KGeography ගැන දැන ගනිමු

අද මම කතා කරන්නේ තවත් අපූරු මෘදුකාංගයක් ගැන. ඒ තමයි KGeography. මේක පාසල් පරිගණක විද්‍යාගාර වල තිබිය යුතුම මෘදුකාංගයක්. ඊට හේතුව ලෝකයේ රටවල නම් කොඩි සහ පිහිටීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව ඉගෙනගැනීම සදහා පහසුකම් මෙමගින් සපයන බැවිනි.

විශේෂයෙන් පාසල් කාලය තුලදී පරිගණක විද්‍යාගාරයට එන සිසුවාටත් භුගෝලය විෂය හදාරන සිසුවාටත් එකසේ ප්‍රයෝජනවත් මේ මෘදුකාංගය හන්තාන ලිනක්ස් සමගින් ලැබුන තවත් අපුරු මෘදුකාංගයකි.

ඒ අනුව මෙම ලිපිය ලියනුයේ හන්තාන ලිනක්ස් 15 පදනම් කර ගනිමිනි.



මුලින්ම Applications > Education > KGeography > මත ක්ලික් කරන්න.
එවිට පහත රූපයේ දැක්වෙන ආකාරයට අතුරුමුහුණතක් ලැබේවි.


මෙම මුහුණතේ වම් කෙළවරේ ඇති Open Map අයිකනය මත ක්ලික් කළ විට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබෙන අතර එයින් තමන් කැමති රටක් හෝ ප්‍රදේශයක් තෝරා ගැනීමට පුළුවන. වම් තීරුවෙන් රට තෝරාගෙන OK කරන්න.


දැන් මාගේ නිදර්ශනයට අනුව නම් Asia යන්න තෝරාගෙන ඇති අතර මීළගට අපි කළ යුත්තේ මෙම ප්‍රදේශය පිළිබද අපගේ දැනුම උරගා බැලීමට ක්‍රියාකාරකමක් තෝරා ගැනීමයි.


Test Your Self යටතේ ක්‍රියාකාරකම් හයක් පෙළ ගස්වාඇති අතර එයින් අපට කැමත් එකක් තෝරා ගැනීමට පුළුවන. මම පැහැදිලි කිරීමට අවශ්‍ය නිසා පළමු ක්‍රියාකාරකමේ සිටම විස්තර කරන්නයි යන්නේ.

ඒ අනුව,

1.  Location of Countries යන්න විමසා බලමු. 
      පළමු අයිකනය මත ක්ලික් කළ විට ලැබෙන සිතියම පහත ආකාරයේ එකකි.
      මෙහිදි කළ යුතු ක්‍රියාකාරකම වම් තිරුවේ ක්‍රියාකාරකම් වලට පහතින් දැක්වෙයි.
      Please Click On Laos ලෙසයි මාගේ උදාහරණයේ දැක්වෙන්නේ. ඒ අනුව අප කළ  
      යුත්තේ ලාඕසය මත ක්ලික් කිරීමයි. හරියට කලොත් ලකුණු ලැබෙන අතර නැතිනම් ලකුණු
      නොලැබෙනවා සේම අනික් ප්‍රශ්නය වෙත යොමු වෙයි.

     (ක්‍රියාකාකරකමට යොමු වීමේදී අවස්ථා දෙකක දී Dialogue Boxes දෙකක් ලැබේවි. ඒම
     මුල් සංවාද කොටුවෙන් ක්‍රියාකාරකමේ නමද, දෙවන කොටුවෙන් ක්‍රියාකාරකමට අවශ්‍ය ප්‍රශ්න
     සංඛ්‍යාව ලබා දීමත් කළ යුතුය. පළමුවැන්න කිසිම පියවරක් නොගෙනමත් දෙවැන්න ප්‍රශ්න
     සංඛ්‍යාවක්  ලබා දීත්  OK කරන්න.) 


2.   Place Countries in the map තමයි අපගේ දෙවන ක්‍රියාකාරකම වන්නේ. 
       එහිදි අප කළ යුත්තේ පහත රූපයේ පරිදි ලැබෙන හිස් සිතියමේ මවුස් පොයින්ටරයට එන
       රට නියමිත ස්ථානයට ගෙන ගොස් ස්ථානගත කිරීමයි. වැරදි තැනකට ගෙනගොස් ක්ලික්
       කලොත් නිවැරදි තැනට රට ස්ථානගත වුවත් ලකුණු නොලැබී යයි.

     (ක්‍රියාකාකරකමට යොමු වීමේදී අවස්ථා දෙකක දී Dialogue Boxes දෙකක් ලැබේවි. ඒම

     මුල් සංවාද කොටුවෙන් ක්‍රියාකාරකමේ නමද, දෙවන කොටුවෙන් ක්‍රියාකාරකමට අවශ්‍ය ප්‍රශ්න
     සංඛ්‍යාව ලබා දීමත් කළ යුතුය. පළමුවැන්න කිසිම පියවරක් නොගෙනමත් දෙවැන්න ප්‍රශ්න
     සංඛ්‍යාවක්  ලබා දීත්  OK කරන්න.) 

3.    Countries by Capital තමයි අපගේ මීළග ක්‍රියාකාරකම වන්නේ.
        මෙහිදී සිදු වන්නේ රටවල් වල අගනගරයෙන් ඒ කමන රටක අගනගරයද යන්න අපට
        තේරීමට අවස්ථාව සලසා දෙයි. නිවැරදි වරණය මත ක්ලික් කර පහතින් ඇති Accept මත
        ක්ලික් කල විට උත්තරය හරි නම් ලකුණු ලැබේ.  පහත දැක්වෙනුයේ එම අවස්ථාවයි.

        (ක්‍රියාකාකරකමට යොමු වීමේදී අවස්ථා දෙකක දී Dialogue Boxes දෙකක් ලැබේවි. ඒම

        මුල් සංවාද කොටුවෙන් ක්‍රියාකාරකමේ නමද, දෙවන කොටුවෙන් ක්‍රියාකාරකමට අවශ්‍ය  

        ප්‍රශ්න සංඛ්‍යාව ලබා දීමත් කළ යුතුය. පළමුවැන්න කිසිම පියවරක් නොගෙනමත් දෙවැන්න
        ප්‍රශ්න  සංඛ්‍යාවක්  ලබා දීත්  OK කරන්න.) 



4.      Countries by Flag තමයි ඊළග ක්‍රියාකාරකම. 
          මෙහිදී ලබෙ දෙන කොඩියට අදාල වන රට මත ක්ලික් කරලා Accept කරන්න ඕනි.
          පහත රූපසටහනෙන් එම ක්‍රියාකාරකම පෙන්වයි.

        (ක්‍රියාකාකරකමට යොමු වීමේදී අවස්ථා දෙකක දී Dialogue Boxes දෙකක් ලැබේවි. ඒම

        මුල් සංවාද කොටුවෙන් ක්‍රියාකාරකමේ නමද, දෙවන කොටුවෙන් ක්‍රියාකාරකමට අවශ්‍ය  

        ප්‍රශ්න සංඛ්‍යාව ලබා දීමත් කළ යුතුය. පළමුවැන්න කිසිම පියවරක් නොගෙනමත් දෙවැන්න
        ප්‍රශ්න  සංඛ්‍යාවක්  ලබා දීත්  OK කරන්න.)


5.     Flags of Country තමයි අවසාන ක්‍රියාකාරකම වනනේ. 
        පහත රූපයෙන් පෙන්වන පරිදි අදාල රටේ කොඩිය තේරීම තමයි කළ යුතු වන්නේ.

        (ක්‍රියාකාකරකමට යොමු වීමේදී අවස්ථා දෙකක දී Dialogue Boxes දෙකක් ලැබේවි. ඒම

         මුල් සංවාද කොටුවෙන් ක්‍රියාකාරකමේ නමද, දෙවන කොටුවෙන් ක්‍රියාකාරකමට අවශ්‍ය      
         ප්‍රශ්න සංඛ්‍යාව ලබා දීමත් කළ යුතුය. පළමුවැන්න කිසිම පියවරක් නොගෙනමත් දෙවැන්න
         ප්‍රශ්න සංඛ්‍යාවක්  ලබා දීත්  OK කරන්න.)   



පරිගණක අධාරක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සදහා මෙවැනි සරළ වැඩසටහන් අතිශයින් ප්‍රයෝජනවත් බව විශේෂයෙන් සදහන් කළ යුතු වන්නේ නැ. ඉංග්‍රීසියෙන් මෙම මෘදුකාංගය පැවතියත් එහි පවත්නා සරළ බව නිසාම ළමුන්ට හෝ එය භාවිතා කරන්නාට එය ගැටළුවක් නොවන තරමටම සරළ කර තිබීමද මෙහි පවත්නා විශේෂයකි.

මෙහි වීඩියෝ පැහැදිලි කීරීම නැරඹීම සදහා පහත සබැදියෙන් යන්න.

ඔබත් භාවිතා කර බලන්න

2 comments:

Anonymous said...

ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් එකක් නේ.. අපිට ඉතින් ජනෙල් නිසා දා ගන්න නම් බෑ.

saman's blog said...

බොහොම ස්තුතියි.