Adobe Photoshop CS4 භාවිතය ආරම්භ කරමු.


Adobe Photoshop CS4 භාවිතය ආරම්භ කරමු.

මෙම මෘදුකාංගය ඡායාරූප සංස්කරණය කිරීම සදහා භාවිතා කෙරේ. 11 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන විෂය යටතේ  මෙම මෘදුකාංගය පිළිබදව ඒකකයක් වෙන් කර ඇත. එහිදී CS3 භාවිතා කර ඇති මුත් අපි මෙහිදී CS4 භාවිතයට ගෙන එම කොටස් සාකච්ඡා කරමු. නව වර්ෂන් එකක් භාවිතා කිරීම වඩාත් ආකර්ශනීය නිසාත් අපි CS4 භාවිතා කරමු. ඒ අනුව මුලින්ම අපි එහි Main Window එක නැතිනම් Workspace එක හදුනාගනිමු.


Workspace overview

1.       Menu bar (සියලුම ආකාරයේ විධාන වර්ග කැ මෙනු තුල රදවා තිබේ)
2.       Option bar (Tool box එකෙන් අපි තෝරා ගන්නා Tool එකක Option වෙනස් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙයි.)
3.       Tool Box/Tool Panel (අපගේ කාර්යයන් සදහා අවශ්‍ය කරන විවිධාකාරයේ Tools උපකරණ මෙහි තිබේ)
4.       Panel Dock (අපගේ කාර්ය කරගෙන යාමේදී අවශ්‍ය කරන අතිරේක මෙවලම් මෙම Dock එකෙහි අපට අවශ්‍ය පරිදි තබා ගැනීමට පහසුකම් සලසා දෙයි)
5.       Application bar
(මේවායේ ක්‍රියාකාරීත්වයන් වෙන් වශයෙන් ඉදිරියේ දී සාකච්ඡා කෙරේ.)

Manage windows and panels

Document Window එකක් ලබා ගැනීමට
File > New > Open > රූපයක් තෝරාගෙන Open කරන්න. එවිට පහත රූපසටහනේ පෙන්වන ආකාරයට Tabbed Document window එකක් ලැබෙනු ඇති.



Tabbed Document window එකක් වෙනම Window එකක් බවට පත් කර ගැනීමට Tab එක මත Click කරලා පහතට Drag කරගෙන එන්න. එවිට පිටුව වෙනම Window එකක දැක ගන්නට ලැබේ. පහත දැක්වෙනුයේ එම අවස්ථාවයි.



එක් වින්ඩෝන සදහා Title Bar එකක් ලැබී තිබෙන අතර එමගින් වින්ඩෝව ගෙන යාමට(Drag), Minimize, Maximize, Restore කර ගැනීමට මෙන්ම windows දෙකක වැඩ කිරීමේ දී මෙම කුමය අතිශයින් වැදගත් වෙයි.

Panel

A. Title bar
B. Tab (මෙම පැනල් එක තුල tabs 3කි)
C. Drop zone (ඒ ඒ Tab එකෙහි වෙනස් කිරීමට යොදා ගනී)

(මේවායේ ක්‍රියාකාරීත්වයන් වෙන් වශයෙන් ඉදිරියේ දී සාකච්ඡා කෙරේ.)







Panel ලබා ගැනීමට
·         Window > අදාල පැනල් නාමය මත ක්ලික් කරන්න. එවිට Panel Doc එකට පැනල් එකක් ලෙස එක් වීම සිදු වේ. එය Drag කරගෙන ගොස් පැනල් එකක් ඇතුලට දමා Tabbed Panel එකක් ආකාරයටද භාවිතා කිරීමට පළුවන.
·         ඉවත් කිරීමට එම පියවරම නැවත අනුගමනය කිරිමෙන් සිදු කර ගැනීමට පුළුනක.

වැදගත්
·         Window > workspace > essential default > ක්ලික් කර Default ප්‍රධාන කවුළුවක් ලබා ගැනීමට පුළුවන. ඒ අනුව මෙම මෘදුකාංගය ආරම්භයේ දී පැවති තත්වයට සෑම දෙයක්ම ගෙන ඒමට හැකි වේ.
·         එසේ නොමැතිනම්  Workspace එක අපට අවශ්‍ය ආකාරයකට Panel එක් කර සකස් කර ගැනීමෙන් අනතුරුව Window > Workspace > save workspace > වෙත ගොස් කැමති ආකාරයකට Save කර ගැනීමටද පුළුවන.
·         Panels ප්‍රදර්ශනය වන්නේ නම් සැගවීමටත්, සැගවී ඇත්නම් නැවත ලබා ගැනීමටත් Keyboard එකේ Tab Key එක Press කරන්න.

Tool Box/Tool Panel

·         මෙහිදී අපට ලිවීමට(type), තෝරාගැනීමට(select), පාටකිරීමට(paint), ඇදීමට(draw), sample, වෙනස් කිරීමට(edit), ගෙනයාමට(move), හා නිර්මාණය විවිධ ආකාරයෙන් බැලීමට (view images) අවශ්‍ය කරන උපකරණ (Tools) මෙහි රදවා තිබේ.
·         Tool Box සමහර Tool වල දකුණු පහල කෙලෙවර කුඩා ඊතල හිසකි. මෙම Tool එකෙහි Click කරගෙන ස්ටින විට එය දිග හැරී ඒ තුල තිබෙන අනිකුත් Tools පෙන්වයි.
·         ඕනෑම Tool එකක් මතට ගොස් මොහොතක් සිටීමෙන් Tool Tip එකක් එනම් Tool එකේ නම බලා ගත හැක. මෙය Tool එක හදුනාගැනීමට ආරම්භයේ දී ඉතාමත් වැදගත් අංගයකි.
·         පහත රූප සටහනේන් මෙහි අඩංගු සෑම Tool එකකම් දැක ගැනීමට පුළුවන. එයට ඉතා හොදින් අවධානය යොමු කරන්න.


නැවත හමුවෙමු

2 comments:

Unknown said...

Phroshop cs5.1 walinma patan gathnam hodai neada

saman's blog said...

ඔබේ අදහස පිළිගන්නෙමි.

CS4 වලින් ටික දුරක් ගිහින් අපි CS5 වලට මාරුවෙමු.