ශ්‍රීතයක් භාවිතයෙන් excel වලදී case එක වෙනස් කර ගන්න දන්නවද?

excel  වලදී අපට ලැබෙන නම් ලයිස්තුවක කේස් එක වෙනස් කර ගන්න වුවමනා යැයි සිතමු. මේ වැඩේ වර්ඩ් වලදී වගේ කර ගන්න අයිකනයක් ලබා දීලා නැ excel  වලදී.


ඒ නිසා එම කාර්ය කර ගැනීමට ශ්‍රිතයක් භාවිත කරන්න වෙනවා. එය මූලික ආකාර 3කින් පෙන්නා දෙන්න පුළුවන්.

එනම්,
  • = Upper(cell address) – upper case
  • = Lower(cell address) – lower case
  • = Proper(cell address) – sentence case (පළමු අකුර පමණක් කැපිටල් කිරීමට)
මෙය නිදර්ශනයකින් විමසා බලමු.
A column එකේ නම් පෙළක් ඇතැයි සිතන්න. පහත රූපයේ ආකාරයට,



















මෙම නම් පෙළ B column  එකේදී කැපිටල් වලින් ලියන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ B1 සෙල් එකෙහි මෙ ආකාරයට ශ්‍රිතයක් ගොඩනැගීමයි.
 = Upper(A1)




















දැන් Enter කර බලන්න.  A1 සෙල් එකේ පැවති saman කියන වචනය B1 සෙල් එකේ කැපිටල් වලින් ප්‍රදර්ශනය කරයි.



















මෙය  B column එකේ පහත ඇති සියලුම සෙල් වලට ලබා දීම සඳහා B1 සෙල් එක මත ක්ලික් කල විට ලැබෙන කොටුවේ දකුණු පහල කෙළවර ඇති Fill handle එක ඇදගෙන යාමෙන් ලබා ගැනීමට හැකි වේ.
 


මේ විදියට අනික් ශ්‍රිත දෙක භාවිතයෙන්  lower case වලට මෙන්ම sentence case වලට හරවා ගැනීමට අවස්ථාව ලැබේ.