Adobe Photoshop Cs4 - Open command


මෙම පාඩමේදී අපි ඡායාරූපයක් හෝ සකස් කර Save කර තැබූ document එකක්  නැවත Open කර ගන්නා ආකාරය විමසා බලමු. ඒ සඳහා ප්‍රථමයෙන් අපි මීට පෙර ලියු ලිපි කියවා ඉමු. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න.
  1. Adobe Photoshop භාවිතය ආරම්භ කරමු.
  2. මෙවලම් හඳුනාගනිමු. (1 කොටස)
  3. මෙවලම් හඳුනාගනිමු. (2 කොටස)
  4. Adobe Photoshop Cs4  - Create a new image

Save කර තැබූ document එකක්  නැවත Open කර ගන්නා ආකාර 03කි. එනම්,
  1.     File menu එකේ ඇති Open command එක භාවිතා කර.
  2.        File menu එකේ ඇති recently used file යටතේ ඇති ගොනු භාවිතයෙන්
  3.       අදාල රූපය මත හො file එක මත Right Click කර ලැබෙන Short cut menu එකේ Open with මගින්



·         මුලින්ම අපි File menu එකේ ඇති Open command එක භාවිතා කර Open කර ගන්නා ආකාරය විමසා බලමු.
       File > Open > ගොනුව හෝ ඡායාරූපය ඇති ස්ථනයෙන් තෝරාගන්න. තෝරා ගැනීම සඳහා ඒ මත ක්ලික් කර Open බොත්තම මත ක්ලික් කරන්න. පහත රූප සටහන දෙස හොඳින් බලන්න.

·         File menu එකේ ඇති recently used file යටතේ ඇති ගොනු භාවිතයෙන් Open කර ගන්නා ආකාරය.

අදාල ගොනුව තෝරාගෙන ඒ මත ක්ලික් කරන්න. එවිට  එම ගෙනුව පෙර රුපයේ අංක 03 දැක්වෙන ආකාරයට විවෘත වනු දැක ගත හැක.

·         අදාල රූපය මත හො file එක මත Right Click කර ලැබෙන Short cut menu එකේ Open with මගින් විවෘත කර ගැනීම.
  

මේ වන විට මෙම ලිපි පෙළ කියවන ඔබට අලුත් Document එකක් Create කර ගන්නත් පරිගණකයේ තියෙන ඡායාරූපයක් Photoshop තුළ විවෘත කර ගැනීමටත් හැකි යැයි සිතමි. එ අනුව පහත රූපයේ දැක්වෙන ආකාරයට අලුත් Document එකක් සහ ඡායාරූපයක් විවෘත කර ගන්න.


අපි මීළග ලිපියෙන් මෙසේ ලබාගත් අලුත් වින්ඩෝවන් සහ Open කර ගත් ඡායාරූප භාවිතා කර නිර්මාණයක් කරන අන්දම විමසා බලමු. 







No comments: