Adobe Photoshop Cs5 - Text (3)

 අද අපි  Photoshop CS5 භාවිතා කරලා අකුරු වලට Effects යොදන ආකාරය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මෙහිදී අපිට Effects ගණනාවක් එක් කරන ආකාරය කතා කළ යුතු වෙනවා. එයින් අපි අද එකක් පිළිබඳව විමසා බලමු.

ඒ තමයි,



අකුරු වලට සෙවනැල්ලක් දැමීම (Drop Shadow Effect)

  • මුලින්ම අදාල අකුරු පිටුව මත Type  කර ගන්න.
  • දෙවනුව Move Tool එක මත ක්ලික් කර ගෙන අවශ්‍ය පරිදි ප්‍රමාණ කර ගන්න. 
  • තෙවනුව එම අකුරු පහත රූපයේ පරිදි Select කරගන්න


  • දැන් පහත රූපයේ දැක්වෙන අන්ඳමට Effects ලබා දීම අවශ්‍ය Dialogue Box එක ලබි ගැලීමට කටයුතු කරන්න.
  • Select (මෙනුව) > Layer Style > Drop Shadow > මත ක්ලික් කරන්න.

  • එවිට පහත ආකාරයේ බෝක්ස් එකක් ලැබෙවි. එහි 1 සිට 4 දක්වා ලකුණු කර ඇති Option භාවිතා කරලා සෙවනැල්ලට විවිධ වෙනස් කම් සිදු කිරීමට පුළුවන.
  1. අංක 01 මගින් සෙවනැල්ලේ විනිවිද පෙනෙන ස්වාභාවය සකස් කර ගැනීමට පුළුවන.
  2. අංක 02 මගින් අකුරු සහ සෙවනැල්ල අතර දුර වෙනස් කිරීමට පුළුවන.
  3. අංක 03 මඟින් සෙවනැල්ල විහිදෙන ප්‍රමාණය සකස් කර ගැනීමට පුළුවන.
  4. අංක 04 මඟින් සෙවනැල්ලේ ප්‍රමාණය සකස් කර ගැනීමට පුළුවන. 

  • ඒ අනුව ඉහත Options එකක් හෝ කිහිපයක් වෙනස් කරමින් විවිද ආකාරයේ සෙවනැලි සකස් කර ගැනීමට පුළුවන. පහත දැක්වෙනුයේ ආකාර 03කට සකස් කැ ගත් සෙවනැලිය.

  • මීට පෙර අපි ඉගෙනගත් පාඩම්ද උපයෝගී කර ගනිමින් අද පාඩමත් භාවිතා කර නිර්මාණ කරන්න. අවසන් කළ නිර්මාණ මා වෙතත් එවන්න. ඒ සඳහා මෙම විද්‍යුත් ලිපිනය භාවිතා කරන්න. hmdsb.herath@gmail.com

මෙම පාඩමේ වීඩියෝ පැහැදිලි කිරීම කිරීම බැලීමට පහත සබැඳිය මත ක්ලික් කරන්න.
http://www.youtube.com/embed/mPgrg72AAu4

2 comments:

අතුල ආරියසේන said...

ඉතාම වැදගත් වේන්නේ ඕනැම ආධුනිකයෙකුටත් තේරෙන විදිහට කරුණු ඉදිරිපත් කරල කියෙන එක ගැනයි.ඉලස්ට්‍රේටර් පිළිබදවත් මේ විදිහට ලිපි පළ කළෝත් හොදයි කියා යෝජනා කරනවා. ඒ පිළිබදව ලිපි තිබෙන තැනක් හෝ දන්වන්නේ නම ස්තූති වන්ත වෙනවා.

saman's blog said...

බොහොම ස්තුතියි ඔබගේ අදහස් වලට.

ඉදිරියේ දී අනිවාර්යයෙන් ඔබගේ යෝජනාවට අනුව ඉලස්ට්‍රේටර් පිළිබදවත් ලිපි දමන්න බලාපොරොත්තු වෙනවා. මෙ පිළිබඳව ලිපි තියෙන තැනක් හරියටම කියන්න නම් දන්නේ නැ. බොහොවිට Guru.lk වල තියෙන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් නම් ගුගලි වල සර්ච් කලාම ඕනි තරමි තියෙනවා.