Adobe Photoshop CS4 මෙවලම් හදුනාගනිමු (2)


මෙවලම් (1 කොටස)
අද අපි කතා කරනුයේ ෆොටෝෂොප්හි භාවිතා වන මෙවලම් පිළිබදවය. මුලින්ම නම් වශයෙන් හා ඒවායෙන් සිදු වන කාර්ය පිළිබදව අවබෝධයක් ලබා ගෙන දෙවනුව එම මෙවලම් භාවිතයෙන් ක්‍රියාකාරකම් වල යෙදෙමු. ඒ අනුව මෙහි පවතින විශාල මෙවලම් සංඛ්‍යාව අකරින් කොටසක් පිළිබදව විමසමු.
About tools (මෙවලම් ගැන)
·         Photoshop CS4  ආරම්භ කල විට Screen එකේ වම් පැත්තේ Tools Panel එක දැක ගන්නට ලැබේ. එහි ඇති Tools වල විවිධාකාර Option වෙනස් කිරීම සදහා Option Bar  එක මගින් සිදු කර ගත හැකියි.

·         මෙහි ඇති Tools මගින් අපට ලිවීමට(type), තෝරාගැනීමට(select), පාටකිරීමට(paint), ඇදීමට(draw), sample, වෙනස් කිරීමට(edit), ගෙනයාමට(move), හා නිර්මාණය විවිධ ආකාරයෙන් බැලීමට (view images) බැලීමට පහසුකම් සපයා දෙයි.

·         Tool එක තුල සැගවුණු තවත් Tools  පවතී. මේ බව පෙන්වනුයේ Tool Icon එකේ දකුණු පහල කෙළවර ඇති කුඩා ත්‍රිකෝණයෙනි. එවැනි අයිකනයක් මත ක්ලික් කර ගෙන ඉදීමෙන් එම සැගවුණු Tools ලබා ගැනීමට පුළුවන.

·         Tool එක ගැන තොරතුරක් නැතිනම් නම ලබා දීමක් ඕනෑම Tool Icon එක මතට pointer එක රුගෙන යාමෙන් ලබා ගැනීමට පුළුවන.
Selection tools gallery (තෝරා ගැනීම් සදහා භාවිතා කරන මෙවලම්)
The marquee tools
චතුරස්‍රාකාරව, වෘතාකාරව, තිරුවක් ලෙස හා පේළියක් ලෙසට සලකුණු කර ගැනීම සදහා භාවිතා කෙරේ.

The Move tool
select කරගත් කොටසක් layer එකක් හෝ guides එහා මෙහා ගෙන යාමට භාවිතා කරයි.


The lasso tools
Freehand (නිදහස්ව), polygonal (ඍජු රේඛා), හා magnetic ආකාරයට තෝරා ගැනීම සදහා.


The Quick Selection tool
ක්ෂණිකව ප්‍රදේශයක් සලකුණු කර ගැනීමට


The Magic Wand tool
සමාන වර්ණ ඇති ප්‍රෙද්ශ ලකුණු කර ගැනීමට

Crop and slice tools gallery (කැපීම සදහාත් කොටස් කිරීම සදහාත් භාවිතා කරන මෙවලම්)


The Crop tool
රූපයෙන් කොටසක් කපා ගැනීමට


The Slice tool
රූපයෙන් කොටසක් වෙන් කර ගැනීමට


The Slice Select tool
රූපයෙන් වෙන් කර ගත් කොටස Select කර ගැනීමට.

Retouching tools gallery (රූප සකස් කිරීම සදහා පවතින මෙවලම්)


The Spot Healing Brush tool
කුඩා පැල්ලම් ඉවත් කිරීම සදහා භාවිතා කරයි.


The Healing Brush tool
රූපයක විනාශ වූ ප්‍රදේශයට වෙනත් ප්‍රදේශයක ලක්ෂණ ලබා දී රූපය යථා පරිදි සකස් කිරීම සදහා භාවිතා කෙරේ.



The Patch tool
රූපයක විනාශ වූ කොටසක් මැකීම සදහා වෙනත් ප්‍රදේශයකින් කොටසක් ගෙන ඒම සදහා භාවිතා කරයි.


The Red Eye tool
ඡායාරූප ගැනීමේදී ඇසට ආලෝකය වැදී ඇසේ වර්ණය තද රතු වර්ණය ගත් අවස්ථාවන් වලදී මෙම මෙවලම මගින් ක්ෂණිකය එය යථා තත්ත්වයට පත් කර ගැනීමට පුළුවන.


The Clone Stamp tool
රූපයේ කොටසක් ප්‍රතිනිර්මාණය කිරීම සදහා භවිතා කෙරේ.


The Pattern Stamp tool
රූපයේ කොටසක් මෝස්තරයක් ආකාරයෙන් භාවිතා කිරීම සදහා යොදා ගත හැකි මෙවලමකි.


The Eraser tool
රූපයේ කොටස් මැකීම සදහා භාවිතා කරයි.


The Background Eraser tool
රූපයේ පසුබිම මැකීම සදහා භාවිතයට ගැනේ.


            The Magic Eraser tool
තනි වර්ණ එක්වරම මකා දැමීමට පුළුවන.
           
            The Blur tool
රෑපයේ ඍජු කැපුම් බොද කිරීම සදහා බාවිතා කරයි.

The Sharpen tool
අපහැදිලි ස්ථාන පැහැදිලි කරීමට භාවිතයට ගත හැක.

The Smudge tool
රූප smudges කිරීමට යොදා ගත හැක.


The Dodge tool
රූපයේ කොටස් දීප්තිමත් කිරීම සදහා යොදා ගත හැක.


The Burn tool
රූපයේ කොටස් අදුරු කිරීම සදහා භාවිතයට ගනී.


The Sponge tool
රූපයේ වර්ණ නැති කර දමයි.

මෙවලම් හදුනාගනීමට පමණක් මෙහිදී උත්සාහ ගත්තෙමු. ඉදිරියේදී මෙවා හැසිරවිය යුතු ආකාරය ගැන සවිස්තරව කතා කරමු. 

මෙවලම් පිළිබද තවත් කොටසකින් හමුවෙමු. 




No comments: