නිරන්තරයෙන් අන්තර්ජාලය භාවිතයේ දී Reader එකක් යොදා ගත යුත්තේ ඇයි.

නිරන්තරයෙන් වෙනස් වන අන්තර්ජාලයේ අඩවි සිය ගණනක් තියෙනවා. එවායේ වෙනස් වීම් මොනවදා කියලා බලන්න අපි සැරින් සැරේ එම වෙබ් අඩවි වලට යන්න සිද්ධ වෙනවා.  මේක ටිකක් කරදර වැඩක්.

ඒ වෙනුවට අපිට පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න එම අඩවි වල තියෙන ලිපි එකම තැනක ඉදලා බලා ගන්න පුළුවන් වෙන විදියට. මෙමගින් අඩවි ගණනාවක තියෙන ලිපි වීඩියෝ ආදිය එකම තැනකට ගොනු කර ගන්න පුළුවන් වෙනවා.

මේ විදියට සකස් කර ගන්නා පිටුවක් භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් අලුත් ලිපි, නොකියවු ලිපි, කියවීමට තිබෙන ලිපි, වැදගත් ලිපි ආදී වශයෙන් විවිධ අඩවි වල ලිපි අපගේ එකතුව තුල පිළිවෙලට සකස් කර ගන්න හැකියාව ලැබෙනවා.

මේ සඳහා භාවිත වූ ජනප්‍රිය සේවාවක් වූයේ Google Reader. නමුත් මෙය නවතා දැමීම නිසා මෙම පහසුකම ලබා ගැනීම සඳහා වෙනත් සේවාවන් වෙත යැමට සිදු වුනා. ඒවා අතරින් ඉතාම ජනප්‍රිය සේවයක් තමයි cloud.feedly කියලා කියන්නේ.

පහත ලින්ක් එකෙන් එම අඩවියට ගිහින් ඔබේ Account එකක් හදාගන්න ඕනි. අනතුරුව එම අඩවිය භාවිත කරන අයුරු පහත වීඩියෝවේ දක් වෙනවා. ගැටළුවක් වුනොත් අහන්න.

http://cloud.feedly.com/#welcome



වැඩිදුරටත් මේ පිළිබඳ විස්තර දැන ගැනීමට geek.lk වල තියෙන මෙම සංවාදය බලන්න.

http://www.geek.lk/discussion/92#

මෙතනත් තියෙනවා ඒ වගේම විස්තරයක් එකත් බලන්න.

waka ගේ blog ගල්…!!


2 comments:

Unknown said...

http://cloud.feedly.com/#welcome
ඇත්තටම මෙයට වඩා google reader වලට සමානම online reader එකක් තමයි.
wwww.inoreader.com
try කර බලන්න.(feedly වගේ google account එකට access දෙන්න ඕන නැහැ.)

RSSOwl කියන්නෙත් ඒ වගේම offline reader එකක්. එය open source app එකකි. එයද try කර බලන්න.
http://www.rssowl.org/

saman's blog said...

බොහෝම ස්තුතියි මලිත. ඔබේ අදහස හැමෝටම ප්‍රෙයා්ජනවත් වේවි.