අන්තර්ජාල පරිගණකයක් භාවිත කර මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලමු

අපි සාමාන්‍යෙයන් හුරු වෙලා ඉන්න මෙහෙයුම් පද්ධතියට අමතර වෙනත් මෙහෙයුම් පද්ධතියන් පිළිබඳව දැන ගැනීම අත්දැකීම් ලබා තිබීම ඉතාමත් වැදගත්.

මීට පෙරදී අපි කතා කළ විදියට මෙම අත්දැකීම් ලබා ගන්න ක්‍රම කීපයක් තියෙනවා.
  1. අපේ පරිගණකයට ස්ථාපනය කර ගන්න පුළුවන්. හැබැයි නොදන්නා මෙහෙයුම් පද්ධතියක් දා ගත්තම ඇතිවන තත්ත්වය ටිකක් අපහසුයි.එපා වෙන්න පුළුවන්.
  2. ඒ නිසාම අපි ඩුවල් බූට් විදියට දා ගන්නවා. එතකොට මෙහෙයුම් පද්ධති දෙකයි. ආරම්භයේ දී දෙකින් කැමති එකක් තෝරාගෙන ඒ වෙතට ගිහිල්ලා භාවිත කරනවා.
  3. තෙවැන්න තමයි virtual box එකක් භාවිත කරලා වින්ඩෝස් මත හෝ ලිනක්ස් මත තවත් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන එක.
ඉහත මේ ආකාර හැම ඒකක් ගැනම අපි දීර්ඝ වශයෙන් ලිපි වලදී සාකච්ඡා කරලා තියෙනවා. අද කතා කරන්න යන්නේ අපේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්නේ නැතිවම තවත් මෙහෙයුම් පද්ධතියක අත්දැකීම් විඳගන්නා ආකාරය පිළිබඳවයි.

මෙම කුමයේ දී සිද්ධ වන්නේ අන්තර්ජාලය භාවිතයෙන් එහි තියෙන virtual පරිගණකයකට ඇතුල් වී එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය භාවිති කර අම මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා ගනීමයි.

මේ වැඩේ කර ගන්න එම අඩවියට යොමු වන්න මෙතන ක්ලික් කරන්න. http://linuxzoo.net/
දෙවනුව එහි ලියාපදිංචි වන්න.


මෙම තොරතුරු මට දැනගන්න ලැබුනේ “අනුෂගේ සටහන්“ කියන අඩවියෙන් බවත් මතක් කරන්න ඕනි. වැඩි විස්තර සඳහා එම අඩවියට යන්න.

No comments: