ආර්ඩියුනෝ ගැන කෙටි හැඳින්වීමක් කළොත්, මේක open-source platform එකක්. ඒ කියන්නේ Linux වගේ. අපිට ඔනම විදිහකට ආර්ඩියුනෝ පද්ධති වැඩිදියුණු කරන්න, හදලා විකුණන්න වුණත් අවසර තියෙනවා. ආර්ඩියුනෝ පුවරු (Arduino Boards) සදහා පාවිච්චි කරන්නේ Atmel සමාගමේ ATmega වර්ගයේ ICs. මේවා PIC වලට වඩා මිලෙන් අඩුයි වගේම කාර්යක්ෂමතාවයෙනුත් ඉහළයි. (ඒත් ලංකාවේ වෙළඳපොලේ තවමත් මේවා හොයාගන්න අමාරුයි.)
ආර්ඩියුනෝ එක්ක වැඩ කරන්න අපි සපයාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.
- ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)
- ආර්ඩියුනෝ මෘදුකාංගය
1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)
ආර්ඩියුනෝ වැඩසටහන් සියල්ල ක්‍රියා කරන්නේ මේ බෝඩ් එක මගිනුයි. දැනට එකිනෙක වෙනස්කම් තියෙන ආර්ඩියුනෝ බෝඩ් වර්ග ගණනාවක් තියෙනවා. Arduino Uno, Arduino Due, Arduino Mega, Arduino Diecimila, Arduino Leonardo කියන්නේ ඒවා අතරින් කිහිපයක් විතරයි. මේ අතරින් වඩාත් ම ජනප්‍රිය Arduino Uno බෝඩ් එක.
Arduino UNO R3 |
Arduino Due |
ආර්ඩියුනෝ ඔරිජිනල් බෝඩ් එකක් නම් ටිකක් ගණන්. පොඩිම බෝඩ් එක 30$ විතර වෙනවා. ඒත් අපිට අඩු වියදම් විකල්ප 2 ක් තියෙනවා.
Arduino Clone එකක් භාවිතා කිරීම.
ආර්ඩියුනෝ Open-source platform එකක් නිසා ඕනම කෙනෙක්ට ආර්ඩියුනෝ උපාංග හදලා විකුණන්න පුළුවන්. ලංකාවෙත් ආර්ඩියුනෝ උපාංග හදන සමාගම් 2 ක් තියෙනවා.
Arduino Board එකක් නිර්මාණය කරගැනීම.
මම නම් අනුගමනය කළේ මේ විකල්පයයි. ආර්ඩියුනෝ නිල වෙබ් අඩවියෙන්ම ලබා ගත්ත සැලසුමකට අනුව තමයි මම මගේ බෝඩ් එක සදාගත්තේ. මේකට නම් ටිකක් විතර පළපුරුද්දක් ඕන වෙනවා. මේ ලිපිය කියවන ඔබත් Hardware Programming වලට ආධුනිකයෙක් නම් කලින් විකල්පයට යන එක වඩාත් සුදුසුයි.
නමුත් කවදා හරි තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න උත්සාහ කරන්න. කඩෙන් ගන්න ඒවට වඩා තමන්ම හදාගන්න පුවරුවක් ගොඩක් වටිනවා.
අඩු මුදලකින් තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න ආකාරය පිළිබඳ ලිපියක් ලඟදීම ගේන්න පොරොන්දු වෙනවා.
2. ආර්ඩියුනෝ මෘදුකාංගය
ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමින් සදහා Arduino IDE මෘදුකාංගය අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය Arduino.cc නිල වෙබ් අඩවියෙන් නොමිලේම ලබාගත හැකියි.
Arduino 1.0.2
- Arduino 1.0.5 Windows (.exe) (52.6 MB)
- Arduino 1.0.5 Macosx (.zip) (76 MB)
- Arduino 1.0.5 Linux 32-bit (.tgz) (20.2 MB)
- Arduino 1.0.5 Linux 64-bit (.tgz) (20 MB)
Arduino 1.5.7
- Arduino 1.5.7 Windows (.exe) (92.5 MB)
- Arduino 1.5.7 Windows (.zip) (193 MB)
Useful Links
උපුටා ගැනීමකි.
මුල් අඩවියට යොමු වීමට සහ තවත් විස්තර දැන ගැනීමට පහත යොමුව මත ක්ලික් කරන්න.
http://arduino-sinhalen.blogspot.com/2014/07/ardunio.html
පහත වීඩියෝවෙන් මෙ පිළිබඳව තවත් බොහෝ කරුණු එක් කර ගත හැකියි.
මේ පිළිබඳව තවත් විස්තර සිංහලෙන් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.
මෙ වීඩියෝවත් බලන්න.
1 comment:
good worck sir thanks a lot
Post a Comment