පරිගණක හාර්ඩ්වෙයාර් පාඩම් මාලාව 05


මෙම ලිපි පෙළ ප්‍රියන්තගේ “මගේ මතක“ බ්ලොග් පෝස්ට් එකෙහි පළවු ලිපි පෙළකි.  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය හදාරණ සිසුන්ගේ වැඩිදුර කියවීම් වෙනුවෙන් ඔහුගේ පූර්ණ අවසරයෙන් මෙහි පළකරමි.


ප්‍රියන්තගේ “මගේ මතක“ බ්ලොග් පෝස්ට් එක බැලීමට 


Computer Hardware පාඩම 05.... (Casing)

Computer Hardware පාඩම එක්ක ඉන්න අයට සමහර විට කලින් පෝස්ට් එක වැඩක් නැති එකක් කියා හිතෙන්න ඇති. ඒත් අපි පළමුව පරිගනකයක කොටස් ගැන දල අවබෝධයක් ගන්න ඕන නිසයි මම ඒක කීවේ. මෙතෙක් මෙම පාඩම් පෙළ සකස් කරන් ආවේ කොළ කෑල්ලක් වත් නැතිවයි. ඒත් මම දැන් ඉදිරි සටහන් වල ආකෘතියක් සකස් කරනවා. මේක පොඩි පොතක ලියන් යන්නේ සාකච්ඡා කරන මාතෘකා ගැන දළ විස්තරයක්. ඒවා තමා ඉදිරියේ විස්තරාත්මකව ලියන්න බලාපොරොත්තු වන්නේ. එමෙන්ම මම මෙහි ප්‍රායෝගික දේවල් තමා වැඩියෙන් කතා කරන්න යන්නේ. තියරි නම් කියන්නම අදහසක් නෑ. Logical Gates වගේ ඒවත් මෙහි ලියන්න අදහසක් නෑ. මෙය ප්‍රායෝගික Computer Hardware පාඩමක් වේවි. එහෙනම් වැඩි විස්තර නැතිව අද පාඩමට යමු.

කලින් පාඩමෙන් අපි පරිගනකයේ කොටස් හඳුනා ගත්තනේ. දැන් ඒවා වෙන් වෙන්ව විස්තර කරන්න සූදානම. මෙම කොටස යටතේ අපි ඩෙස්ක්ටොප්/මිනි ටවර්, ටවර් (Desktop/Mini tower, Tower) වැනි පරිගනක ගැනයි. පසුව අපි ලැප්ටොප්/නෝට්බුක් ගැන කතා කරමු.

පරිගනකයේ ප්‍රධාන ක්‍රියාකාරි කොටස වෙත දැන් අපි යන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ CPU යනුවෙන් හැඳින්වෙන System Unit එක ගැනයි. මෙය ආවරණය (Casing) තුළ ඇති කොටස් ගණනාවකින් සමන්විත වේ. ආවරණය සමගම ඇති බල සැපයුම හා අනෙක් විවිධ කොටස් අතර
  • මවු පුවරුව (Main board/ System board/ Mother board) 
  • ප්‍රොසෙසරය (Processor)
  • සිසිලන පංකා (Cooling fans)
  • මෙමරි (Mamory/RAM)
  • හාඩ් ඩිස්ක් (Hard Disk)
  • CD/DVD ධාවකය (CD/DVD Device)
  • Expansion cards (Sound, Video Cards Etc)
  • ෆ්ලොපි ඩිස්ක් ධාවකය (Floppy disk drive
අන්තර්ගතය. කලින් ඒවා නම් කළානේ. එහෙනම් අද කියන්න යන්නේ casing එක ගැනයි.

පරිගනක casing එක අනුව විවිධ නම් වලින් හඳුන්වනවා. Desktop, Mini tower, Micro tower, Full Tower ආදී වශයෙන්. එමෙන්ම විවිධ වෙළඳ නම් යටතේ එන පරිගනක casing ඔවුන්ට ආවේණික විවිධ ස්වරූපයෙන් දක්නට ලැබෙනවා. 
පහත දක්වා ඇත්තේ එවන් casing කීපයකි.

මේ සාමාන්‍ය වෙළඳ පොලේ ඇති casing එකකි. එකලස් කරන පරිගනක සඳහා මේ ආකාරයේ ඒවා භාවිතා වේ.
එය පසු පසින් පෙනෙන්නේ මේ ආකාරයටයි.

HP Compaq dc7700 small form factor පරිගනකය. (පිටත ආවරණය ඉවත්කර)


HP ML-570 Tower (Server) ආවරණය ඉවත් කර

මෙම රූප අනුව බැලූවිට විවිධ ආකාරයේ casing ඇති බව ඔබට අවබෝධ වන්නට ඇත. මොන ආකාරයේ වුවත් casing එකක ඇති පොදු ලක්‍ෂණ වන්නේ
  • Power Supply එකක් පැවතීම.
  • Main board එප සවිකිරීමට අවශ්‍ය සම්බන්ධක (Mount) පැවතීම.
  • Expansion cards සඳහා ගලවා ඉවත් කිරීමට හෝ කඩා ඉවත් කිරීමට හැකි slot තහඩු. (casing එකේ පසු පෙනුම බලන්න)
  • ඉදිරි පස Power switch එක හා Rest switch එකත් Indicator LED පැවතීම.
  • අමතර Fan පැවතීම.
  • සිසිලනය සඳහා වා කවුළු පැවතීමයි
ඊට අමතරව විවිධ වෙඳළ නාම යටතේ නිපදවන casing වල ඒවාට ආවේණික නිර්මාණ දක්නට ඇත. කොම්පියුටර් casing එක සාමාන්‍යෙයන් නිපදවා ඇත්තේ ලෝහ හා ප්ලාස්ටික් භාවිතයෙන්. මීට වෙනස් ආකාරද පවතී. ඒත් ඉතා ස්වල්පයකි.
පරිගනකයක system unit එකේ ඇති සියලු උපාංග දරා සිටීමට casing එක නිර්මාණය කර ඇත. සාමාන්‍යෙයන් ජනප්‍රිය නාම යටතේ ඇති casing වල තහඩු එකලස් කරන ඒවාට වඩා ශක්තිමත් බවත් පෙන්වයි. ඒවායෙන් තුවාල වන්න ඇති අවස්ථා අඩුය. ඒ දාර සුමට ලෙස පැවතීමයි.. මේවායිනුත් සර්වර් සඳහා වඩා සවිමත් තහඩු භාවිතාවේ.

System Fan
මේවායේ අමතරව ඇති Fan එක System fan ලෙස නම් කෙරේ. ඇතැම් ඒවා බල සැපයුමෙන්ම විදුලිය ගන්නා අතර තවත් සමහර ඒවා main board එකේ ඇති system fan power connector එකට සවි කරන්න සිදුවේ. එවැනි fan වල වේගය  main board එක මගින් පාලනය වේ. එනම් වැඩියෙන් රත්වන විට භ්‍රමණ වේගය (RPM)* වැඩිය.

Power Supply
Power Supply ආකාර කීපයක් ඇත. කලින් පැවතියේ AT Power supply වේ. ඒවා කෙලින්ම ස්විද් එකකින් ක්‍රියාත්මක වේ. එහෙත් දැන් භාවිතා වන ATX Power supply ක්‍රියාත්මක වන්නේ Main board එකෙන් ලැබෙනා සංඥාවක් මගිනි. මේවා විවිධ ආකාරයෙන් ඇති අතර භාවිතා කරනා Main board එක අනුව එයට සම්බන්ධ වන Pin සැකැස්ම වෙනස් වේ. කාලයක්ම Pin 20ක සම්බන්ධයක් පැවති අතර අලුත් ඒවා main board එකට සම්බන්ධ වන්නේ Pin 24කිනි. ඒහෙත් ඒවායේ Pin 4ක් ඇත්තේ ප්‍රධාන සම්බන්ධයයෙන් වෙන් කල හැකි පරිදි නිසා ඒවා පරණ P III, P V සඳහා වුවද සම්බන්ධ කළ හැකිය. ඒවායේ විභවයන් (Voltages) වෙනසක් නැත. Main board එකට සවිවන සම්බන්ධකයට (Main board power connector) අමතරව හාඩ් ඩිස්ක්, Optical drivers (CD/DVD ROM/RW) සඳහා බලය සැපයීමට සම්බන්ධක (Connectors) මේවායේ ඇත. තවද PV සඳහා main board එකට සවිවන අමතර pin 4ක 12V විදුලි සම්බන්ධකයක් ඇත. වෙළඳ නාම යටතේ එන (Branded Computers) වල මේවායේ වෙනස් කම් පැවතිය හැක.

කලින් කියා ඇති පරිදි බහුලවම අනතුරු සිදුවන්නේ මෙම casing එක හා සම්බන්ධ ක්‍රියාවන් හිදීය. ප්‍රධාන වශයෙන් slot ආවරණය වන තහඩු කැබලි කඩා ඉවත්කිරීමේදි අත් තුවාල වීමට ඉඩ ඇත. 
මෙය හා සම්බන්ධ කොටස් ගැලවීම හා සවිකිරීම ආදී තොරතුරු ඉදිරි පාඩම් වලදී බලාපොරොත්තු වන්න.

RPM = Revolution Per Minute (ඇතැම් අය Rotation Per Minute ලෙසද භාවිතා කරයි)
පින්තූර. මෙහි ඇති සියලු පිනතූර වල අයිතිය මා සතුය. ව්‍යාපාරික නොවන දේ සඳහා භාවිතයට අවසර ඇත)



Computer Hardware පාඩම 05 (Casing-Power supply)

Casing ගැන එදා පොස්ට් එකෙන් ඉවර කරන්න හිතුවත් පසුව දාන්න තිබූ සටහනක් එම සටහන හා සම්බන්ධ නිසා එහි ඉතිරි කොටස ලෙස ලියන්න හිතුවා. බල සැපයුම (Power Supply) Casing එකේම කොටසක් ලෙසයි පවතින්නේ. එහෙමනම් වැඩි විස්තර නැතිව අද කතා කරමු බල සැපයුම ගැන. 

සාමාන්‍යෙයන් පරිගනක බල සැපයුමක් එකිනෙකට වෙනස් විභව අන්තර ගණනාවක් ලබා දෙනවා. අපි සාමාන්‍යෙයන් බොහෝ උපකරණ වල භාවිතා කරන බල සැපයුම් ලබා දෙන්නේ සෘණ (-) අග්‍රයට සාපේක්‍ෂව කිසියම් නියත විභවයක් වුවත් පරිගනක බල සැපයුම විභවයන් කීපයක්ම පිටතට ලබා දෙනවා.

ඒවා නම් +12V, -12V, +5V, -5V, +3.3V වේ.
මුල් කාලයේ. එනම් 80286, 80386, 80486, 80586 (Pentium I මෙයට ඇතුලත්) හා ඇතැම් P II සඳහා  බල භාවිතා වූ සැපයුම් වූයේ AT නමින් හැඳින්වූ ඒවායි. දැනට ඒවා භාවිතා කරනා පරිගනක හොයන්නත් නැති තරම් නිසා අපි පින්තූරයක් විතරක් බැලුවම ඇති. මේවා ක්‍රියා කරන්නේ කෙලින්ම ප්‍රධාන විදුලිය ලබාදීම හා විසන්ධි කිරීම මත. එහි ස්විච් එක ඇත්තේ එම විදුලි සැපයුම ලබා දීම හා සිඳලීම සඳහා පමණයි.
මින් පසු හමුවන්නේ ATX වර්ගයයි. එහි Versions කීපයක් ඇත. මේවා වෙන් වශයෙන් විස්තර කරන්න පොස්ට් කීපයක්ම ලියන්න වෙන නිසා කෙටියෙන් හඳුනා ගැනීම ආධුනික ඔබට ප්‍රමාණවත් බවයි මගේ හැඟීම.

ATX Version 1.X
මුලින් පැමිණි ATX Version 1.X P iii, Piii, P4 සියල්ලේම භාවිතා වූවා. එහෙත් කාලෙන් කාලෙට වෙනස් වීම් සහිතවයි. 
P iii සඳහා main power connector එක 20 Pin එකක් වූ අතර. ඊට අමතරව peripheral connectors (Hard disk, CD/DVD වැනි දේ සඳහා) හා floppy drive connectors දක්නට ලැබුනා. 
පහත රූපයත් බලන්න.

හොඳින් බලන්න  main power connector එකක්, peripheral connectors 4ක් හා එක් floppy drive connector යක් පමණයි ඇත්තේ. 

ඉන්පසු P4 සඳහා වෙනස්කම් කීපයක් සහිතව බල සැපයුම් නිශ්පාදනය වූවා. මේවායේ මුල් කාලයේ 12VDC අමතර pin 4ක කනෙක්ටරයක් Main board එකට සම්බන්ධ වූවා. ඊට අමතරව auxiliary power connector Main board එකට සම්බන්ධ වෙනවා. එහෙත් පසුව මෙම  auxiliary power connector එක ඉවත් වනවා. එනම් පසුව නිශ්පාදිත ඒවායේ මෙය දක්නට නැත.
මේ එවැන්නක්.

ATX Version 2.X
දැන් භාවිතා වන්නේ මෙම වර්ගයයි. මෙහි  main power connector එක 24 Pin එකක් වේ. මීට අමතරව SATA hard disk සඳහා වෙනම power connectors ඇත. අළුත්ම ඒවායේ 6-pin PCI Express® power connector එකක්ද ඇත. 
මේ රූපයේ ඇති පවර් සප්ලයි එකේ නම් එම 6-pin PCI Express® power connector දක්නට නැත.

නමුත් මේවායේ Pin 24න් 4ක් ඇත්තේ ගලවා වෙන් කල හැකි පරිදිය. ඒනිසා පැරණි 20Pin එකක් වෙනුවෙන් මේම පවර් සප්ලයි එකක් භාවිතා කිරීමට හැකියාව ඇත. මේවායේ Pin සැකසුම හා ඒවායේ විභව අන්තර (Voltages) සහිත සටහනක් පහත රූපවලින් පෙන්වා ඇත.
මෙහි ඡායාරූපයක් බලන්න.

ATX 2.X වලට අයත් Pin 4 වෙනම සවිවී ඇති ආකාරය හොඳින් බැලූවිට දැකියහැක.
අනෙක් connectors හා ඒවායේ Pin සැකසුමත්, ඒවායේ විභව අන්තරත් පහත රූපයෙන් බලන්න.
Serial ATA (SATA) connector එකක pin සැකසුම හා විභවයන් සඳහා පහත රූපය යොදාගන්න.
 PCI Express® power connector එකක pin සැකසුම හා විභවයන් දැක්වෙන රූප සටහන.
මෙම Main board connector වල ඇති එක් එක් pin එකට අදාළ voltages රූපයේ පැහැදිලිව දක්වා ඇත. කළු පැහැයෙන් ඇති COM යනුවෙන් සඳහන් connector එක 0V විභවය පෙන්වයි. අළු පැහැති PWR_OK (ඇතැම් විට PG යනුවෙන්ද දැක්වේ) ඇත්තේ  Main board එකේ සිට ලැබෙන සඥාව ලබාගැනීමටයි. කිසියම් දෝෂයක් ඇතිනම් එමගින් බලසැපයුම ක්‍රියාවිරහිත (Power Off) කරයි. කොළ පැහැති PS_ON pin එක මගින් පවර් සප්ලයි එක ක්‍රියාත්මක (Power On) කරයි. මෙය කුඩා වයර් කැබැල්ලක් හෝ කම්බියකින් 0V (කළු/COM) හා සම්බන්ධ කළ විට පවර්සප්ලයි එක On කළ හැක. පරීක්‍ෂා කිරීම් සඳහා මෙම ක්‍රමය භාවිතා කරයි. 
මේ සාමාන්‍ය එදිනෙදා භාවිතාවන පවර් සප්ලයි එකක සැකසුමයි. නමුත් විවිධ වෙළඳනාම යටතේ නිශ්පාදනය වන ඒවායේ pin සැකසුම මීට වෙනස් වන්නට පුළුවන. එහෙත භාවිතා වන්නේ මෙම විභවයන්මය. තවද ඒවායේ connector එකින් එකින් වෙනස් වන අවස්ථා ඇත. 
නමුත් මෙයට වඩා සම්පූර්ණ වෙනස් පවර් සප්ලයි සර්වර්ස් වල භාවිතා වේ. ඒවායේ සැකසුම මෙසේ යයි පෙන්වා දිය නොහැක්කේ එකිනෙකට වෙනස් නිශ්පාදකයන් තම විවිධ මාදිලි සඳහා විවිධ ආකාරයෙන් මේවා සකස් කිරීම නිසයි. තවද බොහෝවිට බාධාවකින් තොරව අඛන්ඩව ක්‍රියා කිරීමට (redundancy) මේවායේ පවර් සප්ලයි දෙකක් හෝ වැඩි ගණනක් ඇත. එනිසා සර්වරය ක්‍රියාත්මක වන අවස්ථාවේම පවර් සප්ලයි මාරු කළ හැක. එයට ෂට්ඩවුන් කිරීමට අවශ්‍ය නොවේ. මෙවන් පවර් සප්ලයි එකක් පහත රූපයේ දැක්වේ.
මෙය Dell PowerEdge 2950 මාදිලියේ සර්වරයක පවර් සප්ලයි දෙකෙන් එකකි.

මේවාට වඩා සම්පූරණයෙන් වෙනස් බල සැපයුම් Lpatop හා Netbook වල භාවිතා වේ. ඒවායේ ඇති විභව අන්තරද එකිනෙකට වෙනස් වන අතර එය පසුව වෙනම පරිපථයකින් අවශ්‍ය පරිදි විවිධ වෝල්ටීයතාවන්ට වෙන්කර ගනී.
මේවායේ ක්‍රියාකාරීතවය හා අනෙකුත් තාක්‍ෂණ තත්වයන් පිළිබඳ සටහන් කිරීම සටහන් ගණනාවක් දුරට මෙය ගෙන යන නිසා ඒපිළිබඳ කථා කිරීමට බලා පොරොත්තුවක් නෑ. 
එහෙමනම් අපි මේ සටහන මෙයින් නවතමු. මීළඟ සටහන් කීපය Main board එක සඳහා වෙන් කරනවා. 

4 comments:

Unknown said...

ප්‍රයෝජනවත් postඑකක්.ස්තූතී.

Unknown said...

බොහොම වටින ලිපි පෙලක්ම තියෙනවා. ඉදිරියටත් පවත්වගෙන යන්න සුභ පතනවා.....

Techview said...

Good Luck Dr saman bandara Sir
Information communication technology විෂය මාලාව ඔබ හොදින් Stady කර තිබෙනවා,පරිගණක තාක්ෂණය Fields ගණනාවක්ට Category බෙදි තිබෙනවා,ඔබට තව දුර යන්න පුළුවන් කියලා හිතෙනවා
වර්තමානය විදිමත් ආකාරයෙන් ඔබ සකස් කරගෙන තිබෙනවා, ඔබගේ අනාගතයට සුබ පතනවා

Techview said...

Good luck