Face Book එකේ තියෙන වීඩියෝවක් ඩවුන්ලෝඩ් කර ගමු

අද අපි බලමු Face Book එකේ තියෙන වීඩියෝවක් ඩවුන්ලෝඩ් කර ගන්නේ කොහොමද කියලා. මෙක මම කර ගන්නේ මගේ web Browser එකට Add-On එකක් එක් කරලා.

ඒ අනුව Fire Fox වලදී මේ වඩේ කර ගන්නා ආකාරය මුලින්ම බලමු.

පහත රූපයේ කොටු කර ඇති Firefox බොත්තම මත ලික් කරලා ලැබෙන Add-ons විධානය මත ක්ලික් කරන්න. (යම් හෙයකින් ඔබ බාවිත කරන්න Firefox 18.2 නොවන්නේ නම් මෙම පිවිසුම වෙනස් වීමට පුළුවන. එවිට Google මත add-ons for Firefox ලෙස සටහන් කොට seach කර Get Add-ons පිටුව
වෙත යොමු වන්න.)




















එවිට Get Add-ons පිටුව ලැබෙන අතර එහි සලකුණු කර ඇති ස්ථානයේ ඇති search box එකෙහි download  ලෙස ටයිප් කර search කරන්න.
 එවිට download කර ගැනීම සඳහා භාවිත කළ හැකි Add-ons විශාලා සංඛ්‍යාවක් සහිත ලයිස්තුවක් දැක ගන්න ලැබෙවි. පහත රූප සටහනේ ආකාරයට එයින් කීපයක් ප්‍රදර්ශනය වන අතර අනික් ඒවා බලා ගැනීම සඳහා රූපයේ පහතින් සලකුණු කර ඇති ස්ථානයේ ඇති see all the result මත ක්ලික් කරන්න.

 මෙම ඇඩ්ඔන්ස් අතරින් අපි පහත රූපයේ දැක්වෙන එක නිදර්ශනක් ගෙස තෝරා ගනිමු. ඒ සඳහා අවසානයේ දැක්වෙන install හො Add to Firefox විධානයන් භාවිතා කර ස්ථාපනය කර ගන්න.

ස්ථාපනය ඉතා ඉක්මනින් සුදු වන අතර restart විදානය මත ක්ලික් කර Browser එක නැවත විවෘත වීමට ඉඩ හරින්න.
 නැවත විවෘත වීමෙන් අනතුරුව පහත රූපයේ පෙන්නුම් කරන ආකාරයේ අයිකනයක් Browser එකෙහි දැක ගන්නට ලැබෙවි.
දැන් අපි Face Book එකෙහි ඇති වීඩියෝව මත ක්ලික් කරමු. එවිට පෙර අපි දුටු ඊතලය නිල්පැහැ වී කතිරය ඉවත් වී ඇති බව දැක ගන්නට ලැබෙවි.

එය මත ක්ලික් කර Download විධානය මත පහත රූපයේ පරිදි ගොස් ක්ලික් කරන්න.
දැන් ඔබට වීඩියෝව save කිරීම සදහා තොරතුරු ලබා දීමට වින්ඩෝව ලැබේවි. එය නිසි පරිදි සකසා save කර ගන්න.

5 comments:

Anonymous said...

මං මේක දැනගත්තේ අද. බොහොම ප්‍රයෝජනවත්. ස්තුතියි ඔබට.

Sayuru said...

හොද Post එකක්.. බොහොම ස්තූතියි..අපේ පැත්තටත් ඇවිත් යන්න එන්න.

saman's blog said...

අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි දෙන්නටම

තරියා said...

ක්‍රෝම් වල කරන විදිහ දන්නැද්ද අයියේ??????
මේකත් එල..

saman's blog said...

පුළුවන්.
app store for Google chrome කියලා search කරන්න.
app store එකේ download කියලා නැවත search කරන්න.