VB 6.0 (5) සංඛ්‍යා දෙකක් එකතු කරමු.


VB 6.0 භාවිතා කර සංඛ්‍යා දෙකක් එකතු කිරීම සදහා වැඩසටහනක් සකස් කරමු. මේ සදහා මෙතෙක් අපි සාකච්ඡා කල ලිපි පෙළ කියවීම වැදගත් වේ.

අද අපි සරල පරිගණක ක්‍රමලේඛනයක් සකස් කිරීමටයි සූදානම් වන්නේ. ඒ සදහා මූලික සුදානමේ සිට පියවරෙන් පියවර යොමු වෙමු.


ඒ අනුව ක්‍රමලේඛනයක් සකස් කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර 04කි. එනම්

  1. ගැටළුව තේරුම් ගැනීම හා විශ්ලේශණය කිරීම.(Understanding & Analyzing the Problem.)
  1. ගැටළුව සදහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම.(Developing an algorithm for the problem.)
  1. පරිගණක ක්‍රමලේඛනය ලිවීම.(Coding the program. )
  1. පරිගණක ක්‍රමලේඛනය ක්‍රියාත්මක කර බැලීම.(Testing & Debugging the program.)

මෙම පියවර අනුව අද අපි අපගේ ක්‍රමලේඛනය ගොඩනගමු.

·         සංඛ්‍යා දෙකක් එකතු කිරීම.
§  ගැටළුව තේරුම් ගැනීම හා විශ්ලේශණය කිරීම.(Understanding & Analyzing the Problem.)
අපගේ ගැටළුව වන සංඛ්‍යා දෙකක්එකතු කිරීම විශ්ලේෂණය කර ගැනීමේ දී ගැටළුවේ ආදානය, ප්‍රතිදානය හා සැකසීම වශයෙන් සකස් කර ගත යුතුයි.
1.       ආදානය - සංඛ්‍යා දෙකක ඇතුල් කිරීම.
2.       සැකැස්ම - සංඛ්‍යා දෙක එකතු වීම.
3.       ප්‍රතිදානය - උත්තරය ලබා දීම.

§  ගැටළුව සදහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම.(Developing an algorithm for the problem.)
පළමු පියවර පරිදි ගැටළුව විශ්ලේෂණය කර ගැනීමෙන් අනතුරුව ඇල්ගෝරිතම ගොඩනැගිය යුතුයි. ඒ සදහා ආකාර දෙකකි. එනම්,
1.       ගැලීම් සටහන්
2.       ව්‍යාජ කේත
මීලගට අපි සුදානම් වන්නේ අපේ ගැටළුව සදහා ගැලීම් සටහනක් ඇදීමටයි.

මෙම ගැලීම් සටහනට අනුව අපි ව්‍යාජකේතයත් ගොඩනගමු.
Begin
Input – Number 1 & Number 2
Total = Number1 + Number 2
Display Total
End       
ඉහත පියවර අවසන් කිරීමෙන් පසුව අපි පරිගණක භාෂාවක් භාවිතයට ගනිමින් ඊලග පියවර සදහා යොමු විය යුතුයි. මේ පාඩමේදී විෂුවල් බෙසික් භාවිතයට ගනිමින් ඒ පියවරට යොමු වෙමු.

§  පරිගණක ක්‍රමලේඛනය ලිවීම.(Coding the program. )
මෙහිදීද අපගේ කාර්යය කොටස් දෙකක් යටතේ සිදු කර ගත යුතුයි. එන්ම්,
1.       Form එකේ ඇද ගැනීම.
2.       Code කිරීම.
ඒ අනුව අපි මුලින්ම Form එකේ ඇද ගැනීම සදහා යොමු වෙමු.

Form එක ලබා ගන්න.
එහි පහත ආකාරයට Object සකස් කර ගන්න.
            Form
                             Name                   frmAddTwoNumbers
                 Caption                Add Two Numbers
                                                Textbox1
                                                                Name                    txtnum1
                                                                Text                      
                                                Textbox2
                                                                Name                    txtnum2
                                                                Text      
                                                Textbox3
                                                                Name                    txtnum3
                                                                Text                      
                                                Label1
                                                                Name                    lblnum1
                                                                Caption                 Input Number One
            Label2
                                                                Name                    lblnum2
                                                                Caption                 Input Number Two
                                                Label3
                                                                Name                    lblTotal
                                                                Caption                 Total
                                                ComandButton
                                                                Name                    cmdAdd
                                                                Caption                 Add
                                ඇද ගැනීමෙන් පසු Form එක මෙ ආකාර විය යුතුය.

                       
            ඉන්පසුව පහත ආකාරයට Code කර ගත යුතුයි.

                        Private Sub cmdTotal_Click()

txtTotal.Text = Val(txtNum1.Text) + Val(txtNum2.Text)

End Sub

ü  txtTotal.Text  (txtTotal කියන TextBox එකෙහි Text Properties නිරූපනය කරයි)
ü  Val(txtNum1.Text)  (txtNum1 කියන TextBox එකෙහි Text Properties වල පෙන්නුම් කරන සංඛ්‍යාවේ වටිනාක (Val) යන්නෙන් නිරූපනය වේ.

§  පරිගණක ක්‍රමලේඛනය ක්‍රියාත්මක කර බැලීම.(Testing & Debugging the program.)


ඉහත ආකාරයට Run කිරීමෙන්පසු සංඛ්‍යා ඇතුලත් කර බලන්න. එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් අපගේ Testing සාර්ථක වෙයි. ගැටළුවක් මතු වුවහොත් Debug කර එය නිවාරදි කර ගත යුතුයි.

මේ අකාරයට පියවරෙන් පියවර සම්පූර්ණ වැඩසටහනක් සකස් කිරීම සදහා උත්සාහ ගන්න. අපි මීලග ලිපියෙන් මෙම වැඩසටහන තවත් දියුණු කරන ආකරය විමසා බලමු.


3 comments:

බන්දුගෙ ලෝකය said...

යා‍ළුවේ,

තොරතුරු තාක්ෂණය ගැන අපිට දැනුම ලබා දෙන ඔබගේ බ්ලොග් එකට මුලින්ම ගොඩවැදුනේ අදයි. ඇත්තටම හොද උත්සාහයක්. හොද වැඩක්. තවත් ඉදිරියට කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.

saman's blog said...

බොහෝම ස්තුතියි

wasantha said...

Give more sample. We are helpful for increase knoledge