පරිගණක ජාලකරණය (2 කොටස)


සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉලක්ක කර ගනිමින් ලියවෙන ලිපි පෙළකි.

2.4
පරිගණක ජාල සහ පරිගණක ජාලකරණය

 ජාලයක් යනු කුමක්ද?

          එකිනෙක සම්බන්ද වූ දාමයක්, පද්ධතියක් ජාලයක් ලෙස හැදින්විය හැක.

          එක් තැනකින් සම්බන්දතාවය බිද වැටුනහොත් පද්ධතියම බිද වැටේ.

          නිද :- දුරකථන පද්ධතිය, මාර්ග පද්ධතිය,



පරිගණක ජාලයක් යනු කුමක්ද?

          පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙකට සම්බන්ද කරමින් සකසන පද්ධතියක්.

          මෙමගින් සම්පත් පොදුවේ භාවිතා කිරීමට හැකි වීම සුවිශේෂී ලක්ෂණයකි.

          මේ සදහා විවිධ ක්‍රම සහ උපාංග භාවිතා කරනු ලබයි.


පරිගණක ජාල භාවිතයේ වාසි

          වේගය

          වියදම

          ආරක්ෂාව

          මධ්‍යගත මෘදුකාංග පාලනය පහසු වීම.

          සම්පත් පොදුවේ භාවිත කිරීම.

          වේගවත් තොරතුරු හුවමාරුව.


පරිගණක ජාල භාවිතයේ අවාසි

          තරු ආකාරයේ ජාල වල ප්‍රධාන පරිගණකය බිද වැටීමෙන් මුළු ජාලයම අඩපන වේ.

          ජාලවල දෝෂ නිසා තොරතුරු විනාශ වීම.

          ජාලවල දෝෂ නිසා සම්පත් අහිමි වීම.

          බාහිර පුද්ගලයන්ට තොරතුරු සොරාගත හැකි වීම.

          කාර්යක්ෂමතාවය අඩු වීම.

          අවශ්‍ය සම්පත් වෙත පහසුවෙන් ලගා විය නොහැකි වීම.

          ජාල පාලනයට විශේෂ මෘදුකාංග හා පුද්ගලයන් අවශ්‍ය වීම.

          අධික වියදම.


ජාල ස්ථල විද්‍යාව (Network Topology)

          පරිගණක ජාලගත කිරීමේදී ඒවා සම්බන්ද කරන ආකාරය,

   තරු ආකාරය (Star)

   මුදු/වළලු ආකාරය (Ring)

   බසයක ආකාරය (Bus)

   රුක් ආකාරය (Tree)

 

තරු ආකාර (Star Topology)

          මධ්‍යයේ පරිගණකයක් නාභියක් (Hub) හෝ ස්විචයක් (Switch) භාවිතා කරනු ලබයි.

          වාසි

   ස්ථාපනය පහසුයි, දෝෂ සෙවීම නිරාකරණය පහසුයි, මධ්‍ය පරිගණකය නිසා දත්ත වල ආරක්ෂාව ඉහළයි.

          අවාසි

   වියදම වැඩි, ප්‍රධාන පරිගණකය නාභිය හෝ ස්විචය බිද වැටීමෙන් මුළු ජාලයම අඩපන වේ.


වළලු ආකාර(Ring Topology)

          වළල්ලක් ආකාරයෙන් පරිගණක එකිනෙකට සම්බන්ද කරයි.

          වාසි

   වියදම අඩුයි.

          අවාසි

   පරිගණකයක් බිද වැටීමෙන් මුළු ජාලයම අඩපන වේ.


බස් ආකාර (Bus Topology)

          ප්‍රධාන වයරයක් කේන්ද්‍ර කර ගනිමින් පරිගණක හා අනිකුත් උපකරණ සම්බන්ද කර ඇත.

          වාසි

   වියදම අඩුයි. සකස් කිරීම පහසුයි.

          අවාසි

   ප්‍රධාන වයරය මත යැපීම අවාසියකි. දත්තවල ආරක්ෂාව අවමයි. වේගය ඉතා අවමයි.


රුක් ආකාර (Tree Topology)

          ගසක අතු බෙදන ආකාරයෙන් ජාල ගත කිරීම.

          වාසි

   එක් එක් අන්ත වෙන වෙනම පාලනය කළ හැකියි.

          අවාසි

   ජාලය ගොඩනැගීම හා පාලනය සංකීර්ණය. ප්‍රධාන වයරයක් මත යැපීමද අවාසියකි.


ප්‍රධාන පරිගණක ජාල ආකාර (Main types of Computer Network)

          ස්ථානීය ප්‍රදේශ ජාල (LAN)

   කුඩා ප්‍රදේශයක පැතිර පවතී.

   නිද :- ගොඩනැගිල්ලකට.

          පුළුල් ප්‍රදේශ ජාල (WAN)

   විශාල ප්‍රදේශයක පැතිර පවති.

   නිද :- අන්තර්ජාලය

          පුරවර ප්‍රදේශ ජාල (MAN)

   කුඩාත් නොවන විශාලත් නොවන

   නිද :- විශාල භුගෝලීය ප්‍රදේශයක.

 

ජාලකරණ උපාංග
මෝඩම්

   MODulation (අනුකලනය)

     Digital (සංඛ්‍යාංක)àAnalog (ප්‍රතිසම)

   DEModulation (අනනුකලනය)

     Analog (ප්‍රතිසම) àDigital (සංඛ්‍යාංක)

   Internal MODEM

     අභ්‍යන්තරයේ සවි කරන මොඩම්

   External MODEM

     බාහිරින් සවි කරන මොඩම්

නාභිය

   පරිගණක කිහිපයක් එකිනෙක සම්බන්ද කිරීමට භාවිතා කරයි.

ස්විචය

   පරිගණක කිහිපයක් එකිනෙක සම්බන්ද කිරීමට භාවිතා කරයි.

   නාභියට වඩා කාර්යක්ෂමයි.

අතුරු මුහුණත් කාඩ්පත (NIC)

   සම්බන්දතාවය ගොඩනැගීම සදහා අවශ්‍ය කරන පරිපථ අඩංගු කාඩ්පත.

සේවායෝජක පරිගණක (Server)

   ඉහළ පිරිවිතරයන්ගෙන් (High Configuration) සමන්විත මෙම පරිගණක ජාලය පාලනය කරයි.

සේවාලාභී පරිගණක  (Client)

   පරිගණක ජාලයේ සේවාවන් ලබා ගන්නා පරිගණකය

 

අන්තර්ජාලය
1960 ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශයේ Advanced Research Project Agency – ARPA මගින් ආරම්භ කළ ආපානෙට් මෙහි ආරම්භයයි.

          ආපානෙට්හි අරමුණ වූයේ පරීක්ෂණ පවත්වන පරිගණක පද්ධතීන් එකිනෙක සම්බන්ද කිරීමයි.

          අද මෙය ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් කර ඇත.

          මෙයට හිමිකරුවෙක් නොමැති අතර Internet Societies – ISOC විසින් අන්තර්ජාලයට අවශ්‍ය සම්මතීන් නිර්මාණය කරනු ලබයි.

          World ISP àRegional ISP  Local ISP

          Internet Service Provider – ISP විසින් අප වෙත අන්තර්ජාල සේවාවන් ලබා දෙයි.


අන්තර්ජාලය හා සම්බන්ද වීමට අවශ්‍ය දෑ
          පරිගණකයක්

          සන්නිවේදන මෘදුකාංගයක්

          දුරකථන සම්බන්ධතාවයක්

          මොඩම් එකක්

          අන්තර්ජාල සේවා සපයන ආයතනයක්


Intranet
අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් යම් ආයතනයක් විසින් එම ආයතනයේ අභ්‍යන්තර පුද්ගලයන්ට පමණක් භාවිතා කල හැකි, එම ආයතනයට සීමා වූ අන්තර්ජාලය මෙ නමින් හදුන්වයි.

 

3 comments:

Shehan said...

This is very useful for grade 10 ICT students. Thank u very much.

saman's blog said...

ස්තුතියි ඔබට

Unknown said...

ගොඩක් පැහැදිලියි