සුහද මාරුව.com ගැන ඔබ දන්නවාද?

සුහද මාරුව.com යනු ලංකාවේ සියලුම රාජ්‍ය අංශයේ සුහද මාරුවීම් සඳහා සැකසූ නවීනතම සහ එකම වෙබ් අඩවියයි. මෙහි විශේෂත්වය වන්නේ මෙය මගින් ලබාදෙන සියලුම සේවාවන් නොමිලයේ ලබාදීමයි. මෙසේ සියලුම සේවාවන් නොමිලයේ ලබාදීමෙන් මෙම වෙබ් අඩවිය අමරණීය වනු ඇතැයි අපගේ විශ්වාසයයි. ඔබ විසින් රාජ්‍ය අංශයේ කුමණ රැකියාවක් දැරුවත් ඔබගේ සුහද මාරුවීමේ ප්‍රශ්ණයේ වගකීම 100% සාර්ථක වීමේ සම්භාවිතාවයක් සහිතව අප විසින් භාරගන්නා බව දන්වා සිටිමු.

      ගුරු සේවය, හෙද සේවය, කළමණාකාර සහ වැඩසටහන් සහකාර සේවය ආදී ලංකාවේ විශාලතම සේවක පිරිසක් සිටින ප්‍රධාන ක්ෂේත්‍ර තුනකුත් විශ්ව විද්‍යාල, හෙද පුහුණු විද්‍යාල වැනි විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුලත් වන ක්ෂේත්‍ර දෙකකුත් ආවරණය වන ලෙස මෙම වෙබ් අඩවිය නිර්මාණය වී ඇත. මෙයින් අනාගතයේදී වැඩිම සුහද මාරුවීම් ප්‍රමාණයක් සාර්ථක වනු ඇතැයි අපගේ විශ්වාසයයි. වාණිජ පරමාරථයෙන් සකසා ඇති වෙනත් වෙබ් අඩවි වලින් මෙම වෙබ් අඩවිය ජනප්‍රිය වීමට නොදී කූට ප්‍රයෝග යෙදුවත් ඒවාට ඔබ හසු නොවී මෙයින් සේවය ලබාගන්නා ලෙස අපි සුහදව ඇරයුම් කරමු. තවත් අයෙකුට බැලීමට මෙය share කිරීමෙන් අපගේ ජාතික මෙහෙවරට දායක වන ලෙස ඉල්ලා සිටිමු.
මේ සඳහා යොමු වීමට පහත දැක්වෙන දිගුව භාවිත කරන්න.
http://www.suhadamaruwa.com/

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2015 ප්‍රශ්නපත්‍රයේ පිළිතුරු

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2015 ප්‍රශ්නපත්‍රයේ පිළිතුරු එකතුව. 

පළමු සහ දෙවන කොටස් සඳහා වන පිළිතුරු

පිළිතුරු පත්‍රය


2015 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රය (සිංහල මාධ්‍ය)

2015 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රය (සිංහල මාධ්‍ය)

සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය



ටෙක්ඩියුනෝ

ටෙක්ඩියුනෝ 

TechDuino යනු Kalinga Athulathmudali හා Techකතා කණ්ඩායම විසින් සමාජ සත්කාරයක් ලෙස ලොව ප්‍රසිද්ද Arduino හි මිල අඩු අනුකාරකයක් (Clone) TechDuino ලෙස සංවර්ධනය කර Microcontroller භාවිතා කිරීමේදී හා Programming (Embedded Software) ඉගැන්වීමේදී උවමනා වන උපකරණ සමග අඩුමිලට ලබාදීම සදහා පවත්වාගෙන යන ව්‍යාපෘතියකි. TechDuino ව නිකුත්වනේ Open Source Hardware ලෙස Attribution-NonCommercial-ShareAlike 3.0 Unported ලයිසනය යටතේ. මෙය සම්පුර්ණයෙන් ශ්‍රී ලංකාව තුල කල නිෂ්පාදනයකි.
මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වන්නේ Microcontroller ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන අයට ඒ සදහා අවශ්‍ය උපදෙස් නොමිලේ හා උපකරණ අවම මිලකට ලබාදී ආධුනිකයන්ගේ දැනුම මට්ටම ඉහල දැමීමයි.
මෙම උපකරණ සදහා නියම කරඇති මිල ගණන් සදහන් කර ඇත්තේ මේ සදහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට, නිෂ්පාදයට හා තැපැල් ගාස්තු ආවරණය කිරීමට සදහා පමණක් වන අතර මෙම ව්‍යාපෘතිය කිසිදු ලාභ ඉපයීමේ පරමාර්ථයකින් සිදුකරන්නක් නොවේ.
(Arduino යනු Atmel සමාගම විසින් නිපදවන ATmega micro controller එක භාවිතා කරන open source hardware platform එකකි.)
උපුටා ගැනීම : http://techduino.com/
මෙය භාවිත කරන ආකාරය පැහැදිලි කරන වීඩියෝ පෙළක්. මෙය ටෙක්කතා අඩවියෙන් උපුටා ගැනීමකි.





කේතය භාගත කර ගැනීමට
https://www.dropbox.com/s/6qhzgc363bnamm4/IR_Switch2.ino

මෙම අභ්‍යාස අත්හදා බැලීම සඳහා අවශ්‍ය කේත සහ අතිරේක උපදෙස් ලබා ගැනීම සඳහා පහත දැක්වෙන දිගුව ඔස්සේ යොමු විය හැකියි.

https://www.facebook.com/groups/Tkatha/files/

උපුටා ගැනීම : http://www.techkatha.com/category/arduino/

ආර්ඩියුනෝ

ආර්ඩියුනෝ කියන්නේ ලංකාවට අළුත්ම මාතෘකාවක්. ඒ වගේම ලංකාව තුළ ඉක්මණින්ම ජනප්‍රිය වුණ උපාංගයක්. මෙච්චර කාලයක් ලංකාවේ Advance Electronic කටයුතු වලට පාවිච්චි වුණේ PIC වර්ගයේ ක්ෂුද්‍ර පාලක (Microcontrollers). PIC Programming ඉගෙනගත්ත අය දන්නවා ඒක ඉගෙනගන්න විඳපු දුක. Registers කටපාඩම් කරන්න, Timers, Interrupts හසුරවන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ආර්ඩියුනෝ වලදී නම් මේ දුක විඳින්න ඕන නෑ.

ආර්ඩියුනෝ ගැන කෙටි හැඳින්වීමක් කළොත්, මේක open-source platform එකක්. ඒ කියන්නේ  Linux වගේ. අපිට ඔනම විදිහකට ආර්ඩියුනෝ පද්ධති වැඩිදියුණු කරන්න, හදලා විකුණන්න වුණත් අවසර තියෙනවා. ආර්ඩියුනෝ පුවරු (Arduino Boards) සදහා පාවිච්චි කරන්නේ Atmel සමාගමේ ATmega වර්ගයේ ICs. මේවා PIC වලට වඩා මිලෙන් අඩුයි වගේම කාර්යක්ෂමතාවයෙනුත් ඉහළයි. (ඒත් ලංකාවේ වෙළඳපොලේ තවමත් මේවා හොයාගන්න අමාරුයි.)

ආර්ඩියුනෝ එක්ක වැඩ කරන්න අපි සපයාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.
  1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)
  2. ආර්ඩියුනෝ මෘදුකාංගය 

1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)


ආර්ඩියුනෝ වැඩසටහන් සියල්ල ක්‍රියා කරන්නේ මේ බෝඩ් එක මගිනුයි. දැනට එකිනෙක වෙනස්කම් තියෙන ආර්ඩියුනෝ බෝඩ් වර්ග ගණනාවක් තියෙනවා. Arduino Uno, Arduino Due, Arduino Mega, Arduino Diecimila, Arduino Leonardo කියන්නේ ඒවා අතරින් කිහිපයක් විතරයි. මේ අතරින් වඩාත් ම ජනප්‍රිය Arduino Uno බෝඩ් එක.

Arduino UNO R3
Arduino UNO R3 
Arduino Due

ආර්ඩියුනෝ ඔරිජිනල් බෝඩ් එකක් නම් ටිකක් ගණන්. පොඩිම බෝඩ් එක 30$ විතර වෙනවා. ඒත් අපිට අඩු වියදම් විකල්ප 2 ක් තියෙනවා.

Arduino Clone එකක් භාවිතා කිරීම.

ආර්ඩියුනෝ  Open-source platform එකක් නිසා ඕනම කෙනෙක්ට ආර්ඩියුනෝ උපාංග හදලා විකුණන්න පුළුවන්. ලංකාවෙත් ආර්ඩියුනෝ උපාංග හදන සමාගම් 2 ක් තියෙනවා.
  1. Lankatronics මගින් හදන Lakduino 
  2. Techකතා කණ්ඩායම හදන  TechDuino


         
    Lakduino UNO
               
    Techduino 


    Arduino Board එකක් නිර්මාණය කරගැනීම.

    මම නම් අනුගමනය කළේ මේ විකල්පයයි. ආර්ඩියුනෝ නිල වෙබ් අඩවියෙන්ම ලබා ගත්ත සැලසුමකට අනුව තමයි මම මගේ බෝඩ් එක සදාගත්තේ. මේකට නම් ටිකක් විතර පළපුරුද්දක්  ඕන වෙනවා. මේ ලිපිය කියවන ඔබත් Hardware Programming වලට ආධුනිකයෙක් නම් කලින් විකල්පයට යන එක වඩාත් සුදුසුයි.

    නමුත් කවදා හරි තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න උත්සාහ කරන්න. කඩෙන් ගන්න ඒවට වඩා  තමන්ම හදාගන්න පුවරුවක් ගොඩක් වටිනවා.

    අඩු මුදලකින් තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න ආකාරය පිළිබඳ ලිපියක් ලඟදීම ගේන්න පොරොන්දු වෙනවා.

    2. ආර්ඩියුනෝ මෘදුකාංගය 


    ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමින් සදහා Arduino IDE මෘදුකාංගය අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය Arduino.cc නිල වෙබ් අඩවියෙන් නොමිලේම ලබාගත හැකියි.

    Arduino 1.0.2 

    උපුටා ගැනීමකි. 
    මුල් අඩවියට යොමු වීමට සහ තවත් විස්තර දැන ගැනීමට පහත යොමුව මත ක්ලික් කරන්න.
    http://arduino-sinhalen.blogspot.com/2014/07/ardunio.html




    පහත වීඩියෝවෙන් මෙ පිළිබඳව තවත් බොහෝ කරුණු එක් කර ගත හැකියි.



    මේ පිළිබඳව තවත් විස්තර සිංහලෙන් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.



    මෙ වීඩියෝවත් බලන්න.

    AL ICT Past Paper 2011 - English Medium

    AL ICT Past Paper 2011 

    Infrmation and communication Technology 



    2013 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්න පත්‍රය - සිංහල මාධ්‍යය

    2013 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්න පත්‍රය - සිංහල මාධ්‍යය

    භාගත කර ගැනීමට පහත යොමුව මතට ක්ලික් කරන්න. එවිට ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට භාගත කර ගැනීමට අවශ්‍ය යොමුව ලැබේවි.

    1 කොටස
    2 කොටස