දත්ත සමුදාය තුළ භාවිත වන Wildcard වචනය

කිසියම් අක්ෂරයක් හෝ කීපයක් වෙනුවෙන් බාවිත කළ හැකි සංකේතයක් මෙසේ හඳුන්වනු ලබනවා. නිදසුනක් විදියට mysql භාවිතා කිරීමේ දී මෙම වචනය දැනගෙන සිටීම වැදගත්.

mysql වලදී මෙය භාවිත වන්නේ LIKE operator එකක් වශයෙනි.

ඊට සමාන, වැනි හෝ වගේ ආදී අර්ථ ලැබෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීම සඳහා mysql query ලිවීමේ දී භාවිත වන % (ප්‍රතිශතක ලකුණ) Wildcard අක්ෂරයක් ලෙස පෙන්නා දීමට පුළුවන්.

නිද :- 
SELECT * FROM Customers
WHERE City LIKE 'ber%';

ඉහත නිදර්ශනයට අනුව Customers වගුවේ ඇති City field එකේ ඇති වටිනාකම් අතරින් ber වලින් පටන් ගන්නා සියලුම තොරතුරු ප්‍රදර්ශනය කරන්න යන විධානය ලබා දෙයි. මෙහි ber වලින් පටන් ගෙන අනිකුත් යන්න ඇගවීමට සඳහා ('ber%') යොදාගෙන තිබේ.

මෙම භාවිතය වයිල්කාඩ් භාවිතය සඳහා කදිම නිදර්ශනයකි.

නිද ;-
SELECT * FROM Customers
WHERE City LIKE '_erlin';

ඉහත නිදර්ශනයේ දී වයිල්කාඩ් අක්ෂරය ලෙස භාවිත කර ඇත්තේ යටි ඉරයි.(underscore) ඒ අනුව මුල් අකුර සෙවීමට ඉඩ ලබා දීමක් සිදු වේ.

නිද :-
SELECT * FROM Customers
WHERE City LIKE '[bsp]%';

මෙම නිදර්ශනයේ දී City field එකේ ඇති වටිනාකම් අතරින් b, s හො p වලින් පටන් ගන්නා වටිනාකම් ප්‍රදර්ශනය කිරීම සිදු වේ.

පහත දැක්වෙන්නේ එවැනි වයිල්කාඩ් යෙදුමක් භාවිත කර ඇති අවස්ථාවකි.



ඒ අනුව අපට දත්ත සමුදායන් තුළ දී සුවිශේෂ ආකාරයට මෙම වයිල්කාඩ් උපක්‍රමය භාවිත කළ හැකි බව පැහැදිලි වේ.

මේ පිළිබඳව තවත් තොරතුරු පහත ඇති වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.




උසස් පෙළ සිසුන් සඳහා පයිතන් පරිගණක භාෂාව වැඩමුළුව 2014

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ සිසුන් ඉලක්ක කර ගනිමින් නොමිලයේ පැවැත්වෙන මෙම වැඩමුළුව ඔක්තෝම්බර් මස 08 වන නිවාඩු දින පෙ.ව. 08.00 සිට සිට සවස 4.00 දක්වා පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩමුළුව පැවැත්වෙන ස්ථානය වන්නේ මහනුවර කටුගස්තොට යි.

සහභාගී වන්නන් සඳහා සිංහලෙන් මුද්‍රිත නිබන්ධනයක් ලබා දීමට ද කටයුතු සූදානම් කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට පහත පෝරමය පුරවා එවන්න.

හබ් බ්‍ර්ජ් සහ ස්විච් යනු කුමක්ද? (Hub, Bridge,Switch)

හබ් (Hub)

ජාලයේ ඇති පරිගණකනයකින් ලැබෙන පණිවිඩයක් ජාලයේ සිටින අනෙකුත් සියලුම පරිගණක වෙත යෙමු කිරීම සිදු කරන අතර එම පනිවිඩය අදාල පරිගණකය පමණක් එම පණිවිඩය ලබා ගනී.

බ්‍රිජි (Bridge)

හබ් දෙකක් භාවිතකර ඇති ජාල දෙකක් එකතු කිරීම බ්‍රිජ් එකක් මඟින් සිදු වේ. බ්‍රිජ් ඒකේ පවත්නා සුවිශේෂ හැකියාව වන්නේ එක් ජාලයකින් අනෙක් ජාලයේ පරිගණකයක් වෙත යොමු වන පිණිවිඩයක්, පණිවිඩයේ තියෙන ලිපිනය (Mac Address) අනුව නියම පරිගණකය වෙත යොමු කිරීමට ඇති හැකියාවයි.

ස්විච් (Switch)

බ්‍රිජ් එකේ සහ ස්විච් එකේ කාර්ය එක සමානයි. ජාලයේ පණිවිඩය යොමු කරන පරිගණකයේ ලිපිනයටම පණිවිඩය යොමු කිරීම සිදු කරන අතර බ්‍රිජ් එකේ  හබ් දෙකක් සම්බන්ද කිරීමට අවශ්‍ය පෝර්ට් දෙකක් ඇති අතර ස්විච් එකේ එවැනි පෝර්ට් බොහෝ ගණනක් තිබිය හැකියි.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.

OCR යනු කුමක්දැයි අද අපි බලමු.

(OCR) Optical character recognition


මුද්‍රිත මාධ්‍යෙයන් තියෙන ගොනුවක ඇති අක්ෂර පරිගණකයේ දී වෙනස් කිරීමට හැකි ආකාරයෙන් පරිගණක අක්ෂර බවට පත් කිරීම OCR ලෙස හඳුන්වනු ලබනවා.

මේ සඳහා භාවිත වන උපකරණ ගණනවකි. එනම්,




මෙසේ ස්කෑන් කර ගන්නා අක්ෂර පහත දැක්වෙන ගෙනු වර්ග ලෙස ගබඩා කිීමට පහසුකම් සපයා දෙනු ලබනවා.



පහත වීඩියොවෙන් OCR මෘදුකාංගයක ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්.



පහත වීඩියොවෙන් මෙවැනි OCR මෘදුකාංගයක් භාවිත කරන ආකාරය දැක ගැනීමට පුළුවන්.



අන්තර්ජාලය ඔස්සේ OCR මෘදුකාංගයක් භාවිත කරන ආකාරය පිළිබඳ විස්තර පහත වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.