KTechLab මෘදුකාංගයෙන් පරිපථ ගොඩනගමු. ක්‍රියාත්මක කර බලමු.


KTechLab

හන්තාලිනක්ස් සමඟ නොමිලයේ බෙදා හරින මෘදුකාංගයකි. එසේම මෙය වින්ඩෝස් මතද භාවිතා කල හැකි නිදහස් මෘදුකාංගයකි. විස්ඩෝස් සඳහා ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. පෙර ලින්ක් එක අසාර්ථක නම් මේකෙන් උත්සහ කරන්න.

හන්තාන 15 දී Applications > Other > KTechLab > මෙම මෘදුකාංගය විවෘත කර ගත හැක.

සමාන්‍ය පෙළ විද්‍යාව විෂය යටතේ 10 ශ්‍රේණියේ දී මෙන්ම 11 ශ්‍රේණියේ දීද විද්‍යුතය පාඩම් වලදී විවිධ පරිපථ නිර්මාණය කිරීමට තිබේ. එසේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය යටතේ දීද ‘ද්වාර පාඩම යටතේ ද පරිපථ පිළිබඳව කතා කෙරේ.

අපට අවශ්‍ය පරිපථ මෙම මෘදුකාංගයේ නිර්මාණය කර ක්‍රියාත්මක කර බලන්නට හැකි වීම සුවිශේෂයි.

·         මුලින්ම අපි සරළ නිර්මාණයක් කරමු.
ඒ අනුව වියලි කෝෂයක්, ස්විච් එකක් සහ බලබ් එකක් භාවිතා කරලා නිර්මාණය කරන පරිපථයේ විදුලි බුබුල ස්විච් එක මාර්ගයෙන් නිවීමට හා දැමීමට හැකිද යන්න විමසා බලමු.

1.      KTechLab මෘදුකාංගය විවෘත කර ගන්න.
2.      අනතුරුව File > New >  කළ විට New File Detail Window එක ලැබෙයි. එයින් Circuit යන්න තෝරා OK කරන්න.
3.      දැන් ඔබට Untitled(Circuit) ලෙස Work space එකක් ලැබෙවි.
4.      ඒත් එක්කම ස්ක්‍රීන් ඒකේ දකුණු පැත්තේ Flow Parts, Components, Projects යනාදි වශයෙන් ලැබෙන අයිකන 3න්  Components යන්න තෝරා ගන්න.
5.      Components හොඳින් නිරීක්ෂණය කළ විට Scores, Swathes, Output ආදි වශයෙන් Categories ගණනාවක් දැක ගන්නට ලැබේ.
6.      මෙයින් Scores යටතේ ඇති විදුලි කෝෂය (Battery) තෝරා ගන්න. තෝරා ගැනීම සඳහා ක්ලික් කර ඇදගෙන විත් වැඩතලයට අතහරින්න. (විදුලි කෝෂයේ වෝල්ටීයතාවය වෙනස් කිරීම සඳහා විදුලි කෝෂය මත ක්ලික් කල විට standard Toolbar එකෙහි වෝල්ටීයතාවය වෙනස් කිරීමට අවශ්‍ය අයිකනය ලබා දෙයි.
7.      මීළගට Swathes යටතේ ඇති SPST නැමති ස්විචය ලබා ගන්න. ලබාගැනීම සඳහා ක්ලික් කර ඇදගෙන විත් වැඩතලයට අතහරින්න.
8.      අනතුරුව Output යටතේ ඇති Signal Lamp නැමති බල්බය ලබාගන්න. ලබාගැනීම සඳහා ක්ලික් කර ඇදගෙන විත් වැඩතලයට අතහරින්න.
9.      දැන් මේවායේ අග්‍ර වෙත මවුස් පොයින්ටරය ගෙනවිත් ක්ලික් කරමින් අනික් අග්‍රය වෙත ඇදගෙන යමින් සම්බන්ඳතාවයන් ගොඩනගන්න.
10.  දැන් ඔබට පහත ආකාරයෙන් පරිපථයක් දැක ගන්නට ලැබේවි. එහි ස්විචය මත ක්ලික් කරන්න. එවිට එය දැල්වුණු බව හා නිවුණු බව දැක ගන්නට ලැබේවි.



·         දෙවනුව අපි OR, AND සඳහා වන පරිපථ නිර්මාණය කරමු.
·         තෙවනුව සාමාන්‍ය පෙළ විද්‍යාව (10 /11ශ්‍රේණි වල) විද්‍යුතය පාඩම් සදහා වන ක්‍රියාකාරකම් මෙම මෘදුකාංගය ඔස්සේ නිර්මාණය කිරීමට උත්සාහ ගන්න.

තවත් ලිපියකින් හමුවෙමු.


2 comments:

බුද්ධික said...

mekenuth download wenne deb file ekak ne :D windows port 1k hoyanan na wage :D

saman's blog said...

සමාවෙන්න. හන්තාන එක්ක නම් ලැබෙනවා. ස්ථිරයි. මම පාවිච්චි කරන්නේ ඒක