පිටුේ පහලින්ම තියෙන Google Bookmarks කියන අයිකන් එක Browser එේ Bookmark Bar එකට ඇදලා දා ගන්නත් පුළුවන්.
ේ පිළිබඳව වැඩි ොරතුරු පහත වීඩි ව මඟින්ද දැක ගන්න පුළුවන.



ේ සඳහා භාවිත කළ හැකි ඔබ දන්නා තවත් ක්‍රම ඇති. එම ක්‍රම comment එකක් විදියට හරි එවන්න පුළුවන් නම් කාටත් ප්‍රෝජනවත් ේවි.