Adobe Photoshop Cs5 - Text (2)

අද අපි තවදුරටත් කතා කරනුයේ Text සමගින් තවදුරටත් විවිධ ක්‍රියාකාරකම් කර ගන්නා ආකාරයයි. ඒ අනුව අද අපි මුලින්ම අකුරු වල වර්ණය වෙනස් ක ගන්නා ආකාරයක් විමසා බලමු.




  1.  අංක 01 යටතේ පෙන්වන Text Tool එක මත ක්ලික් කර අංක 03න් දැක්වෙන අයුරින් වචනයක් Type කර ගන්න.
  2. දෙවනුව අංක 02න් පෙන්වන Move Tool එක මත ක්ලික් කරන්න. එවිට Type කර ගත් වචනය වටේට Transform Controls දැක ගන්නට ලැබේවි. 
  3. අනතුරුව අංක 04න් දැක්වෙන Character Tool එක මත ක්ලික් කරන්න. එවිට දිගහැරෙන Character Window එක මතු වෙයි. 
  4. එහි අංක 05න් දැක්වෙන අයිකන මගින් අකුරු මෙන්ම අකුරු ප්‍රමාණ ආදී වු විවිධාකාර වූ අකුරු වල ගුණ වෙනස් කිරීමට පුළුවන. එහි දැක්වෙන අංක 06 කොටුව මත ක්ලික් කර ලැබෙන Color Pallet  එකෙහි කැමති වර්ණයක් මත ක්ලික් කර අකුරු වල වර්ණය වෙනස් කර ගැනීමට පුළුවන.
මීලගට අපි අකුරු ලොකුකුඩා කරන අන්ඳමත් එහා මෙහා ගෙන යන අන්ඳමත් විමසා බලමු.

  1. අකුරු Type කර ගැනීමෙන් අනතුරුව අංක 01 දැක්වෙන Move Tool එක ලබා ගත් විට අංක 02 දැක්වෙන අයුරින් වචනය වටේට Transform Controls පෙන්නුම් කරාවි. එම Controls මතට ක්ලික් කර ඇතුල් පැත්තට තල්ලු කිරීමෙන් අකුරු කුඩා කිරීමටත්, එළියට ඇදගෙන යාමෙන් විශාල කිරීමටත් පුළුවන්. 
  2. මෙම පියවරෙන් අනතුරුව අනිවාර්යයෙන් අංක 03න් පෙන්වන Apply මත ක්ලික් කර එය Apply කිරීම කර ගත යුතු වෙයි.
  3. මෙම වචනය ඒහා මෙහා ගෙන යාම සඳහා වචනයේ වටේට දැක්වෙන Controls තුල ක්ලික් කර Drag කර ගෙන ගොස් Drop කර ගන්න.
  4. පහත රූපයේ ආකාරයට අකුරු කැරකවීමට අවශ්‍ය නම් Transform Controls මතින් දශමයක් දෙකක් මවුස් පොයින්ටර් එක එළියට ගත් විට වක්‍රාකාර ඊතලයක් පෙන්නුම් කරයි. එවිට ක්ලික් කර මවුසය ඒහා මෙහා කරන විට අකුරු වක්‍රාකාරව ගමන් කරන අයුරු දැක ගන්නට පුළුවන් වෙයි.
  5. මේ ඔනැම ක්‍රියාකාරකමක් අවසානයේ දී Apply කිරීම සඳහා හරිය මත ක්ලික් කිරීම අනිවාර්ය බව මතක තබා ගන්න.

මෙය අත්හදා බලා ගැටළුවක් හො අදහස් ඇත්නම් දක්වන්න. මෙහි පෙර පාඩම් බැලීමට අවශය නම් මෙතන ක්ලික් කරන්න.

No comments: