VB 6.0 - (6) - සංඛ්‍යා දෙකක් භාවිතා කරමින් ගණනය කරමු.


ගියවර අපි VB 6.0 භාවිතා කර සංඛ්‍යා දෙකක් එකතු කිරීම සදහා වැඩසටහනක් සකස් කර ගත්තා මතක ඇති. මෙවර අපි ඒ වැඩසටහනට තව පියවර කීපයක් (අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න) එකතු කරමු. ඒ සඳහා මෙතෙක් අපි සාකච්ඡා කල ලිපි කියවීම වැදගත් වේවි.



අදත් අපි පරිගණක කුමලේඛනය සැකසීම සඳහා පියවරෙන් පියවර යොමු වෙමු. එ අනුව මුලින්ම අපි ගැටළුව හඳුනාගනිමු.


·         සංඛ්‍යා දෙකක් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, හා බෙදීම.
§  ගැටළුව තේරුම් ගැනීම හා විශ්ලේශණය කිරීම.(Understanding & Analyzing the Problem.)
අපගේ ගැටළුව වන සංඛ්‍යා දෙකක්එකතු කිරීම විශ්ලේෂණය කර ගැනීමේ දී ගැටළුවේ ආදානය, ප්‍රතිදානය හා සැකසීම වශයෙන් සකස් කර ගත යුතුයි.
1.       ආදානය - සංඛ්‍යා දෙකක ඇතුල් කිරීම.
2.       සැකැස්ම - සංඛ්‍යා දෙක එකතු වීම.
                        සංඛ්‍යා දෙක අඩු වීම.
                        සංඛ්‍යා දෙක වැඩි වීම.
                        පළමු සංඛ්‍යාව දෙවනි සංඛ්‍යාවෙන් බෙදීම.
3.       ප්‍රතිදානය - උත්තරය ලබා දීම.

§  ගැටළුව සදහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම.(Developing an algorithm for the problem.)
පළමු පියවර පරිදි ගැටළුව විශ්ලේෂණය කර ගැනීමෙන් අනතුරුව ඇල්ගෝරිතම ගොඩනැගිය යුතුයි. ඒ සදහා ආකාර දෙකකි. එනම්,
1.       ගැලීම් සටහන්
2.       ව්‍යාජ කේත
මීලගට අපි සුදානම් වන්නේ අපේ ගැටළුව සදහා ගැලීම් සටහනක් ඇදීමටයි.

මෙම ගැලීම් සටහනට අනුව අපි ව්‍යාජකේතයත් ගොඩනගමු.

Begin
       Input – Number 1 & Number 2
           Total = Number1 + Number 2
           Subtract = Number1 - Number 2
           Multiply = Number1 * Number 2
           Divided = Number1 / Number 2
       Display Total, Subtract, Multiply, Divided 
End       

§  පරිගණක ක්‍රමලේඛනය ලිවීම.(Coding the program. )
මෙහිදීද අපගේ කාර්යය කොටස් දෙකක් යටතේ සිදු කර ගත යුතුයි. එන්ම්,
1.       Form එකේ ඇද ගැනීම.
2.       Code කිරීම.
ඒ අනුව අපි මුලින්ම Form එකේ ඇද ගැනීම සදහා යොමු වෙමු.

Form එක ලබා ගන්න.
එහි පහත ආකාරයට Object සකස් කර ගන්න.

            Form
                             Name                   frmCalculations
                 Caption                Add Calculations
                                                Textbox1
                                                                Name                    txtnum1
                                                                Text                      
                                                Textbox2
                                                                Name                    txtnum2
                                                                Text      
                                                Textbox3
                                                                Name                    txtnum3
                                                                Text                      
                                                Label1
                                                                Name                    lblnum1
                                                                Caption                 Input Number One
                                                                Font-size               18
            Label2
                                                                Name                    lblnum2
                                                                Caption                 Input Number Two
                                                                Font-size               18
                                                Label3
                                                                Name                    lblTotal
                                                                Caption                 Total
                                                                Font-size               18
                                                ComandButton1
                                                                Name                    cmdAdd
                                                                Caption                 Add
                                                ComandButton2
                                                                Name                    cmdSubt
                                                                Caption                 Subtract
                                                ComandButton3
                                                                Name                    cmdMul
                                                                Caption                 Multiply
                                                ComandButton4
                                                                Name                    cmdDiv
                                                                Caption                 Divided

                                ඇද ගැනීමෙන් පසු Form එක මෙ ආකාර විය යුතුය.


            ඉන්පසුව පහත ආකාරයට Code කර ගත යුතුයි.

                       Private Sub cmdAdd_Click()
                       txtTotal.Text = Val(txtNum1.Text) + Val(txtNum2.Text)
                       End Sub


                       Private Sub cmdSubt_Click()
                       txtTotal.Text = Val(txtNum1.Text) - Val(txtNum2.Text)
                       End Sub


                       Private Sub cmdMul_Click()
                       txtTotal.Text = Val(txtNum1.Text) * Val(txtNum2.Text)
                       End Sub


                       Private Sub cmdDiv_Click()
                       txtTotal.Text = Val(txtNum1.Text) / Val(txtNum2.Text)
                       End Sub
        
            ඒ ඒ Button එක මත දෙවරක් ක්ලික් කල විට ලැබෙන Code Window එකෙහි  වෙන් වෙන් වශයෙන් ඉහත Code එක ලියා ගන්න. ලියා ගැනීමෙන් පසු Code Window එක පහත පරිදි දිස් වෙයි.



ü  txtTotal.Text  (txtTotal කියන TextBox එකෙහි Text Properties නිරූපනය කරයි)
ü  Val(txtNum1.Text)  (txtNum1 කියන TextBox එකෙහි Text Properties වල පෙන්නුම් කරන සංඛ්‍යාවේ වටිනාක (Val) යන්නෙන් නිරූපනය වේ.

§  පරිගණක ක්‍රමලේඛනය ක්‍රියාත්මක කර බැලීම.(Testing & Debugging the program.)


      පහත දැක්වෙන Form එක Run කර ගත් විට ලැබෙන්නකි. එහි පළමු සංඛ්‍යාව හා දෙවනි සංඛ්‍යාව ඇතුලත් කර පහතින් දැක්වෙන බොත්තම් මත Click කිරීමෙන් එකතුකිරීමටළ අඩු කිරීමට, වැඩිකිරීමට හා බෙදීමට පුළුවන.   


ගැටළුවක් මතු වුවහොත් Debug කර එය නිවැරදි කර ගත යුතුයි. උදව්වක් අවශ්‍ය වුවහොත් Comment එකක් දාන්න.

මේ අකාරයට පියවරෙන් පියවර සම්පූර්ණ වැඩසටහනක් සකස් කිරීම සදහා උත්සාහ ගන්න.