පරිගණක ක්‍රමලේඛණයක් ලියන්නට පෙර (02 කොටස)


මෙම ලිපියේ මුල් කොටස පරිගණක ක්‍රමලේඛණයක් ලියන්නට පෙර (01 කොටස) ලෙස මීට පෙර දී පළ කෙරිණි. අද පළ වන්නේ එහි දෙවන කොටසයි. O/L - ICT, A/L - ICT විෂය ඉගෙන ගන්නා සිසුන් සදහා ඉලක්ක කර ලියු ලිපි පෙළකි. 

ගැටළුවක් විසදීමට අනුගමනය කරන ක්‍රමවේදය හෙවත් ඇල්ගෝරිතමය (Algorithm)

මෙහි ස්වරූප දෙකකි,
       Graphically          - රූපමය
             Flow Chart                      
       Textually              - ලිඛිතමය
            Pseudo codes



Graphically (රූපමය) (Flow Chart)
Symbols used in Flow Charts   

ගැලීම් සටහන් සදහා නිදර්ශන Examples for flow charts (Sequence)
            ·         සංඛ්‍යා දෙකක එකතුව හා සාමාන්‍ය සෙවීම. Addition & Average of two numbers

·         සිසුවාගේ නම, ගණිතය ලකුණු, විද්‍යාව ලකුණු සහ ඉංග්‍රීසි ලකුණු වල එකතුව හා සාමාන්‍ය සෙවීම. Name Math's marks, Science Marks & English Marks with Addition & Average


·         ඍජුකෝණාස්‍රහක වර්ගඵලය සෙවීම.Area of a rectangle
ගැලීම් සටහන් සදහා නිදර්ශන Examples for flow charts (Selection)

·         ලකුණු 50ට වැඩි නම් “pass” ලෙසත් නැතිනම් “Fail” ලෙසත් සටහන් කිරීම If Marks Grater Than 50 print “pass” Otherwise “Fail”

·         වයස<=18 නම් “Child” ලෙසත් නැතිනම් “Adult” ලෙසත් මුද්‍රනය කිරීම. If Age <=18 print “Child” else  print “Adult”

·         If Marks of a student for ICT -  (75-100 - “A”) (65-74   - “B”) (50-64   - “C”) (35-49   - “S”) (0  -34   - “W”)
           ගැලීම් සටහන් සදහා නිදර්ශන Examples for flow charts (Repetition)



Textually (ලිඛිතමය) Pseudo Code ව්‍යාජ කේත

ගැටළුවක් විසදීම සදහා අනුගමනය කරන ක්‍රමවේදය සංක්ෂිප්තව මානව භාෂාවෙන් (Human Language) එකෙන් ලියා දැක්වීම ව්‍යාජ කේත හෙවත් Pseudo code ලෙස හැදින්වේ.          

Pseudo Code ලිවීමේදී මෙම වචන අතිශයින් වැදගත් වේ.
  1. දත්ත ආදානය = Input, Read, Get & On put
  1. දත්ත ප්‍රතිදානය = Print, Show & Display
  1. දත්ත සැකසීම = Compute, Calculate, Process & Determine         
 ව්‍යාජ කේත සදහා නිදර්ශන Examples for Pseudo Code (Sequence)
            සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම.Add two Numbers
Begin
Input – Number 1 & Number 2
Total = Number1 + Number 2
Display Total
End       

සංඛ්‍යා දෙකක එකතුව සහ සාමාන්‍ය ලබා ගැනීම. Add two Numbers & get Average
Begin
Input – Number 1 & Number 2
Total = Number1 + Number 2
Average = Total/2
Display Total, Average
End       

ශිෂ්‍යයාගේ නමත් විෂයයන් 3ක ලකුණු වල එකතුව හා සාමාන්‍ය එක්වර ලබා ගැනීමට.
Begin
Input – Name, Math’s marks, English Marks &
              Science Marks.
Total = Math’s marks + English Marks +
              Science Marks
Average = Total/3
Display Name, Total & Average
End       

ඍජුකෝණාස්‍රයේ වර්ගඵලය ලබා ගැනීමට.
Begin
Input – Width & Height
Average = Width * Height
Display
End     

ව්‍යාජ කේත සදහා නිදර්ශන Examples for Pseudo Code (Selection)
ශිෂ්‍යයෙක් ගණිතයට ලබා ගත් ලකුණු 50ට වැඩි නම් “Pass”ලෙසත් අඩු නම් “Fail” ලෙසත් නමත් සමගම සටහන් කිරීම.
Begin
Input – Name & Math’s Marks
If Marks >= 50 then
                Grade =“Pass”
Else
                Grade =“Fail”
End if
Display Name, Grade
End     

ව්‍යාජ කේත සදහා නිදර්ශන Examples for Pseudo Code (Repetition)
එකේ සිට 10 දක්වා සංඛ්‍යා මුද්‍රනය කර ගැනීම.
            Begin
                   Number = 1
                   While Number <= 10
                   Print Number
                   Number=Number + 1
                   End While
                End

                1 සිට 100 දක්වා ඔත්තේ සංඛ්‍යා මුද්‍රනය කර ගැනීමට
                 Begin
                        Number = 1
                        While Number < 100
                        Print Number
                        Number=Number + 2
                        End While
                End


මේ වන විට අපි ගැටළුවක් විසදීමේ පියවර දෙකක් සම්පූර්ණයෙන්ම පාහේ සාක්ච්ඡා කර හමාරය. එනම් ගැටළුව තේරැම් ගැනීම හා විශ්ලේෂණය කිරීමත් දෙවනුව ඇල්ගොරිතමයන් ගොඩනැගීමත්ය. මීලගට ඇති පියවරයන් වන්නේ ක්‍රමලේඛණයන් ගොඩනැගීම සහ එය ක්‍රියාත්මක කර බැලීමයි.

AL - ICT සදහා නියමිතව ඇති පරිගණක භාෂාව වන්නේ Python ය. මේ වන විට අපි එම භාෂාව භාවිතා කරන ආකාරයත් එහි ලක්ෂණත් සාකච්ඡා කරමින් සිටී. එම පාඩම් වෙත යොමු වීමට මෙතන ක්ලික් කරන්න. 

OL - ICT සදහා නියමිත පරිගණක භාෂාව වන්නේ Basic ය. එ අනුව ඒ සදහා Visual Basic 6.0 භාවිතා කරයි. අපි ඉදිරියේ දී ඒ පිළිබදවත් විස්තරාත්මකව සාකච්ඡා කරමු.

අදට අවසානයි. ගැටළු හෝ සකස්විය යුතු තැන් ඇත්නම් ක්මෙන්ට් එකකින් පෙන්වන්න.

3 comments:

Anonymous said...

වැදගත් ලිපි පෙළක් ලියන්නේ ස්තුතියි.

today said...

ගැලීම් සටහන් වලට තවත් උදාහරණ දෙනවානම් ලොකු උදව්වක්
Arandara

saman's blog said...

ස්තුතියි. තව ගැලීම් සටහන් ටිකක් ගැන කතා කරන්නම් ඉදිරියට