ජාව මුල සිට සරලව ඉගෙනීමට (Java)

ජාව (Java) මුල සිට සරලව ඉගෙනීමට බොහෝදෙනෙක් කැමති නිසාම මේ පොස්ට් එක දාන්න හිතුවේ. 

ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. Sun Microsystems නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි හදුන්වාදෙන ලදි. මෙමය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය Oracle ආයතනය සතුව පවති.


ඉතිහාසය

James Gosling ,Mike Sheridan සහ Patrick Naughton යන අය ඇතුලු "Green Team" නමින් හැන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green Project" ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රම ලේඛන භාෂාව මුලින්ම "oak" ලෙස හඳුන්වන වනු ලැබූ අතර,James Gosling ගේ කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්"(oak) ගසක් එයට හේතු වූ බව සඳහන් වේ. පසුව එය "ග්‍රීන්"(Green) ලෙස වෙනස් වූ අතර, අවසානයේදී සසම්භාවීව තෝරා ගත් වචන සමූහයක් අතරින් "ජාවා" යන නමින් නම් කරනු ලැබීය. Sun Microsystems විසින් 1995 වර්ෂයේදී ජාවා පරිගනක භාෂාව මුලින්ම මහජනයා වෙත ඉදිරිපත් කරන ලදී.එය එවකට ජනප්‍රිය පද්ධත් වෙනුවෙන් වියදම් රහිත භාෂාවක් ලෙස ප්‍රචලිත විය.

මුලික වැඩසටහනක්

class HelloWorldApp {
    public static void main(String[] args) {
        System.out.println("Hello World!"); // Display the string.
    }
}
මෙම කුඩා වැඩසටහන වදන් සැකසීමෙ වැඩසටහනක් (Notepad) මගින් සකස් කර HelloWorldApp.java නම්න් ගබඩා කර විධාන ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් (eg: Windows Command Prompt) ආධාරයෙන් ක්‍රියාත්මක කර බැලිය හැකිය. මෙම වැඩසටහන ධාවනය කිරිමට පෙර compile කර ගත යුතුය. ඒ සදහා javac විධානය යොදා ගත හැකිය. (eg: javac HelloWorldApp.java). ධාවනය කිරීම සදහා java විධානය යොදා ගත හැකිය. (eg: java HelloWorldApp)

සංස්කරණය

Sun ආයතනය ජාවා ක්‍රමලේඛන විවිධ මාධ්‍ය(Platform) ඉලක්ක කරගනිම්න් සකස්කර ඇත. ඒවා නම්:
ඉහත සදහන් එක් එක් සංස්කරණ සදහා වෙන වෙනම ඊට අදාල සම්පත් ජාවා සතුව පවති. අදාල කේතයන් Sun ආයතනය මගින් නඩත්තු වන අතර ඒ පිලිබද උනන්දුවක් දක්වන්නන්ට එම ක්‍රියාවලියට සහභාගි විය හැක.
Sun ආයතනය PersonalJava නම්න්ද සංස්කරණයක් ජාවා මයික්‍රෝ සංස්කරණය සම්බන්ධයෙන් ලබාදුන්නත් පසුව එම සංස්කරණය දියුනු කිරිම නවතා ඇත







1 comment:

Anonymous said...

Great!!!
http://programmingsinhalen.blogspot.com/2013/02/blog-post_6.html

This is also a Good blog to Learn java!!!