LibreOfficeWriter3.4 භාවිතය අරඹමු. (හන්තාන ලිනක්ස් ඇසුරෙන්)

විවෘත මෘදුකාංග අතර ඇති වදන් සැකසුම් මෘදුකාංගයකි Libre Office Writer 3.4. මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙන්ම ලිනක්ස් මතද භාවිතයට යොදා ගත හැකි අතර අද මෙම ලිපිය ලිය වෙනුයේ හන්තාන ලිනක්ස් ආශ්‍රයෙන් Libre Office Writer 3.4 භාවිතා කරන ආකාරයයි. (පළමු කොටස)

මීට පෙරදී අපි ලිබ්රේ ඔෆීස් රයිටර් (Libre Office Writer 3.4) හඳුනාගත්තා මතක ඇති. ඒ පිළිබඳව නැවත කියවීමට අවශ්‍ය නම් පහත සබැඳිය මත ක්ලික් කරන්න.

  1. නිදහස් මාදුකාංග භාවිතය Libre Office Writer 3.4 
හන්තාන ලිනක්ස් තුල Libre Office Writer 3.4. විවෘත කර ගත් පසුපහත රූපසටහනේ දැක්වෙන ආකාර මුහුණතක් දක්නට ලැබේ. (Applications > Office > Libre Office Writer > )


ඉහත මුහුණතෙහි කිසිම දෙයක් වෙනස් නොකර යමක් Type කලොත් ඉංග්‍රීසියෙන් Type වන ආකාරය පහත රූපයේ පෙන්නුම් කරයි.


සිංහල භාවිතය සඳහා සුපුරුදු ආකාරයට Font list box එකෙන් LKLUG Font එක තෝරා ගන්න. තෝරා ගන්නා අකාරය පහත රූපයේ පෙන්නුම් කෙරේ.


ඒ අකාරයට Font එක LKLUG කර ගෙන Type කලත් හන්තාන ලිනක්ස් වලදී නම් පහත ආකාරයට ඉංග්‍රීසියෙන් Type වීම සිදු වෙයි.


ඒ අනුව සිංහලෙන් Type කිරීමට නම් Key board එකේ ctrl යතුරත් සමඟ space bar එක එබිය යුතුයි. (ctrl+SpaceBar) අනතුරුව Type කල විට පහත රූපයේ ආකාරයට සිංහලෙන් Type වෙයි. 

(යම් හෙයකින් තව දුරටත් සිංහලෙන් Type නොවන්නේ නම් හන්තාන තුල Input method  සකස් කර ගත යුතු වෙයි. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න)

Applications > input method selector > Use iBus (preferences) > input method > select input method > sinhala; sinhalies > wijesekara Keybord > add > 

මෙම ක්‍රියාදාමයෙන් අනතුරුව ctrl+SpaceBar භාවිතා කර සිංහලට හැරවීමටත් නැවත එම Keys භාවිතා කර ඉංග්‍රීසියට හැරවීමත් කර ගැනීමට පුළුවන.


මෙසේ සිංහල භාවිතා කරමින් යද්දී ඇතිවන ප්‍රධාන ගැටළුවක් පහත දැක් වෙයි. එනම් රකාරාංශය නිවැරදිව පෙන්නුම් නොකිරීමයි. 


මේ සඳහා පිළියම වන්නේ අදාල වචන select කර ගෙන නැවතත් Font එක LKLUG වලට හරවා ගැනීමයි. එය පහත ආකාරයට පෙන්නා දීමට පුළුවන.


එම ක්‍රියාකාරකම අවසානයේ දී නියමිත පරිදි අකුරු දර්ශනය වේවි. පහත දැක්වෙනුයේ එහි නිවැරදි කල අකුරු පෙන්වන රූප සටහනකි.


Bold කර ගැනීම සඳහා පහත රූපයෙන් පෙන්වන A අයිකනය මත ක්ලික් කරන්න.


Italic කර ගැනීම සඳහා පහත රූපයෙන් පෙන්වන A අයිකනය මත ක්ලික් කරන්න.


Underline කර ගැනීම සඳහා පහත රූපයෙන් පෙන්වන A අයිකනය මත ක්ලික් කරන්න.


අකුරු වල වර්ණය වෙනස් කිරීම සඳහා පහත රූපයේ ආකාරයට Font color අයිකනය මත ක්ලික් කරන්න.


අකුරු highlight කර පෙන්වීම සඳහා පහත රූපයේ ආකාරයට Highlighter අයිකනය මත ක්ලික් කරන්න. 


Bullets ලබා ගැනීම සඳහා පහත රූප සටහනේ පෙන්නුම් කරන අයිකනය මත ක්ලික් කරන්න.


Numbering ලබා ගැනීම සඳහා පහත රූප සටහනේ පෙන්නුම් කරන අයිකනය මත ක්ලික් කරන්න.


පහත රූප සටහනේ ආකාරයට Decrease Indent කර ගැනීම සඳහා අදාල ඡේදය Select කර ගෙන මෙම අයිකනය මත ක්ලික් කල විට සම්පූර්ණ ඡේදයම වම් පැත්තට යොමු කර ගත හැක. 


පහත රූප සටහනේ ආකාරයට Increase Indent කර ගැනීම සඳහා අදාල ඡේදය Select කර ගෙන මෙම අයිකනය මත ක්ලික් කල විට සම්පූර්ණ ඡේදයම දකුණු පැත්තට යොමු කර ගත හැක. 


Basic Shapes ඇඳ ගැනීම සඳහා පහත රූප සටහනේ පෙන්නුම් කරන අයිකනය මත ක්ලික් කරන්න. මෙම අයිකනය Drawing Toolbar එකෙහි ප්‍රදර්ශනය වන අතර Drawing Toolbar එක Main Window එකෙහි පහතින් ප්‍රදර්ශනය වන අතර එය එතන ප්‍රදර්ශනය නොවන්නේ නම් එය ලබා ගැනීමට මෙම පියවරයන් අනුගමනය කරන්න. View > Toolbar > Drawing >  


Block arrows ඇඳ ගැනීම සඳහා පහත රූප සටහනේ පෙන්නුම් කරන අයිකනය මත ක්ලික් කරන්න.


Callouts ඇඳ ගැනීම සඳහා පහත රූප සටහනේ පෙන්නුම් කරන අයිකනය මත ක්ලික් කරන්න.


Callouts තව දුරටත් ඇඳ ගැනීම සඳහා පහත රූප සටහනේ පෙන්නුම් කරන අයිකනය මත ක්ලික් කරන්න.


Flowcharts ඇඳ ගැනීම සඳහා පහත රූප සටහනේ පෙන්නුම් කරන අයිකනය මත ක්ලික් කරන්න.


Symbol Shapes ඇඳ ගැනීම සඳහා පහත රූප සටහනේ පෙන්නුම් කරන අයිකනය මත ක්ලික් කරන්න.


මෙම අයිකන ආශ්‍රිත ක්‍රියා කාරකම් අත්හදා බලන්න. ගැටළුවක් ඇත්නම් Comment එකක් දාන්න. තවත් අයිකන ඉදිරි ලිපියකින් හඳුනාගනිමු. 



No comments: