Adobe Photoshop Cs5 - Text (1)

අද අපි කතා කරන්න යන්නේ අලුත් මාතෘකාවක්. ඒ තමයි Photoshop හි text භාවිතා කරන ආකාරය. මේ සඳහා අපි මුලින්ම පෙර පාඩම් වලදී සාකච්ඡා කල ක්‍රමයන් භාවිතා කර පසුබිම සකස් කර ගන්න. ඒ සඳහා පෙර පාඩම්   බැලීමට මෙතන ක්ලික් කරන්න.


ඒ අනුව පහත දැක්වෙන රූපය භාවිතා කර,




පහතින් දැක්වෙන අයුරින් පසුබිම් චිත්‍රයක් සකස් කර ගතිමු. 

මෙම චිතුය සඳහා අකුරු (Text) එක්කර ගන්නා ආකාරය තමයි අපි මීළගට විමසීමට යන්නේ.


  1. එ අනුව මුලින්ම අංක 1 න් පෙන්වන ආකාරයට Tool Box එකෙන් Horizontal Type Tool එක තෝරා ගන්න. 
  2. එවිට අංක දෙකෙන් පෙන්වන පරිදි Property Bar එකෙහි Font List Box එක දර්ශනය වන අතර එයින් Font List එක ලබා ගෙන කැමති Font එකක් තෝරා ගන්න.
  3. Font List Box එකට දකුණු පැත්තෙන් දෙවනියට තියෙන Font Size List Box එකෙන් අකුරු වලට ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. ඒ අනුව ගැලපෙන ප්‍රමාණයක් ලබා දෙන්න.
  4. අංක 03 න් දැක්වෙනුයේ පිටුවේ අකුරු ලිවිය යුතු තැනයි. එතනට ගොස් ක්ලික් කරන්න. අනතුරුව Type කර ගන්න.
  5. Type කර ගත් වචන මත ක්ලික් කර අපට අවශ්‍ය නම් Type කර ගත් වචන Select කර ගැනීමට පුළුවන. එසේ Select කර ගත් වචනයේ අකුරු හෝ ප්‍රමාණයන් මේ අවස්ථාවේ දී වුවද වෙනස් කර ගැනීමට පුළුවන. (Select කර ගැනීමට යාමේදී වචනය මතම ක්ලික් කිරීමට අමතක නොකරන්න)
  6. අවසාන වශයෙන් අංක 4න් දැක්වෙන ස්ථානයේ ඇති හරියට ක්ලික් කර Apply කරන්න.
  7. මේ ආකාරයෙන් රූපයේ අපට අවශ්‍ය ස්ථාන වලට ක්ලික් කර Text ඇතුලත් කිරීමට පුළුවන.
මෙය අත්හදා බලන්න. ගැටළු ඇතොත් කියන්න. Text පිළිබඳ තවදුරටත් ඉදිරිපාඩමෙනුත් විමසා බලමු.

No comments: