Home » » පරිගණක හාර්ඩ්වෙයාර් පාඩම් මාලාව 07

පරිගණක හාර්ඩ්වෙයාර් පාඩම් මාලාව 07

Written By Saman Bandara Herath on Sunday, December 4, 2011 | 6:29 AM


මෙම ලිපි පෙළ ප්‍රියන්තගේ “මගේ මතක“ බ්ලොග් පෝස්ට් එකෙහි පළවු ලිපි පෙළකි.  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය හදාරණ සිසුන්ගේ වැඩිදුර කියවීම් වෙනුවෙන් ඔහුගේ පූර්ණ අවසරයෙන් මෙහි පළකරමි.


ප්‍රියන්තගේ “මගේ මතක“ බ්ලොග් පෝස්ට් එක බැලීමට 

Computer Hardware පාඩම 07 .... (Microprocessor)

පරිගනකයක් ගැන කියන්න ගියාම බොහෝ දෙනෙක් අහන දෙයක් තමා ස්පීඩ් එක කීයද කියන එක. ඒ අතරින් සුළු පිරිසක් අහනවා මොකක්ද CPU ස්පීඩ් එක කියා. ඇත්තටම මොකක්ද මේ ස්පීඩ් එක කියන්නේ. මොකක්ද මේ CPU එක කියන්නේ. මෙය කොහේද තියෙන්නේ?
ඔව් අද අපි කතා කරන්න යන්නේ පරිගනකයක මොළය ගැනයි. මෙය තමා වැදගත්ම කොටස. මෙය තමා පරිගනකයේ අංක එක. එනම් මධ්‍යම සැකසුම් ඒකකය හෙවත් Central Processing Unit (CPU) එක ගැනයි.

මොකක්ද මේ Microprocessor එකක් කියන්නේ.
 Microprocessor යනු ඉලෙක්ට්‍රෝනික උපාංගයකි. එය සංගෘහිත පරිපථයක් හෙවත් integrated circuit එකක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. එනම් එය තුල සම්පූර්ණ පරිපථයක් අන්තර්ගතව ඇත. සරලව විස්තර කරනවානම් කුඩා ට්‍රාන්සිස්ටර්මිලියන ගණනක් මේ හතරැස් අඟලකටත් අඩු උපාංගය තුල අන්තර්ගතය. එය බහු කාර්යය, ක්‍රමලේඛනය කළ හැකි (Programmable) රෙජිස්ටර මෙමරි ඇතුලත් උපාංගයකි. ඩිජිටල් දත්ත ලබාගෙන ඒවා ලබා දෙන උපදෙස් අනුව සකස් කර ප්‍රතිදානයක් (Out put) ලෙස අපට ලබාදේ. මෙම විධාන ප්‍රධාන මෙමරියේ ගබඩා කෙරේ.
දැන් අපි බලමු Processor වර්ග හා ඒවායේ විකාශනය කෙටියෙන්.
Vacuum tube මුල්ම පරම්පරාවේ පරිගනක වල භාවිතා විය.

ඉන්පසුව භාවිතයට පැමිණියේ ට්‍රාන්සිස්ටරයයි
මුල්ම මයික්‍රෝප්‍රොසෙසරය ලෙස Intel 4004 භාවිතයට පැමිණෙන්නේ 1971 දී. එය DIP වර්ගයේ සොකට් එකක් සඳහා නිර්මාණය වන්නක්. 

මින් පසුව විවිධ ආකාරයේ Microprocessors භාවිතයට පැමිණි අතර ඒවා එකින් එක විස්තර කිරීම තවත් පාඩමක් ප්‍රමාද වීමට හේතු වන කාරණයකි. තවද සොකට් ගැන පාඩමේදී මම Processors ගැන විස්තරයක්ද කර ඇති නිසා නැවත ඒ පාඩම බලන්න මෙතනින්. (අවශ්‍යනම් පමණක්)

Processor එකක් ක්‍රියා කරන්නේ ඊට ගැලපෙන mother board එකක් මත පමණි. එය ක්‍රියා කිරීමට නිසි වෝල්ටීයතාවයක්, එහි FSB (Front side bus) සමග ගැලපීම අනිවාර්යය වේ. එනම් අප mother board එකක් මිළදීගන්නා විට එහි නිශ්පාදකයා එයට ගැලපෙන processor ගැන එහි උපදෙස් පොතේ පැහැදිලිව සඳහන් කර ඇත.
මීට අමතරව Processor සම්බන්ධයෙන් කිවයුතුම කරුණක් ඇත. එනම් දැනට භාවිතයේ ඇති සෑම Processor එකක්ම ක්‍රියාකිරීමේදී අධික ලෙස රත්වීමට ලක්වේ. ඒ නිසා නිසි පරිදි නිශ්පාදකයා නියම කරන ආකාරයේම සිසිලන පංකාවක් යෙදිය යුතුමය. Intel Processor සඳහා ඔවුන් විසින් සපයනු ලබන පංකාව තරම් වෙනත් ඒවා සුදුසු නැත.

මීට අමතරව අද කියන්න යන්නේ මේ දිනවල බහුලව භාවිතා වන Processor කීපයක් නම් කරන්නයි.
Intel
Intel Processor ලොව පුරාම ඉතා ජනප්‍රිය මෙන්ම බහුලවම භාවිතයේ ඇති Processor වර්ගය වේ.
Intel Pentium, Intel Core හා Intel Core i වර්ගයන් දැනට භාවිතයේ පවතී. මේවායින් නිශ්පාදන තත්වයේ ඇත්තේ  Intel Core i  processors ය.
මේ Intel Pentium  processor එකකි.

මේවා දැනට භාවිතයේ ඇත.
මේ  Intel Core වර්ගයේ processor එකකි.

මේවාද භාවිතයේ ඇත.
මේ  Intel Core  i7 වර්ගයේ processor එකකි.

මේවා දැනට ඇති අළුත්ම ඒවායි. Core i 3, Core i5, Core i7 බහුලවම භාවිතයේ ඇත. මේවායේ දෙවන පරම්පරාව (2nd Generation) දැනට නිකුත්වී වෙළඳපොලේ ඇත.

AMD  processors.
AMD වර්ගයේ  processors ගණනාවක් දැනට භාවිතයේ ඇත.  Intel වලට සාපේක්‍ෂව මේවාට ඇති ප්‍රධාන චෝදනාව අධික ලෙස රත්වීමයි. එහෙත් ශිත පරිසරයක මේවා වඩා කාර්යක්‍ෂම බව බහුතර මතයයි.
මේ AMD Phenom™ II වර්ගයේ processor එකකි


මේ AMD AMD Sempron වර්ගයේ processor එකකි

මේ බොහෝ ජනප්‍රිය AMD Athlon X2 වර්ගයේ processor එකකි

තවත් processors ගණනාවක් ඇතත් සියල්ල කියන්න ඉඩක් නෑ. වැදගත්ම දෙය නම් processor එක යනු පරිගනකයේ මොළයයි. අප ඇතුල් කරන සියලු දත්ත (Data) සකස් කර ඒවා අපිට භාවිතයට ගත හැකි තොරතුරු (Information) බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යය ඉටු කරන්නේ processor එක මගිනි.
නැවතිලාම වගේ තිබූ හාඩ්වෙයාර් පාඩම යලි පටන් ගත්තා. මීළඟ ලිපියෙන් හමුවෙමු.
සුභ දවසක්..!!!

0 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...