පරිගණකයක ඇති මූලික කොටස් හඳුනාගනිමු.

පරිගණකය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එහි ඇති මූලික කොටස් පිළිබඳව අධ්‍යයනය  කිරීම අතිශයින් වැදගත්. පහත වීඩියෝව දැක්වෙන්නේ මූලික කොටස් පිළිබඳව හඳුන්වාදෙන වීඩියෝවක්

පරිගණකය ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසා බලමු

මෙම විඩියෝ පෙළ පරිගණකයේ ක්‍රියාකාරීත්වය පිලිබඳව අපූරු පැහැදිලි කිරීමක් ලබා දෙනවා. සමෙන්‍යෙ පෙළ සහ උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂය ඉගෙන ගන්නා සිසුන් සඳහා මෙය අතිශයින් වැදගත් තොරතුරු එකතුවක් වේවි.

පහත දැක්වෙන වීඩියෝව තුළින් තොරතුරු තාක්ෂණ විෂයේ දී අපි සංඛ්‍යාපද ඉලෙන ගන්නේ ඇයි කියන ප්‍රශ්නයට උත්තර සපයා දෙනු ලබනවා.



පහත දැක්වෙන වීඩියෝවෙන් ද්වාර පරිගණකය තුළ භාවිතය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනවා.



පහත වීඩියෝව තුළින් පරිගණකයක ක්‍රියාකාරීත්වය සඳහා පරිගණක ක්‍රමලේඛනය භාවිත වන අයුරු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනු ලබනවා.


නෙට්වර්ක් jack ඒකක් cat5e කේබලයක් එකක් සමඟ සම්බන්ධ කර ගන්නා ආකාරය

නෙය්ටර්ක් එකක් සකස් කර ගැනීමේ දී කනෙක්ටර්ස් වයරයකට සම්බන්ථ කර ගැනීමට වගේම ජැක් එකක් වයර් එකට සම්බන්ධ කර ගැනීමටත් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. මෙම වීඩියෝව ඒ පිළිබඳවයි.





නෙට්වර්ක් කේබල් එකකට කනෙක්ටර් එකක් සවි කර ගනිමු

මෙම වීඩියෝවේ දී නෙට්වර්ක් කේබල් එකකට කනෙක්ටර් එකක් සවි කර ගැනීමට අමතරව එස් සකස් කර ගන්නා ලද කේබලය බාවිතා කර පරිගණක එකිනෙක් සම්බන්ධ කර ගන්නා ආකාරයත්, සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව වින්ඩෝස් 7 වල දී අවශය පරිදි configure කර ගන්නි ආකාරයත් විමසා බැලේ,



පරිගණක දෙකක් අතර දත්ත හුවමාරු කර ගනිමු.

වින්ඩෝස් භාවිතා කර පරිගණක දෙකක් අතර දත්ත හුවමාරු කර ගැනීමට හැකි පරිදි  සකස් කර ගන්න ආකාරය පහත වීඉියොවෙන් දැක ගැනීමට පුළුවන්. අන්තර්ජාලයෙන් හමු වූ මෙම වීඩියෝව ඔබටත් වැදගත් වේවි.




Microsoft office වලදී සිංහලෙන් type කරද්දීත් සෝදුපත් බලන්න පුළුවන්.

මෙතෙක් අපි Microsoft office මාදුකාංග වලදී ඉංග්‍රීසි භාෂාවෙන් spelling check කර ගත් ආකාරයටම යුනිකේත භාවිතා කර සිංහලෙන් ටයිප් කරද්දීත් සොදුපත් බැලීමට අවකාශ ලැබී තිබෙනවා.




මේ සඳහා නොමිලයේ ලබා දෙන සොදුපත් බැලීම සඳහා වන මෙවලම භාගත කර ගත යුතු වෙනවා.

  • පහත යොමුවෙන් ගොස් Microsoft Office සෝදුපත් මෙවලම් 2013 - සිංහල භාගත කර ගන්න.
http://www.microsoft.com/si-lk/download/default.aspx

මෙතනදී භගත කර ගැනීමට අවශ්‍ය භාෂාව තෝරා ගත හැකියි.


මෙහෙයුම් පද්ධතියේ බිටු පිළිබද තෝරා ගන්න.


භාගත කර ගත් ගොනුව මත දෙවරක් ක්ලක් කර ස්ථාපනය කර ගන්න.


View මෙනුවේ Language අයිකනය මත ක්ලික් කල විට ලැබෙන මෙනුවෙන් set proofing Language යන්න තෝරාගන්න.


එවිට ලැබෙන සංවාදකොටුවෙන් සිංහල තෝරා ok කරන්න.
දැන් සාමාන්‍ය විදියට යුනිකේත භාවිතා කර සිංහල වචනයක් ටයිප් කර space බොත්තමෙන් ඉඩක් ලබා ගත් විට රතු පාටින් ඉරක් පෙනවයි නම් එම වචනයේ දෝෂයක් ඇති බවත් එය මත රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් නිවැරදි වචනය තෝරා ගැනීමක් කර ගැනීමටත් හැකියාව ලැබේ.

පහත නිදර්ශනය බලන්න.


 

Microsoft excel වලදී small සහ large ශ්‍රීත බාවිත කරලා තියෙනවාද? නැත්තම්...........

සාමාන්‍යෙයන් අපි max සහ min භාවිත කරලා ඉහළම අගය සහ පහළම අගය සෙවීම කර ගන්නවා. අද මේ ලිපියෙන් කියන්න යන්නේ උපරිම දෙවනි අගය නැතිනම් අවම දෙවනි හො තෙවනි අගයන් සොයා ගැනීමට භාවිත කරන ශ්‍රිතයන් පිළිබඳවයි.

  • පහත රූපසටහනෙන් පෙන්වන නිදර්ශනයේ 
    Second LARGE
    සහ 
    Second SMALL
    විදියට පෙන්වා ඇත්තේ එම අගයන් දෙකයි.
LARGE
 =LARGE(B1:B6,2) මෙහි රතුපාටින් පෙන්වා ඇත්තේ දෙවනි විශාලම අගය පෙන්වීමටයි. 
SMALL
 =SMALL(B1:B6,2) මෙහි රතුපාටින් පෙන්වා ඇත්තේ දෙවනි අවම අගය පෙන්වීමටයි. 

Microsoft excel වලදී භාවිත වන COUNT ශ්‍රිතය භාවිත කරමු.

COUNT ශ්‍රීතය අපි බාවිතයට ගන්නේ සෙල් ගණන් කිරීමට අවශ්‍ය වූ විටදීයි. නමුත් සාමාන්‍යෙයන් මෙම ශ්‍රී බාවිත කරනවාට වඩා පියවර දෙකක් ඉදිරියට ගොස් එය බාවිත කරන අයුරු තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ,


පහළ රූප සටහන හොඳින් බලන්න,

  • COUNT
මෙහි සෙල් 6ක සංඛ්‍යා ඇතුලත් කර තිබෙනවා. =COUNT(A1:A9) ශ්‍රිතය භාවිතයෙන් A1 සිට A9 දක්වා පරාසයේ ගණනය කළ විට සංඛ්‍යා ඇතුලත් කළ සෙල් ප්‍රමාණය ගණන් කර දෙයි

  • COUNTA
=COUNTA(A1:A9) විධානය භාවිත කළ විට මෙම සංඛ්‍යා පරාසයේ ඇති සංඛ්‍යා මෙන්ම අකුරු ඇතුලත් කර ඇති සෙල් සංඛයාව ගණනය කර ගැනීමට අවස්ථාව ලැබේ.

  •  COUNTBLANK 
=COUNTBLANK(A1:A9) භාවිතා කර මෙම සංඛ්‍යා පරාසයේ ඇති හිස් සෙල් ප්‍රමාණය ගණනය කර ගැනීමට අවස්ථාව සැලසේ.



Microsoft Excel වලදී AVERAGE සහ AVERAGEA ශ්‍රීතයන් භාවිතා කරමු.

Microsoft Excel වලදී අපි AVERAGE ශ්‍රිතය නිතරම බාවිත කරනවා. ඒ ගැන කිසිම ගැටලුවක් ඇති වෙලා නැද්ද. මෙම ශ්‍රිතය භාවිතයේ දී ඇති වන එක් ගැටලුවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.


ගැටළුව
ළමයින්ගේ ලකුණු ලයිස්තුවක් සකස් කිරීමේ දී විභාගයට පැමිණි නැති ළමයින් සඳහා -ab- වගේ ඉංග්‍රිසි අකුරු යොදා ඇති වටදී AVERAGE එක නිසි පරිදි ලබා නොදීම.
 පිළිතුර
මෙහිදී සුදුවන්නේ  AVERAGE ශ්‍රිතය විසින් ලකුණු ලබා ගැනීමේදී සංඛ්‍යා ඇති සෙල් ගණන පමණක් ගණනය කර ගන්නා අතර ඉංග්‍රීසි අකුරු ඇති  (-ab-) සෙල් එක මඟහැර දමයි. 
ඒ අනුව විෂයන් 9ක සාමාන්‍ය සොයද්දී එක් විධයකට ළමයෙක්ට  -ab- ලෙස යොදා තිබුනහොත් එම සෙල් එක අතහැර සාමාන්‍ය සෙවීමට ඇති සෙල් සංඛ්‍යාව 8ක් ලෙස යොදා ගනී. මෙය අපගේ ලකුණු ලයිස්තුවේ විශාල අර්බුදයක් ඇති කරනු ලබනවා.
විසඳුම 
ලකුණු හෝ වෙන ඕනෑම සංඛයා පෙළක සාමාන්‍ය සෙවීමේ දී සෙල් වල ඉංග්‍රීසි අකුරු ඇත්නම්, ඒ වගේම එම සෙල් එක සාමාන්‍ය සෙවීමේ දී ගණනය වීමට එක් විය යුතු නම් ඔබ භාවිත කළ යුත්තේ  AVERAGEA ශ්‍රීතයයි.

FaceBook - දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත්? - ෂමිල පෙරේරා (ada)

'දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග' යනුවෙන් අපේ සමාජයේ කියමනක් පවතිනවා. මේ කියමන අද වඩාත්ම යෝග්‍ය මාතෘකාවකට ගැළපීමට අප සිතුවා. ඒ වර්තමානයේ බෙහෙවින් කතා කරන සමාජ ජාල වෙබ් අඩවි වෙතයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හා අනුබද්ධිත, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (සර්ට්) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මේ කාර්යයේ සුදුසුම පුද්ගලයෙකු බව පවසමින්, අපේ කතාබහ අරඹන්නේ අතරමං නොවී, දැනගෙන යන්නයි.



ෆේස්බුක් ගිණුමක් සැකසීමේදී වැඩි අවධානයක් යොමුකළ යුතු කරුණු මොනවාද?

ෆේස්බුක් ගිණුමක් තම අනන්‍යතාවත් සමග සකසාගත යුතුයි. තමන් නිවැරදි අනන්‍යතාව අතුළත් කරමින් ෆේස්බුක් ගිණුමක් සැකසීමේදී, තම නම, උපන්දිනය, පාසල හෝ රැකියා ස්ථානය ආදී තොරතුරු එම අඩවිය තුළ හමුවන කවර පිරිසකට විවෘත කරන්නේද යන තීරණය තමා විසින්ම ගත යුතුයි. උදාහරණයක් ලෙස ෆේස්බුක්හි සිටින සියල්ලන්ටම මේ තොරතුරු විවෘත කරනවාද, එසේ නොමැති නම් තමාගේ මිතුරු පිරිසට පමණක් බැලීමට හැකි ලෙස සකසනවාද, (සාමාන්‍යයෙන් ෆේස්බුක් ගිණුමක් විවෘත කළ සැණින් එහි අපට මිතුරන් හමු නොවන අතර, එහිදී අප මිතුරන්ට ඇරයුමක් (Request) කළ යුතු අතර, එසේ නොමැති නම් මිතුරන් විසින් තමාට ඇරයුමක් එවීමෙන් මිතුරන් ඇති වෙයි.) යන්න තීරණය කළ යුතුයි.

එමෙන්ම තමන් ඇරයුම් කරන්නේ හොඳින්ම දන්නා මිතුරන්ටද, එසේම තමන්ට ඇරයුම් ලැබෙන්නේ හොඳින්ම දන්නා මිතුරන්ගෙන්ද බව දැන ඔවුන් තම මිතුරු පිරිසටපිළිගැනීම (Accept) සිදුකළ යුතුයි. එනම්, යම් ඇරයුමක් කරන විට හෝ ඇරයුමක් ලැබෙන විට, වෙනයම් මාර්ගයකින් (වෙනත් මිතුරෙකුගෙන් විමසා ආදී වශයෙන්) මේ තමා හොඳින් දන්නා හඳුනන කෙනාගේ ගිණුමමද යන්න දැන ඒ ඇරයුම භාර ගැනීම සිදුකළ යුතුයි.

මේ ආකාරයෙන්, තම මිතුරු පිරිසට පමණක් තමාගේ තොරතුරු හුමවාරු වන ලෙස ෆේස්බුක් ගිණුම සකසා ගැනීමේදී ඔබ විසින් ඇතුළත් කරන ඡායාරූප හා අදහස් හුවමාරුවන්නේ ඒ පිරිස අතර පමණයි. එසේම තම ඥාති හිතමිත්‍රාදීන් අතරේ වුවද, කිහිප දෙනෙකුට පමණක් බැලීමට හැකි ආකාරයේ එම ඡායාරූප හෝ තොරතුරු ඇතුළත් කිරීමටද ෆේස්බුක් ගිණුම තුළ අවස්ථාව පවතිනවා. මේ තුළින් ඔබේ පෞද්ගලික තොරතුරු පිටස්තරයන් අතට යෑම වළක්වා ගත හැකියි.

එමෙන්ම යම් අයෙකු කිසියම් ලින්ක් (Link) එකක් එවමින්, එය බලන ලෙස ඉල්ලීමක් කරන්නේ නම්, ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකු නම් පමණක් එම ලින්ක් එක විවෘත කිරීම යෝග්‍ය වෙනවා. මෙය පණිවුඩයක් (Message) ලෙස හෝ චැට් (Chat) එකේ පැමිණීමට හැකියි. ඇතැම් අවස්ථාවල මෙවැනි ලින්ක් එකක් ක්‍රියාත්මක කිරීමේදී ෆේස්බුක් ආකාරයෙන්ම භාවිත කරන්නාගේ නම (UserName) සහ මුරපදය (Password) ඇතුළත් කරන ලෙස වින්ඩෝ (Window) එකක් පැමිණීමට පුළුවන්. එය ඔබේ තොරතුරු සොරාගැනීම සඳහා ව්‍යාජ ලෙස සැකසූ වෙබ් පිටුවක් විය හැකියි. ‍ෆේස්බුක් මෙන්ම ඊමේල් පරීක්ෂාවේදී හා අන්තර්ජාලයේ සැරිසරද්දී දකින දකින සෑම ලින්ක් එකක් මතම 'ක්ලික්' නොකරන ලෙස පවසන්නේ මෙවැනි අනතුරු පැවතිය හැකි නිසයි.

ෆේස්බුක් ගිණුමට මුරපදයක් යෙදීමේදීත් මේ ආකාරයේම සැලකිල්ලයක් යොමුකළ යුතුයි නේද?

සැබවින්ම ඔව්, තම ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් (Strong) මුරපදයක් (Password) යොදාගැනීමට ඔබ වගබලාගත යුතුයි. මෙහි ශක්තිමත් (Strong) මුරපදයක් යැයි කියන්නේ, 'ඉංග්‍රීසි සිම්පල්' අකුරු, ඉලක්කම් හා 'සිම්බල්' ආදියේ එකතුවකුයි. අවම තරමින් එවැනි අකුරු, ඉලක්කම්, 'සිම්බල්' 8 කවත් එකතුවක් ඔබේ මුරපදයේ පැවතිය යුතුයි.
ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව සඳහා තම ජංගම දුරකථනය යොදාගත හැකි තවත් අවස්ථා තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්, එහිදී තමන් ෆේස්බුක් ගිණුමට ඇතුළු වන සෑම අවස්ථාවකදීම තවත් මුරපදයක් (ඉලක්කම් පහක හෝ හයක අංකයක්) ලෙස ‍කෙටි පණිවඩුයක් ජංගම දුරකථනයට ලබාගැනීමට ඉල්ලීමක් කළ හැකියි. ඒ අනුව,තම ෆේස්බුක් මුරපදය මෙන්ම, ජංගම දුරකථනයට පැමිණෙන ඉලක්කම් කිහිපයද ඇතුළත් කළ පසුගිණුමට පිවිසීමට ගිණුම් හිමියාට අවස්ථාව පවතිනවා.

මෙය ක්‍රියාත්මක කිරීමෙන් සැලසෙන වාසිය නම්, යම් පිටස්තරයෙක් ඔබේ ගිණුමට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ස්වයංක්‍රීයවම ඔබේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවඩුයක් ලැබීමයි. එහිදී තම ගිණුමට යමෙකු ඇතුළු වීමට උත්සාහ කළ බව වටහාගත හැකි අතර, එසේ ඇතුළු වීමට උත්සාහ කළ තැනැත්තාටද කෙටි පණිවුඩය හරහා ලැබෙන රහස්‍ය අංකය නොලැබෙන බැවින් එම ගිණුමට ඇතුළු වීමට නොහැකි වෙනවා. මෙවැන්නක් කරදරකාරී ක්‍රියාවක් ලෙස සිතුවත්, ෆේස්බුක් භාවිත කිරීමේදී එය වඩාත් ආරක්ෂිත පියවරක් ලෙස පෙන්වා දිය හැකියි.

ෆේස්බුක් ගිණුමට යම් පිටස්තරයෙකු ඇතුළු වී ඇති බව දන්නේ නම් ඊට ක්‍රියාත්මක වන්නේ කෙසේද?

සිදුවී ඇති දේ අනුව එය තීරණය වෙනවා. උදාහරණයක් ලෙස යමෙකු ඔබේ ගිණුමට ඇතුළු වී විවිධ ඡායාරූප හෝ අදහස් එකතු කර මුරපද වෙනස් නොකර සිටින්නේ නම්, වහාම තම ගිණුමේ ආරක්ෂිත උපාංග (Security Settings) වෙනස් කළ යුතුයි.

මුරපදය, ආරක්ෂිත ප්‍රශ්න, ඊමේල් ගිණුමේ මුරපදය වෙනස් කළේ නම්, තම මුරපදය හොරෙන් ගත් පුද්ගලයාට යළි ඒ ක්‍රියාව කළ නොහැකි වෙනවා. මීට අමතරව, තමන්ට ගිණුමට ඇතුළු විය නොහැකි නම්, පෙර සඳහන් කළ ආකාරයට මුරපදය නැවත ලබාගැනීමට (Password Recover) කරගැනීමට අවස්ථාව පවතිනවා. මීට අමතරව යම් ගැටලුවක් මතු වූයේ නම් තාක්ෂණික වශයෙන් මෙය සිදුකර ගන්නේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදීමට සර්ට් ආයතනයේ සහාය ලබාගත හැකියි.

කෙසේ වෙතත්, යම් ගිණුමක් කිසිම විදියකින් නැවත ලබාගැනීමට (Password Recover) හැකියාවක් නොමැති වීමත්, එය වෙනත් අයෙකු පාවිච්චි කරන බවත් දන්නේ නම්, එම ගිණුමේ තම පෞද්ගලික තොරතුරු අඩංගු වන නිසා අදාළ ගිණුම සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කරවන ලෙස (Deactivate) ඉල්ලීමක් (Request) ෆේස්බුක් වෙත යැවීමට පුළුවන්.

ෆේස්බුක් පරිහරණයේදී කාන්තාවන් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු කාරණා තිබේද?

ෆේස්බුක් යනු අපට ඡායාරූප හා ඒවාට අදහස් පළ කිරීමේ හැකියාව ඇති සමාජ ජාල අඩවියක් නිසා, අප මීට ඡායාරූප ඇතුළත් කිරීමේදී අදාළ උපාංග සැකසුම් (Settings) නිවැරදිව සිදු නොකළහොත්, වැරදි පුද්ගලයන් අතට ඔබේ පෞද්ගලික ඡායාරූප හෝ අදහස් ගලා යා හැකියි. උදාහරණයක් ලෙස ෆේස්බුක් හි සියල්ලටම බැලීමට හැකි ලෙස ඡායාරූපයක් ඊට ඇතුළත් කළහොත් ඕනෑම අයෙකුට එය බැලීමට, ඩවුන්ලෝඩ් කරගැනීමට මෙන්ම එය සංස්කරණය කර වෙනස්කම්වලට භාජනය කිරීමටද හැකියාව පවතිනවා.

වර්තමානයේදී ස්මාර්ට් ජංගම දුරකථන පවතින නිසා යන ඕනෑම තැනක ඡායාරූප ගනිමින් ඒවා ෆේස්බුක් ඇතුළත් කරන ආකාරයක් දැකිය හැකියි. එමෙන්ම, එසේ ලබාගන්නා ඡායාරූප කිසිදු විමසීමකින් තොරව ෆෙස්බුක් හි හමුවන නාඳුනන අය අතරද හුවමාරු කරන්නේ, ඔහු තමා කැමතිම සිංදු අහන්නෙක්, ලස්සන නමක් ඇත්තෙක් හෝ එවැනි පටු තීරණයක් තුළයි. උදාහරණයක් ලෙස අප පාරේ ඇවිද යනවිට හමුවන සෑම අයෙකුම සමග අපේ පෞද්ගලික තොරතුරු කතා නොකරන ආකාරයෙන්, ෆේස්බුක් තුළද තමා දන්නා හඳුනන අය සමග පමණක් ඇසුර තබාගැනීම නුවණට හුරුයි.

ෆේස්බුක් කියන්නෙ අප සීමා කළ යුතු නරක දෙයක්ද?

සැබවින්ම ෆේස්බුක් යනු නරක දෙයක් නොවෙයි. එය පාවිච්චි කරන ආකාරය මත සියල්ල තීරණය වෙනවා. තමුන් තමුන්ට අවංක වෙමින් තම ෆේස්බුක් ගිණුම නිවැරදිව පාවිච්චි කරනවා නම්, තම ඥාති හිතමිත්‍රාදීන් සමග පමණක් සම්බන්ධතාව පවත්වාගෙන යනවා නම්, අනවශ්‍ය ගැටලුවක් ඇති නොවී ලෝකයේ කොහේ සිටියත් ඔවුන් සමග තොරතුරු හුවමාරු කරගැනීමට බාධාවක් ඇති වන්නේ නැහැ.

ඡායාරූප AFP ඇසුරෙනි
ෂමිල පෙරේරා
ada