අපි හඬපට සංස්කරණය (Audio Edit) කරමු.

මේ ලිපියේ දී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Audio Editing එකක් ගැනයි. එකේ නම Audacity.



මෙම මෘදුකංගය windows වල වගේම Linux වලත් භාවිත කරන්න පුළුවන්.

හන්තාන ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති සමඟ පෙරනිමියෙන්ම මෙම මෘදුකාංගය ලබා දෙන බවද මතක් කරන්න ඕනි.

අපගේ එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට මෙන්ම වෘත්තීය මට්ටමේ ක්‍රියාකාරකම් සඳහා වුවද භාවිතා කළ හැකි මට්ටමේ මෘදුකාංගයකි.

  • මෙම මෘදුකාංගයට Ogg Vorbis, MP3, WAV හෝ AIFF වැනි Audio ආදානය කිරීමට හැකි අතරම ශබ්ද සහිත වීඩියෝවක් ආදානය කළහොත් එහි ශබ්දය වෙන් කර ගැනීමට වුවද හැකි වීම අපට ලැබෙන විශේෂ පහසුකමක් ලෙස පෙන්නා දෙන්න පුළුවන්.
  • මෙම මෘදුකාංගය ශබ්ද පටිගත කිරීමටත් විශේෂ පහසුකම් සපයලා දෙනවා. එනම් Microphone එකකින් හෝ Line in විදියට වෙනත් උපකරණයක් භාවිතයෙන් ලබා දෙන ශබ්ද පටිගත කර ගැනීමට හැකියාව තියෙනවා.
එපමණක් නෙවේ. මෙහි පවත්නා සුවිශේෂිතා අතර මුලික එකක් නම් Vocal Remover පහසුකමයි. මෙමගින් ගීතයක ඇති හඩ ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා. 
එසේම Noise Remover භාවිතයෙන් අපි පටිගත කල හඩපටයක පවත්නා අනවශ්‍ය ශබ්ද ඉවත් කර අපගේ හඬ අවශ්‍ය ආකාරයට සකස් කිරීමට ඉතාමත් පහසුවෙන් පුළුවන්.
  • හඬපට Convert කරන්න, Mix කරන්න සහ හඬපටයේ වෙලය වෙනස් කරමින් සංසකරණය කිරීමට මෙම මෘදුකාංගය තුළ පහසුකම් සපයා දෙනවා.
  

ඔබත් අත්හදා බලන්න. අපි ඉදිරියේ දී මෙම මෘදුකාංගය භාවිතා කරන ආකාරය විස්තරාත්මකව කතා කරමු.

පහත ලින්ක් එකෙන් මෙම මෘදුකාංගය භාගත කර ගැනීමට පුළුවන්.

මෙම වීඩියෝව නරඹන්න. ඔබට තවත් මෙම මෘදුකාංගය පිළිබඳ වැඩි දුර තොරතුරු දැන ගන්නට පුළුවන් වෙයි.

No comments: