VB 6.0 - (1) Form එකක Properties වෙනස් කරමු

පළමු පාඩම - පළමු කොටස

විෂුවල් බේසික් 6.0 භාවිතාකර Objects ලබාගැනීම සහ ඒවායේ Properties වෙනස් කරන අයුරු බලමු.





සැ.යු. විෂුවල් බේසික් වලදී අපි වැඩ කරනුයේ Project ලෙසය. Project එකක් තුළ අපට ලැබෙන Form භාවිතා කරමින් වැඩසටහන සදහා අවශ්‍ය මුහුණත ඇද ගැනීම සිදු කර ගනු ලැබේ. මේ පිළිබද ව ඉදිරියේ දී සවිස්තරාත්මකව කතා කරමු. අද මෙම Forms ගැන කතා පමණක් අවධානය යොමු කරමු.

අද මෙම ලිපියේ දී
  1. Form එකක් ලබා ගන්නා ආකාරය පිළිබදවත්
  2. Properties Window එක සහ එහි හැසිරීම පිළිබදවත්
  3. Form එකක Properties වෙනස් කිරීම පිළිබදවත් කතා කරමු.



Form එකක් ලබා ගැනීම.
1.       සාමාන්‍යයෙන් VB Open කළ විට නිරායාසයෙන්ම Form එකක් ලැබේ.





2.       එසේ නැත්නම් Project Window ඇති Form1(Form1) මත දෙවරක් ක්ලික් කරන්න.


3.       එසේ නැත්නම් Project Window ඇති Forms මත Right click කර Shortcut Menu එකෙහි Add > Form > ක්ලික් කරන්න.


4.       එසේ නැත්නම් Standard Tool Bar එකේ ඇති Add Form මත click කර ලැබෙන මෙනුවේ Form යන්න තෝරන්න.


මේ අකාරයට ලබා ගත් Form එකෙහි විවිධ Properties වෙනස් කර ගන්නා අකාරය මීළගට විමසා බලමු. එ සදහා Properties Window එක භාවිතා කළ යුතුයි. පහත දැක්වෙනුයේ Properties Window එකයි.


1)      Form එකෙහි ක්ලික් කර හෝ අංක 1 පෙන්වන Drop-Down Box එකෙන් Form යන්න තෝරා ගත් විට Form එකට අදාල Properties දිස් වේ.
2)      අංක 03 තීරුවේ පෙන්නුම් කරනුයේ Form එකට Properties ය. එම Properties වලට අදාල වටිනාකම් (Value) අංක 04 තීරුවේ සටහන් කිරීමක් හෝ තෝරා ගැනීමක් කළ යුතුයි.
3)      Properties ලයිස්තුවේ සැගවුණු නැතිනම් පහතින් ඇති ඒවා දැක ගැනීමට අංක 5න් පෙන්වන Scroll Bar එක භාවිතා කරන්න.
4)      Properties ලයිස්තුවේ ඇති Properties අකාරාදි පිළිවෙලට හෝ කාණ්ඩ වශයෙන් ද සකස් කර ගැනීමට පුළුවන. මේ සදහා අංක 2න් පෙන්වන Alphabetical/Categorize යන Tab භාවිතා කරන්න.  

දැන් අපි Form එකෙහි Properties කිහිපයක් වෙනස් කර බලමු.
ඒ අනුව Form එක මත ක්ලික් කර, Properties Window එකෙහි,
§  (Name) මත ක්ලික් කර එහි Value එක formsaman ලෙස තනි වචනයෙන් දෙන්න.(නම් කිරීම සදහා විධිමත් පිළිවෙලක් ඇති අතර ඒ පිළිබදව ඉදිරියේ දී කතා කරමු)
o   මෙසේ Value එක ලබා දී Enter කිරීමෙන් පහත දැක්වෙන ස්ථානයට එම වෙනස්කම ඇතුලත් වන අයුරු පහත රූපයෙන් දැක ගත හැක.




§  Caption මත ක්ලික් කර එහි Value එක Saman Herath ලෙස වෙනස් කර Form එකෙහි Title එක දෙස බලන්න. පහත පරිදි වෙනස් වී තියේවි.

§  Form එකෙහි වර්ණය වෙනස් කිරීමට BackColor – value  එක මත ක්ලික් කල විට Drop-Down Box එකෙහි Palette Tab එකෙහි ඇති වර්ණයක් තෝරා ගන්න.

§  මේ ආකාරයට Width, Height, Picture, Appearance වැනි Properties වෙනස් කර බලන්න සිදු වන වෙනස් කම් කවරාකාරද කියා.

අදට නවතිමු. අදහස් යොමු කරන්න.

  



No comments: