1.3 පරිගණකයේ අතීත කතාව
} ආදී මිනිසා ගණිත කටුයුතු සදහා තමාගේ අත්වල සහ පාදවල ඇගිලි පාවිච්චි කළේය. පසු කලෙක ඒ වෙනුවට මුහුදු බෙල්ලන්ගේ කටු, ගල් කැට, බොරළු වර්ල වැනි ද්‍රව්‍ය උපයෝගී කර ගැනීමට පුරුදු විය.
} බොරළු වර්ග හම් කැබැල්ලක ඔතා ගැනීම හෝ බටයක් තුල තැන්පත් කර ගැනීම මගින් මේ ගණන ක්‍රමය ජංගම යන්ත්‍රයක් බවට පෙරළා ගත්තේ ය.
} මේ කාලයේ ඔවුන්ලේ අවශ්‍යතා එකතු කිරීම, අඩු කිරීම වැනි සරළ ගණිත කටයුතු වලට සීමා විය.
ඇබකසය
} ක්‍රි.පූ. 3000 දී චීන ජාතිකයන් ඇබකසය නිර්මාණය කරයි.
} අද භාවිතා වන පරිගණකයේ අඩිතාලමයි.
} ආසියාතික රටවල මෙන්ම උතුරු ඇමරිකාවේද මෙය භාවිතා කර තිබේ.
සර්පණ රූල (ජෝන් නේපියර්)
} 1617දී නේපියර් ලඝුගණක සිද්ධාන්ත ලොවට හෙළි කරන ලදි.
} සංඛ්‍යා ගුණ කිරීම ලඝු ගණක භාවිතයෙන් පහසු එකතු කිරීමක් බවට පරිවර්තනය කෙරිණි.
} අවශ්‍ය අගයන් ඇත් දළ තීරු වල සටහන් කෙරිණි.
} මේවා Napier's Bones ලෙස හදුන්වයි.
ආකලන යන්ත්‍රය (බ්ලේස් පැස්කල්)
} Adding Machine, Pascaline ලෙසද හැදින් වේ.
} මෙම යන්ත්‍රය භාවිතයෙන් පහසුවෙන් සංඛ්‍යා දෙකක් එකතුකිරීම් අඩු කිරීමත් කර ගත හැක.
} 1642 දී මෙය නිර්මාණය කළ මොහු ප්‍රංශ ජාතිකයෙකි.
Step Reckoner (ගොඩ්ප්‍රිඩ් විල්හෙල්ම්)
} 1674 දී පැස්කල්ගේ යන්ත්‍රය වැඩි දියුණු කළ ජර්මන් ජාතික විල්හෙල්ම් මෙම යන්ත්‍රය නිර්මාණය කළේය.
} ඒ අනුව මෙමගින් එකතුකිරීම් අඩුකිරීම් ද ඊට සමානව බෙදීම් හා ගුණ කිරීම් සදහාද අවස්ථාව ලැබේ.
Difference Engine (චාල්ස් බැබේජ්)
} 1822 දී ඉංග්‍රීසි ජාතික බැබේජ්ගේ මෙම නිර්මාණය යාන්ත්‍රික පරිගණකය සදහා අවශ්‍ය ආකෘතිය නිර්මාණය කළේය.
} මෙය නාවික කටයුතු වලදී අවශය වන අංක වගුවල ගණනය කිරීම් සදහා භාවිතයට ගනු ලැබීය.
Mechanical Loom (ජෝශප් ජැකුවාඩ්)
} කාර්මික විප්ලවයෙන් පසු රෙදි විවීමේ කටයුතු පහසු කර ගැනීම සදහා මෙම යන්ත්‍රය නිර්මාණය කරන ලදි.
} මෙහිදී සිදුරු කරන ලද කාඩ්පත් භාවිතයෙන් රෙදි වල විවිධාකාරයේ රටා මැවීමට ඔහු සමත් විය.
ඇනලිටිකල් යන්ත්‍රය (චාල්ස් බැබේජ්)
} 1833 දී ඉංග්‍රීසි ජාතික බැබේජ්ගේ නැවතත් ජැකුවාඩ්ගේ සිදුරුපත් ආශ්‍රයෙන් මෙම යන්ත්‍රය නිර්මාණය කිරීමට උත්සහ ගැණිනි.
} නමුත් එය සාර්ථක නොවීය.
} එහෙත් මෙහි ඇති සුවිශේෂීතාවය වනුයේ ආදාන, ප්‍රතිදාන හා ගබඩාකිරීම සදහා වෙන් වෙන් වශයෙන් උපාංග නිර්මාණය කර තිබීමයි.
} පසුව නිර්මාණය කළ පරිගණක සදහා බැබේජ්ගේ මෙම ආකෘතිය ඉවහල් වූ බැවින් ඔහු පරිගණකයේ පියා ලෙස හැදින් වේ.
ප්‍රථම පරිගණක වැඩසටහන (ඇඩා ඔගස්ටා ලොව්ලේස්)
} බැබේජ්ගේ මිතුරියකි.
} පළමු වරට මෙම කටුයුත්තට උත්සාහයක් ගත්තේ ඇයයි.
} පසුකාලීනව හමුදා භාවිතා කළ Ada පරිගණක භාෂාවට නම ලැබුනේ ඇයට කළ ගෞරවයක් වශයෙනි.
IBM (International Business Machines (හර්මන් හොලේරිත්)
} පන්ච්කාර්ඩ් භාවිතයෙන් හර්මන් 1890 දී ජන සංගණනය සිදු කරන ලදි.
} මේ සදහා ඉතාමත් අඩු කාලයක් ගත විය.
} අනතුරුව ඉතා ජනප්‍රිය අයිබිඑම් ආයතනය පිහිටු වීමට ඔහු මූලික විය.
මාර්ක් 1 (හෝවර්ඩ් එයිකන්)
} 1937 සිට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිටි මොහු බැබේජ්ගේ සංකල්පය දියුණු කිරීමට උත්සහ ගැණිනි.
} 1944 දී අයිබිඑම් ආයතනයේ සිටි ඔහුට හා ඔහුගේ මිතුරන්ට Automatic Sequence Controlled Calculator නිර්මාණය කිරීමට හැකි විය.
} මෙය පසුව මාර්ක් 1 නම් විය.
} මෙමගින් ඉතා පහුසවෙන් එකතුකිරීමට, අඩු කිරීමට, වැඩිකිරීමට පුළුවන.
} දත්ත ආදානය යතුරු ලියනයෙන්ද ප්‍රතිදානය පන්ච්කාර්ඩ් මගින්ද සිදු කරනු ලැබීය.
} වසර 15ක් මෙම යන්ත්‍රය භාවිතා විය.
ABC (Atanasoft Berry Computer) (ජෝන් වින්සන්ට් අටානාසොව් සහ ක්ලිෆර්ඩ් බෙරි)
} මෙය ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ලෙසද හදුන්වයි.
} එහෙත් සමහරුන් එය ප්‍රතික්ෂේප කරනුයේ මෙය සම්පූර්ණයෙන් නිම කර නොතිබූ බැවිනි.
} එහෙයින් ඔවුන්ට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමටද නොහැකි විය.
Jhon Von Neumann
} පරිගණක යන්ත්‍රෙය් භෞතික වෙනස්කම් සිදු නොකර එහි තැන්පත් කරන වැඩසටහන් ආශ්‍රෙයන් එක් එක් පරිගණකයක් මගින් විවිධාකාරයේ වූ වැඩ කටයුතු කර ගැනීමට හැකි වීම.
} අද පරිගණක සදහාද මෙම සංකල්පය භාවිතයට ගනු ගැබේ.
ENIAC
} Electronic Numerical Integrator And Computer.
} ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය. (Electronic Digital Computer)
} 1946 පෙනීසියුලාවේ විද්‍යුත් ඉංජිනේරු අංශයේදී
} මේ සදහා රික්තක නල 18 000ක් යොදා ගැණින.
} තත්පරයකදී ගණනය කිරීම් 5000ක් සිදු කරයි.
} ප්‍රමාණයෙන් අති විශාලයි. උෂ්ණය නිසා දැවී යන රික්තක නිල නිතර මාරු කිරීමට සිදු වේ. විදුපි බලය අධින ලෙස අවශ්‍ය වීම දුර්වලතා ලෙස පෙන්නා දිය හැක.
UNIVAC -1
} 1950 දී රෙමිංග්ටන් රැන්ඩ් ආයතනය විසින් විසින් නිර්මාණය කරන ලදි.
} Universal Automatic Calculator-1
} තත්පරයට ගණනය කිරීම් 10000ක් කළ හැක.
IBM 704
} 1957 දී අයිබිඑම් ආයතනය නිර්මාණය කරන ලදි.
} තත්පරයට ගණනයකිරීම් 100000ක් කළ හැක.
No comments:
Post a Comment